Skip to main content

අද වැඩ වර්ජනේ රෝහල් අඩපණ වුවත් - කෝච්චි සියයට 80 ක් දුවලා -ලංගම බස් සියල්ල දුවලා- වැහුවෙ පාසල් 2 ක් පමණයි


අද වැඩ වර්ජනේ රෝහල් අඩපණ වුවත් 
කෝච්චි සියයට 80 ක් දුවලා 
ලංගම බස් සියල්ල දුවලා
වැහුවෙ පාසල් 2 ක් පමණයි


 සයිටම් ආයතනය වසා දමන ලෙස ඉල්ලා අද උදෑසන 08.00 සිට සෞඛ්‍ය,ගුරු හා ප්‍රවාහන සංකේත වර්ජනයක් දියත් කරන බව ඊයේ දැනුම් දී තිබුණද ඒ කියූ තරම් වර්ජන තත්වයක් ඇතැම් ක්ෂෙත්‍රවල දක්නට නොතිබුණ බව දහවල් වනවිට වාර්තා විය.
අද පාසල්වල ගුරුවරුන් ලෙඩ නිවාඩු දමා පාසල් අඩපණ වනු ඇතැයි පැවසූවද බොහෝ පාසල් සාමාන්‍ය ලෙස ක්‍රියාත්මක වූ අතර
අධ්‍යාපන ඇමතිවරයා දන්වා සිටියේ
කැකිරාව මහා විද්‍යාලය හා හම්බන්තොට මධ්‍ය මහා විද්‍යාලය පමණක් වර්ජනය නිසා අඩපණ වූ බවකි.

නමුත් ලංකා ගුරු සංගමය දන්වා සිටියේ ග්‍රාමීය පාසල් මේ වර්ජනය නිසා අඩපණ වූ බවකි.

අද දින පුද්ගලික බස් රථ මෙන්ම ලංගම බස් රථ සුපුරුදු පරිදි ධාවනය වූ අතර වර්ජනයක සේයාවක්වත් දිස්වූයේ නැත.
 දුම්රිය ධාවනය යම් තරමකට අඩාළ වූ නමුත් උදෑසන කොළඹ දෙසට ධාවනය වූ දුම්රිය සියල්ලම පාහේ පැමිණි බවත් යම් යම් දුම්රිය කිහිපයක් පමණක් අඩපණ වූ නමුත් එම ප්‍රතිශතය සියයට 20 ක් තරම් අවම බවත් දුම්රිය සාමාන්‍යධිකාරවරයා දැනුම් දෙන ලදි.

අද දින දිවයින පුරා රෝහල්වල වර්ජනය සාර්ථක වූ අතර රෝහල් රාශියක් අඩපණ විය. කෙසේ වෙතත් රජයේ විශේෂඥ වෛද්‍යවරුන් වෙනස් මතයක් දැරීම නිසා වර්ජනයට එක්වූයේ නැත. ළමා රෝහල් හා අත්‍යවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක විය.



http://www.gossiplankanews.com/2017/05/general-strike-report.html

Comments

Popular posts from this blog

ස්විස් විවාහෙ කඩාගෙනයි මං ගාලු ජනතා සේවෙට ආවෙ - තනතුරු අහිමිවීමෙන් පසු ගීතා කියයි

උසාවි තීන්දුව ප්‍රකාරව සිය මන්ත්‍රී ධූරය අහිමිවන බව දැනගැනීෙමන් පසු ගීතා කුමාරසිංහ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාෙව්දී මෙසේ කියා සිටියාය. 'මම උසාවියේ තීන්දුවට හිස නමනවා. අපේ රටේ සියලුම පුරවැසියන්ට තියන අයිතියක්.තමන්ට විරුද්ධව මෙවැනි දෙයක් වුණහම ඊට ඉහළින් තියන උසාවියකට යන එක. ඒ නිසා මම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් ගොනු කරන්න සියල්ල සූදානම් කර තියෙනවා. 65000 ක් මට ඡන්දෙ දීපු ජනතාවට වෙච්ච අසාධාරණයක් මේක. කලබල වෙන්න එපා ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව එනතුරු බලා ඉමු. අනිත් එක මං ජනතාවට කියනවා ස්විට්සර්ලන්තයේමට තිබිච්ච සියලු සම්පත් මං අතෑරල දාලා ඒ පුරවැසිභාවය අයින් කරගත්ත කෙනෙක් හැටියට මම කණගාටු වෙනවා. අද මෙවැනි තත්වයකට මාව ගෙනාවෙ පැරදිච්ච එක්කෙනෙක් මෙතැන්ට එන්න කරන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි. මේ මුකුත්ම නෑනෙ මම ආණ්ඩුවට එකතු වුණානම්. මගේ දේවල් සියල්ල නැති කරගනිමින් විවාහයේත් ප්‍රශ්න ඇති කරගනිමින්. මම ජනතාව වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. ඒක අදත් කරනවා මං හෙටත් කරනවා. මොනදේ නැති වුණත් මං තාම ගීතා කුමාරසිංහ.' http://www.gossiplankanews.com/2017/05/geetha-speaks.html

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html