Skip to main content

පෙම් පලහිලව්ව නිසා අධිබල විදුලි කණුවට තරුණයකු නැග පළාතක් කළුවර කරයි



පෙම් පලහිලව්ව නිසා අධිබල විදුලි කණුවට
තරුණයකු නැග 

පළාතක් කළුවර කරයි

තම පෙම් පලහිලව්ව නිසා රැකියාවේ අර්බුදයක් හටගෙන ඇතැයි දක්වමින් එය විසඳන ලෙස ඉල්ලා හිඟුරක්‌ගොඩ දිය බුබුල ප්‍රදේශයේ පිහිටි කිලෝ වෝට්‌ එක්‌ලක්‌ෂ විසිදහසක ධාරිතාවක්‌ ගමන් ගන්නා විදුලි රැහැන් කණුවක තරුණයෙකු නැගීම නිසා ඊයේ කලබලයක් හටගත්තා.
 පැය පහළොවකට ආසන්න කාලයක්‌ විරෝධතාවයේ නිරත වූ තරුණයා ගලවා ගැනීමේ අදහසින් ප්‍රදේශවාසීන් විවිධ ප්‍රයත්න දැරූ අතර පොලිසියද මැදිහත්වී පසුව පළාතේම විදුලිය විසන්ධි කර ඔහු ආයාසයකින් බිමට බස්‌සවා ගෙන
ඔහුගේ ජීවිතය ගලවා ගෙන තිබේ‍ෙ

මේ ලෙස විරෝධතාවක නිරතව සිට ඇත්තේ රක්‌වාන, හෙට්‌ටිවත්ත ප්‍රදේශයේ පදිංචි නිරෝෂන් රුවන් ගමගේ  නම් 22 හැවිරිදි තරුණයෙකි. පෙරේදා (03 දා) සවස සිට අධිබල විදුලි රැහැන් කණුවේ නැඟ විරෝධතාවේ නිරතවූ ඔහු දන්වා සිටියේ තමන්ගේ පෙම් සබඳතාවය සහල් මෝල් රැකියා ස්ථානයට ආරංචිවීමෙන් පසුව රැකියාව අහිමිවීමේ ගැටලුවක් මතුව ඇති බවයි.

ඔහුගේ පුද්ගලික ප්‍රශ්නය නිසා පොළොන්නරුව හා නැගෙනහිර පළාතේ ප්‍රදේශ කීපයක පැය කිහිපයක් විදුලි සැපයුම අත්හිටුවන්නට සිදුවිය.
ඔහුව බේරාගැනීමෙන් පසු පොලිස් අත්අඩංගුවට පත්වූ අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



http://www.gossiplankanews.com/2017/05/youth-protest-on-hi-power-electricity.html

Comments

Popular posts from this blog

ස්විස් විවාහෙ කඩාගෙනයි මං ගාලු ජනතා සේවෙට ආවෙ - තනතුරු අහිමිවීමෙන් පසු ගීතා කියයි

උසාවි තීන්දුව ප්‍රකාරව සිය මන්ත්‍රී ධූරය අහිමිවන බව දැනගැනීෙමන් පසු ගීතා කුමාරසිංහ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාෙව්දී මෙසේ කියා සිටියාය. 'මම උසාවියේ තීන්දුවට හිස නමනවා. අපේ රටේ සියලුම පුරවැසියන්ට තියන අයිතියක්.තමන්ට විරුද්ධව මෙවැනි දෙයක් වුණහම ඊට ඉහළින් තියන උසාවියකට යන එක. ඒ නිසා මම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් ගොනු කරන්න සියල්ල සූදානම් කර තියෙනවා. 65000 ක් මට ඡන්දෙ දීපු ජනතාවට වෙච්ච අසාධාරණයක් මේක. කලබල වෙන්න එපා ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව එනතුරු බලා ඉමු. අනිත් එක මං ජනතාවට කියනවා ස්විට්සර්ලන්තයේමට තිබිච්ච සියලු සම්පත් මං අතෑරල දාලා ඒ පුරවැසිභාවය අයින් කරගත්ත කෙනෙක් හැටියට මම කණගාටු වෙනවා. අද මෙවැනි තත්වයකට මාව ගෙනාවෙ පැරදිච්ච එක්කෙනෙක් මෙතැන්ට එන්න කරන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි. මේ මුකුත්ම නෑනෙ මම ආණ්ඩුවට එකතු වුණානම්. මගේ දේවල් සියල්ල නැති කරගනිමින් විවාහයේත් ප්‍රශ්න ඇති කරගනිමින්. මම ජනතාව වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. ඒක අදත් කරනවා මං හෙටත් කරනවා. මොනදේ නැති වුණත් මං තාම ගීතා කුමාරසිංහ.' http://www.gossiplankanews.com/2017/05/geetha-speaks.html

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html