රහත්වෙන ටාගට් එක ඇචීව් කළාට මට භොතික සම්පත් පාචිච්චිය තහනම් නෑ - සමන්තභද්ර හිමි සමන්තභද්ර හාමුදුරුවෝ කාලෙන් කාලෙට විවිධ ආන්දෝලනාත්මක සිදුවීම් ඇතිකරන හාමුදුරු නමක්. ඇයි මේ? ලංකාව හරිම සාම්ප්රදායික සමාජයක්. මේ සාම්ප්රදායික සමාජයේ දාර්ශනිකයෝ නෑ. විද්වතුන් නෑ. උගතුන් නෑ. පොඩි කොටුවකට හිරවෙලා ජීවත්වෙන භික්ෂූන්යැයි කියාගන්න පිරිසක් ජීවත්වෙනවා. යම් සමාජයක හොඳ දර්ශනයක් තියන හොඳ මතයක් තියන හොඳ උගත්කමක් තියන හොඳ අදහස් තියන නිර්මාණශීලි අදහස් තියන කෙනෙක් පහළ වුණාම අර සම්ප්රදායික කුහක මිනිසුන්ගෙන් පිරුණ සමාජයක ඒ නිර්මාණශීලි අය දාර්ශනිකයි මේ සමාජයේ උගතුන් දාර්ශනිකයින් නෑ කියලා ඔබවහන්සේ කොහොමද කියන්නේ? ගෞතම බුදුන් වහන්සේ භාරතීය සමාජය තුළ විශාල ආන්දෝලනාත්මක චරිතයක්. අම්බපාලි කියන්නේ බුද්ධකාලීන ප්රසිද්ධ ගණිකාවක්. බුදුන් වහන්සේට ආරාධනා කළා ඇගේ නිවසට දානයට වඩින්න කියලා. අද කොළඹ ඉන්න ගණිකාවක් ඇවිත් මට ආරාධනා කරලා මම දානයට වැඩියොත් මේ සමාජය කැමැති වෙයිද මම ඒකට යනවට. ඒත් බුදුන් වහන්සේ අම්බපාලිගේ නිවසට වැඩියා. ආන්දෝලනාත්මකයි, විප්ලවාදියි, පිරිසිදුයි. රකින්න කියලා අමුතු දෙයක් නෑ... උන්වහන්සේ පිරි...
Comments
Post a Comment