Skip to main content

අනුරුද්ධ පාදෙනියගේ හොරේ අල්ලන්න රන්ජන් ළමා ලෙඩෙක් වෙලා - පාදෙනිය රෝහල මග ඇරලා


අනුරුද්ධ පාදෙනියගේ හොරේ අල්ලන්න
රන්ජන් ළමා ලෙඩෙක් වෙලා

පාදෙනිය රෝහල මග ඇරලා

ඊයේ දිවයින පුරා ක්‍රියාත්මක වූ වෛද්‍ය වැඩ වර්ජනය නිසා සාමාන්‍ය රෝහල් කටයුතු අඩාළ වුවද හවස්වරුවේ පුද්ගලික රෝහල් වල චැනලින් සේවාවන් සුපුරුදු පරිදි ක්‍රියාත්මක විය.
ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණියද මෙම චැනලින් සේවාවට අදාළව නවලෝක රෝහලේ ඊයේ (4) සවස රෝගීන් පරීක්ෂාවට විවෘතව සිටි අතර ඔහු වෙනුවෙන් අන්තර්ජාලයේ ඩොක් 990 වෙනුවෙන් වේලාවක් වෙන්කරගැනීමේ පහසුකමද තිබුණි.
මේ හොරය අල්ලන්නට සිතා ළමා ලෙඩෙකු ලෙස වේලාවක් වෙන් කරගන්නට නි.ඇමති රන්ජන් රාමනායක
කටයුතු කර තිබුණි. ඔහු පෙරේදා  (3) රාත්‍රියේ ඔහුගේ නමින්ම අන්තර්ජාලය හරහා පාදෙණියගේ ලැයිස්තුවේ 6 වැනි අංකය වෙන් කර ගත් අතර වෛද්‍ය වර්ජනය පැවති ඊයේ දහවල් 11 ට පමණ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා මේ ගැන හෙළිදරව් කරමින් කියා සිටියේ තමා වෛද්‍යවරයා පරීක්ෂාව පිණිස

රුපියල් 1925ක් ගෙවා මෙම වෙන්කරගැනීම සිදු කළ බවත් දවල් 11 වනතුරුත් එම වෙන් කිරීම අවලංගු කර නැති බවත්ය.ඒ අනුව වෛද්‍ය පාදෙණිය ඊයේ සවස පුද්ගලික වෛද්‍ය ප්‍රතිකාර කරන්නට සූදානමින් සිටින බව ඔහු අනාවරණය කළේය.

ජනතාවට වර්ජනය ප‍ෙන්වමින් තම පුද්ගලිකත්වය හමුවේ පාඩුවක් කරනොගන්නා මෙම වෛද්‍යවරයා දේශපාලන අවශ්‍යතාවයන් මත රට ඉදිරියේ සයිටම් විරෝධය රඟදැක්වීමක් කරන බවද දන්වා සිටියේය.
කෙසේ වෙතත් රන්ජන්ගේ ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසුව හවස් වරුවේ වෛද්‍ය පාදෙණියගේ රෝගීන් ලැයිස්තුවට නවලෝක රෝහලෙන් දුරකථන ඇමතුම් ලැබී ඇති අතර එහිදී දන්වා ඇත්තේ වෛද්‍යවරයා එදින නොපැමිණෙන බවත් වේලාව පසු දිනකට කල්දමා ඇති බවත්ය.

පසුව බීබීසීය වෙත අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා වෛද්‍ය පාදෙණිය නවලෝක රෝහලේ එදින ප්‍රතිකාර නොකරන බවට කල් ඇතිව දැනුම් දුන් නමුත් වෙබ් අඩවිය යාවත් කාල නොවූ නිසා රන්ජන්ට ‘ඇපොයින්ට්මන්ට්‘ ගන්නට හැකිවූ බවත් දන්වා ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඩොක් 990 ආයතනය විමසීමේදී ඔවුන් එවැනි දෝෂයක් කිසිසේත් සිදුවිය නොහැකි බව දන්වා ඇත. වෛද්‍යවරුන් නොපැමිණෙන බව දැන්වීමේ විධිමත් ක්‍රමවේදයක් ඔවුන්ගේ පද්ධතිය තුළ පවතින බවත් දුරබැහැර රෝගීන් අපහසුතාවයට ලක්විය හැකි නිසා එය දැන්වූ විගසම වෙබ් අඩවියේ පැය 24 සේවයේ නියුතු කාර්ය මණ්ඩලය යාවත්කාල කරන බවත් යම් හෙයකින් සිදුවන අවලංගුවීම් පවා රෝගීන් වෙත දුරකථන ඔස්සේ දැනුම් දීමටද ප්‍රමාදයක් සිදු නොවන බවත් ඔවුන් දන්වා ඇත.

රන්ජන්ගේ චැනලින් වෙන්කිරීමට අදාළ රිසිට් පත පහතින්



http://www.gossiplankanews.com/2017/05/ranjan-padeniya.html

Comments

Popular posts from this blog

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html

රුපියල ශක්තිමත් වෙයි

අපනයනකරුවන් විසින් ඩොලර් විනිමය විකිණීමත්, ස්වෛරීත්ව බැඳුම්කර සහ සම්මිලිත ණය මුදල් ලැබීමේ අපේක්ෂාවෙන් රුපියල ශක්තිමත්වීමත් දැන් දක්නට ලැබෙනවා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ දිනයේ... Read More http://www.hirunews.lk/sinhala/business/160740