Skip to main content

Posts

පළමු මහලෙන් ඇද වැටී එලොව යයි

කළුතර, නාගොඩ රෝහල අසල උත්සව ශාලාවක පළමු මහලෙන් ඇද වැටී පුද්ගලයෙකු මියගොස් තිබේ. http://sinhala.adaderana.lk/news.php?nid=72890

දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු වෙනවා

දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු වන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි. http://sinhala.adaderana.lk/news.php?nid=72889

ඩෙංගු තවදුරටත් ඉහළ යාමේ අවදානමක්

ඉදිරි වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ඩෙංගු පැතිර යාම තවදුරටත් වේගවත් විය හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එම ඒකකයේ සංඛ්‍යා ලේඛනවලට අනුව මේ වනවිට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 42,141ක්.... Read More http://www.hirunews.lk/sinhala/160734

රජරට සම්මාන උළෙල 2017-ක්ෂේත්‍ර 10ක් යටතේ සම්මාන 28ක්

රජරට සම්මාන උළෙල 2017 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේදී පැවැත් විය. http://sinhala.adaderana.lk/news.php?nid=72888

ඡන්ද විමසීම කල්දෑමීමට හේතුව ජනතාව අවබෝධ කර ගත යුතුයි

පළාත් පාලන ඡන්ද විමසීම සිදු කිරිම දුෂ්කර වී ඇත්තේ සීමා නිර්ණයන් නිසි පරිදි සිදු නොකිරිම හේතුවෙන් බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. http://sinhala.adaderana.lk/news.php?nid=72887

බෞද්ධයින්ට දැඩි අභියෝගවලට මුහුණදීමට සිදුවෙලා

වෙසක් උත්සව කාලයේදී බෞද්ධයින්ගේ උනන්දුව අඩු වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. http://sinhala.adaderana.lk/news.php?nid=72886

යතුරුපැදි හිස්වැසුම් ගැන සංශෝධිත ගැසට් පත්‍රය යළි ගැසට් කිරීමට පියවර

යතුරුපැදි හිස්වැසුම් සම්බන්ධයෙන් සංශෝධිත ගැසට් පත්‍රය ලබන 09 වන දින යළි ගැසට් කිරීමට පියවර ගන්නා බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි. http://sinhala.adaderana.lk/news.php?nid=72885

අනුරුද්ධ පාදෙනියගේ හොරේ අල්ලන්න රන්ජන් ළමා ලෙඩෙක් වෙලා - පාදෙනිය රෝහල මග ඇරලා

අනුරුද්ධ පාදෙනියගේ හොරේ අල්ලන්න රන්ජන් ළමා ලෙඩෙක් වෙලා පාදෙනිය රෝහල මග ඇරලා ඊයේ දිවයින පුරා ක්‍රියාත්මක වූ වෛද්‍ය වැඩ වර්ජනය නිසා සාමාන්‍ය රෝහල් කටයුතු අඩාළ වුවද හවස්වරුවේ පුද්ගලික රෝහල් වල චැනලින් සේවාවන් සුපුරුදු පරිදි ක්‍රියාත්මක විය. ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණියද මෙම චැනලින් සේවාවට අදාළව නවලෝක රෝහලේ ඊයේ (4) සවස රෝගීන් පරීක්ෂාවට විවෘතව සිටි අතර ඔහු වෙනුවෙන් අන්තර්ජාලයේ ඩොක් 990 වෙනුවෙන් වේලාවක් වෙන්කරගැනීමේ පහසුකමද තිබුණි. මේ හොරය අල්ලන්නට සිතා ළමා ලෙඩෙකු ලෙස වේලාවක් වෙන් කරගන්නට නි.ඇමති රන්ජන් රාමනායක කටයුතු කර තිබුණි. ඔහු පෙරේදා  (3) රාත්‍රියේ ඔහුගේ නමින්ම අන්තර්ජාලය හරහා පාදෙණියගේ ලැයිස්තුවේ 6 වැනි අංකය වෙන් කර ගත් අතර වෛද්‍ය වර්ජනය පැවති ඊයේ දහවල් 11 ට පමණ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා මේ ගැන හෙළිදරව් කරමින් කියා සිටියේ තමා වෛද්‍යවරයා පරීක්ෂාව පිණිස රුපියල් 1925ක් ගෙවා මෙම වෙන්කරගැනීම සිදු කළ බවත් දවල් 11 වනතුරුත් එම වෙන් කිරීම අවලංගු කර නැති බවත්ය.ඒ අනුව වෛද්‍ය පාදෙණිය ඊයේ සවස පුද්ගලික වෛද්‍ය ප්‍රතිකාර කරන්නට ස...

මට ද්විත්ව පුරවැසිකමක් නෑ - මහින්ද සමරසිංහ

තමා ද්විත්ව පුරවැසිකම් දරන්නෙකු යයි පැතිරෙන කටකතා සත්‍යාෙයන් තොර බවත් එවැනි චෝදනා කරන කිසිවෙකු වේ නම් ඔප්පු කර පෙන්වන්නැයි තමා අභියෝග කරන බවත් ඇමති මහින්ද සමරසිංහ ඊයේ ශ්‍රිලනිප මූලස්ථානයේ පැවති රැස්වීමකදී දන්වා සිටියා. ‘මට අවුරුදු 61 ක් වෙනවා. මං ජීවිතේ මේ දක්වා වෙනත් රටක පුරවැසිකමක් අයදුම් කර නැහැ. පහුගිය කාලේ මං ලංකාව වෙනුවෙන් ඇමරිකාවට එරෙහිව ජිනීවාහිදී කතා කළා.මට ඇමරිකානු පුරවැසිකමක් තිබුණනම් මට මේ මව් රට වෙනුවෙන් කථාකරන්න හැකියාවකුත් නැහැ නේද?‘ ඔහු එහිදී කියා සිටියේය. http://www.gossiplankanews.com/2017/05/mahinda-samarasinghe-dual-citizenship.html

Tele Actor Gayan Hettiarachchi’s Wedding

Pix By - Indika Mallawarachchi http://www.gossiplankanews.com/2017/05/tele-actor-gayan-hettiarachchis-wedding.html

තනියෙන් දඩ කොළ ලියන්න බෑලු හාලි ඇළදී පොලිස් නිලධාරියෙකුට තරුණයෙකුගෙන් අභියෝගයක්

තනියෙන් දඩ කොළ ලියන්න බෑලු හාලි ඇළදී පොලිස් නිලධාරියෙකුට තරුණයෙකුගෙන් අභියෝගයක් අද දිනයේ හාලිඇළ ප්‍රදේශයේ මාර්ග නීතියක් උල්ලංඝනය කළ තරුණයෙකු හා පොලිස් නිලධාරියෙකු සම්බන්ධ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇති කර තිබේ. තරුණයෙකුගේ එම වරද සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙකු නීතිය ක්‍රීයාත්මක කරන්නට යාමේදී එම දඩ කොළය තනියෙන් ලියන්නට බෑ යයි චෝදනා කරමින් අදාළ තරුණයා වාදයක පැටලී තිබේ. පොලිස් නිලධාරියා පවසන්නේ තනියෙන් ලියන්නට බැරි නීතියක් නීති පොතේ නැති බවකි. රියදුරු බලපත රැගෙන යාමක් ගැනද තරුණයා ප්‍රශ්න කරන අතර එම අවස්ථාවේ වටේ සිටි පිරිස් බලයද සමග කෑගසමින් පොලිස් නිලධාරියාගේ රාජකාරියට ඉඩ නොදුන් ඔහු පොලිසියේදී ගැටලුව නිරාකරණයට යෝජනා කරමින් පොලිස් නිලධාරියා සමග පොලිසියට යන අයුරු වීඩියෝවේ දැක්වේ. තරුණයා මෙම අවස්ථාවේ තමා ලෝ ෆැකල්ටියේ සිසුවෙකු ලෙසද පොලිස් නිලධාරියාට හඳුන්වා දෙයි. එම සංවාදය පහතින් http://www.gossiplankanews.com/2017/05/hali-ela-police.html

අද වැඩ වර්ජනේ රෝහල් අඩපණ වුවත් - කෝච්චි සියයට 80 ක් දුවලා -ලංගම බස් සියල්ල දුවලා- වැහුවෙ පාසල් 2 ක් පමණයි

අද වැඩ වර්ජනේ රෝහල් අඩපණ වුවත්  කෝච්චි සියයට 80 ක් දුවලා  ලංගම බස් සියල්ල දුවලා වැහුවෙ පාසල් 2 ක් පමණයි  සයිටම් ආයතනය වසා දමන ලෙස ඉල්ලා අද උදෑසන 08.00 සිට සෞඛ්‍ය,ගුරු හා ප්‍රවාහන සංකේත වර්ජනයක් දියත් කරන බව ඊයේ දැනුම් දී තිබුණද ඒ කියූ තරම් වර්ජන තත්වයක් ඇතැම් ක්ෂෙත්‍රවල දක්නට නොතිබුණ බව දහවල් වනවිට වාර්තා විය. අද පාසල්වල ගුරුවරුන් ලෙඩ නිවාඩු දමා පාසල් අඩපණ වනු ඇතැයි පැවසූවද බොහෝ පාසල් සාමාන්‍ය ලෙස ක්‍රියාත්මක වූ අතර අධ්‍යාපන ඇමතිවරයා දන්වා සිටියේ කැකිරාව මහා විද්‍යාලය හා හම්බන්තොට මධ්‍ය මහා විද්‍යාලය පමණක් වර්ජනය නිසා අඩපණ වූ බවකි. නමුත් ලංකා ගුරු සංගමය දන්වා සිටියේ ග්‍රාමීය පාසල් මේ වර්ජනය නිසා අඩපණ වූ බවකි. අද දින පුද්ගලික බස් රථ මෙන්ම ලංගම බස් රථ සුපුරුදු පරිදි ධාවනය වූ අතර වර්ජනයක සේයාවක්වත් දිස්වූයේ නැත.  දුම්රිය ධාවනය යම් තරමකට අඩාළ වූ නමුත් උදෑසන කොළඹ දෙසට ධාවනය වූ දුම්රිය සියල්ලම පාහේ පැමිණි බවත් යම් යම් දුම්රිය කිහිපයක් පමණක් අඩපණ වූ නමුත් එම ප්‍රතිශතය සියයට 20 ක් තරම් අවම බවත් දුම්රිය සාමාන්‍යධිකාරවරයා දැනුම් දෙන ලදි. අද දින දිවයින පුරා රෝහල්වල වර්ජනය ...

මන්ත්‍රී කාංචන විජේසේකර ඒකාබද්ධය හැර යයි

අද දිනයේ සිට ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු වලින් මදක් ඉවත්වන බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු. මන්ත්‍රී කාංචන විජේසේකර මහතා පවසයි. සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කරයි. එම සටහන පහත පරිදිය http://www.gossiplankanews.com/2017/05/kanchana-wijesekara.html

Pani Makuluwo Film Premiere

Pix By -Indika Mallawarachchi http://www.gossiplankanews.com/2017/05/pani-makuluwo-film-premiere.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html

ස්විස් විවාහෙ කඩාගෙනයි මං ගාලු ජනතා සේවෙට ආවෙ - තනතුරු අහිමිවීමෙන් පසු ගීතා කියයි

උසාවි තීන්දුව ප්‍රකාරව සිය මන්ත්‍රී ධූරය අහිමිවන බව දැනගැනීෙමන් පසු ගීතා කුමාරසිංහ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාෙව්දී මෙසේ කියා සිටියාය. 'මම උසාවියේ තීන්දුවට හිස නමනවා. අපේ රටේ සියලුම පුරවැසියන්ට තියන අයිතියක්.තමන්ට විරුද්ධව මෙවැනි දෙයක් වුණහම ඊට ඉහළින් තියන උසාවියකට යන එක. ඒ නිසා මම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් ගොනු කරන්න සියල්ල සූදානම් කර තියෙනවා. 65000 ක් මට ඡන්දෙ දීපු ජනතාවට වෙච්ච අසාධාරණයක් මේක. කලබල වෙන්න එපා ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව එනතුරු බලා ඉමු. අනිත් එක මං ජනතාවට කියනවා ස්විට්සර්ලන්තයේමට තිබිච්ච සියලු සම්පත් මං අතෑරල දාලා ඒ පුරවැසිභාවය අයින් කරගත්ත කෙනෙක් හැටියට මම කණගාටු වෙනවා. අද මෙවැනි තත්වයකට මාව ගෙනාවෙ පැරදිච්ච එක්කෙනෙක් මෙතැන්ට එන්න කරන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි. මේ මුකුත්ම නෑනෙ මම ආණ්ඩුවට එකතු වුණානම්. මගේ දේවල් සියල්ල නැති කරගනිමින් විවාහයේත් ප්‍රශ්න ඇති කරගනිමින්. මම ජනතාව වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. ඒක අදත් කරනවා මං හෙටත් කරනවා. මොනදේ නැති වුණත් මං තාම ගීතා කුමාරසිංහ.' http://www.gossiplankanews.com/2017/05/geetha-speaks.html

ඕනම මෝඩයෙකුට ස්ට්‍රයික් කරන්න පුළුවන් (සිකුරාදා කාටූන්)

http://www.gossiplankanews.com/2017/05/strike-cartoon.html

පෙම් පලහිලව්ව නිසා අධිබල විදුලි කණුවට තරුණයකු නැග පළාතක් කළුවර කරයි

පෙම් පලහිලව්ව නිසා අධිබල විදුලි කණුවට තරුණයකු නැග  පළාතක් කළුවර කරයි තම පෙම් පලහිලව්ව නිසා රැකියාවේ අර්බුදයක් හටගෙන ඇතැයි දක්වමින් එය විසඳන ලෙස ඉල්ලා හිඟුරක්‌ගොඩ දිය බුබුල ප්‍රදේශයේ පිහිටි කිලෝ වෝට්‌ එක්‌ලක්‌ෂ විසිදහසක ධාරිතාවක්‌ ගමන් ගන්නා විදුලි රැහැන් කණුවක තරුණයෙකු නැගීම නිසා ඊයේ කලබලයක් හටගත්තා.  පැය පහළොවකට ආසන්න කාලයක්‌ විරෝධතාවයේ නිරත වූ තරුණයා ගලවා ගැනීමේ අදහසින් ප්‍රදේශවාසීන් විවිධ ප්‍රයත්න දැරූ අතර පොලිසියද මැදිහත්වී පසුව පළාතේම විදුලිය විසන්ධි කර ඔහු ආයාසයකින් බිමට බස්‌සවා ගෙන ඔහුගේ ජීවිතය ගලවා ගෙන තිබේ‍ෙ මේ ලෙස විරෝධතාවක නිරතව සිට ඇත්තේ රක්‌වාන, හෙට්‌ටිවත්ත ප්‍රදේශයේ පදිංචි නිරෝෂන් රුවන් ගමගේ  නම් 22 හැවිරිදි තරුණයෙකි. පෙරේදා (03 දා) සවස සිට අධිබල විදුලි රැහැන් කණුවේ නැඟ විරෝධතාවේ නිරතවූ ඔහු දන්වා සිටියේ තමන්ගේ පෙම් සබඳතාවය සහල් මෝල් රැකියා ස්ථානයට ආරංචිවීමෙන් පසුව රැකියාව අහිමිවීමේ ගැටලුවක් මතුව ඇති බවයි. ඔහුගේ පුද්ගලික ප්‍රශ්නය නිසා පොළොන්නරුව හා නැගෙනහිර පළාතේ ප්‍රදේශ කීපයක පැය කිහිපයක් විදුලි සැපයුම අත්හිටුවන්නට සිදුවිය. ඔහුව බේරාගැනීමෙන් පසු පොලිස් අත්අ...

සයිටම් නඩු තීන්දුව විවේචනය කළැයි සරත් විජේසූරියගෙන් පාදෙණියට නඩු

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අභියාචනාධිකරන අධිකාරි බලය. හෑල්ලූවකට ලක් කර ඇති බව කියමින් ඒ පිළිබඳ විභාගයක් පවත්වා ඔහුට සුදුසු දඩුවමක් නියම කරන ලෙස ඉල්ලා ඊයේ (04) අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කෙරිණි. මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ලබා දෙන වෛද්‍ය උපාධිය පිළිගෙන එම සිසුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව විවේචනය කළැයි පෙත්සමෙන් ඔහුට එරෙහිව චෝදනා කර තිබේ. සාධාරණ සමාජයක් උදෙසා වන ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු වන මහාචාර්ය සරත් විජේසූරිය සහ පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණි වියන්ගොඩ මහත්වරුන් විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත. එම සංගමය ඉකුත් අප්‍රේල් 07 වැනිදා දීපව්‍යාප්තව පැවැත්වූ සංකේත වැඩවර්ජනයෙන් අනතුරුව එදින සවස කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවති රැස්වීමේදී සයිටම් නඩු තීන්දුව ගැන වගඋත්තරකාර සභාපතිවරයා අපහාසාත්මක හා නිර්දය අයුරින් විවේචනය කර ඇතැයි පෙත්සම්කරුවෝ කියා සිටිති http://www.gossiplankanews.com/2017/05/sarath-padeniya.html

පැහැරගත් ගම්පොළ තරුණයා සහ දරුවා තවම අතුරුදන්

ගම්පොළ ගඟාවට ප්‍රදේශයේ පදිංචි අවුරුදු දෙකහමාරක් වයසැති පිරිමි දරුවකු සහ 26 හැවිරිදි තරුණයකු පැහැර ගැනිමට ලක් වූ බවට තොරතුරු වාර්තා වෙයි.දරුවා සමඟ අතුරුදන් වූ තරුණයා පවුලේ ඥාතියෙකු බවත්,  දිවා ආහාරය රැගෙන ඔහුගේ ව්‍යාපාරික ස්ථානය වෙත පැමිණෙමින් සිටියදී  අතුරුදන්වී ඇති බවත් වාර්තා විය. පෙරේදා දින (03)  සිට ඔවුන් අතුරුදන්ව ඇති බවට පොලිසියට පැමිණිලි කර තිබියදී ඊයේ පස්වරුවේ පුද්ගලයෙකු පැහැර ගැනිමට ලක්වු තරුණයාගේ ජංගම දුරකතනයෙන් දරුවාගේ පියාට ඇමතුමක් දී දෙදෙනාම නිදහස් කිරිමට රුපියල් ලක්ෂ 30 කප්පම් මුදලක් ඉල්ලා ඇති අතර පසුව දරුවාගේ පියා විසින් එම කප්පම් මුදල රුපියල් ලක්ෂ 10 දක්වා අඩු කරගෙන ඇති බවද කියැවිණි. http://www.gossiplankanews.com/2017/05/gampola-kidnap-incident.html