Skip to main content

අනුරුද්ධ පාදෙනියගේ හොරේ අල්ලන්න රන්ජන් ළමා ලෙඩෙක් වෙලා - පාදෙනිය රෝහල මග ඇරලා


අනුරුද්ධ පාදෙනියගේ හොරේ අල්ලන්න
රන්ජන් ළමා ලෙඩෙක් වෙලා

පාදෙනිය රෝහල මග ඇරලා

ඊයේ දිවයින පුරා ක්‍රියාත්මක වූ වෛද්‍ය වැඩ වර්ජනය නිසා සාමාන්‍ය රෝහල් කටයුතු අඩාළ වුවද හවස්වරුවේ පුද්ගලික රෝහල් වල චැනලින් සේවාවන් සුපුරුදු පරිදි ක්‍රියාත්මක විය.
ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණියද මෙම චැනලින් සේවාවට අදාළව නවලෝක රෝහලේ ඊයේ (4) සවස රෝගීන් පරීක්ෂාවට විවෘතව සිටි අතර ඔහු වෙනුවෙන් අන්තර්ජාලයේ ඩොක් 990 වෙනුවෙන් වේලාවක් වෙන්කරගැනීමේ පහසුකමද තිබුණි.
මේ හොරය අල්ලන්නට සිතා ළමා ලෙඩෙකු ලෙස වේලාවක් වෙන් කරගන්නට නි.ඇමති රන්ජන් රාමනායක
කටයුතු කර තිබුණි. ඔහු පෙරේදා  (3) රාත්‍රියේ ඔහුගේ නමින්ම අන්තර්ජාලය හරහා පාදෙණියගේ ලැයිස්තුවේ 6 වැනි අංකය වෙන් කර ගත් අතර වෛද්‍ය වර්ජනය පැවති ඊයේ දහවල් 11 ට පමණ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා මේ ගැන හෙළිදරව් කරමින් කියා සිටියේ තමා වෛද්‍යවරයා පරීක්ෂාව පිණිස

රුපියල් 1925ක් ගෙවා මෙම වෙන්කරගැනීම සිදු කළ බවත් දවල් 11 වනතුරුත් එම වෙන් කිරීම අවලංගු කර නැති බවත්ය.ඒ අනුව වෛද්‍ය පාදෙණිය ඊයේ සවස පුද්ගලික වෛද්‍ය ප්‍රතිකාර කරන්නට සූදානමින් සිටින බව ඔහු අනාවරණය කළේය.

ජනතාවට වර්ජනය ප‍ෙන්වමින් තම පුද්ගලිකත්වය හමුවේ පාඩුවක් කරනොගන්නා මෙම වෛද්‍යවරයා දේශපාලන අවශ්‍යතාවයන් මත රට ඉදිරියේ සයිටම් විරෝධය රඟදැක්වීමක් කරන බවද දන්වා සිටියේය.
කෙසේ වෙතත් රන්ජන්ගේ ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසුව හවස් වරුවේ වෛද්‍ය පාදෙණියගේ රෝගීන් ලැයිස්තුවට නවලෝක රෝහලෙන් දුරකථන ඇමතුම් ලැබී ඇති අතර එහිදී දන්වා ඇත්තේ වෛද්‍යවරයා එදින නොපැමිණෙන බවත් වේලාව පසු දිනකට කල්දමා ඇති බවත්ය.

පසුව බීබීසීය වෙත අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා වෛද්‍ය පාදෙණිය නවලෝක රෝහලේ එදින ප්‍රතිකාර නොකරන බවට කල් ඇතිව දැනුම් දුන් නමුත් වෙබ් අඩවිය යාවත් කාල නොවූ නිසා රන්ජන්ට ‘ඇපොයින්ට්මන්ට්‘ ගන්නට හැකිවූ බවත් දන්වා ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඩොක් 990 ආයතනය විමසීමේදී ඔවුන් එවැනි දෝෂයක් කිසිසේත් සිදුවිය නොහැකි බව දන්වා ඇත. වෛද්‍යවරුන් නොපැමිණෙන බව දැන්වීමේ විධිමත් ක්‍රමවේදයක් ඔවුන්ගේ පද්ධතිය තුළ පවතින බවත් දුරබැහැර රෝගීන් අපහසුතාවයට ලක්විය හැකි නිසා එය දැන්වූ විගසම වෙබ් අඩවියේ පැය 24 සේවයේ නියුතු කාර්ය මණ්ඩලය යාවත්කාල කරන බවත් යම් හෙයකින් සිදුවන අවලංගුවීම් පවා රෝගීන් වෙත දුරකථන ඔස්සේ දැනුම් දීමටද ප්‍රමාදයක් සිදු නොවන බවත් ඔවුන් දන්වා ඇත.

රන්ජන්ගේ චැනලින් වෙන්කිරීමට අදාළ රිසිට් පත පහතින්



http://www.gossiplankanews.com/2017/05/ranjan-padeniya.html

Comments

Popular posts from this blog

රහත්වෙන ටාගට් එක ඇචීව් කළාට මට භොතික සම්පත් පාචිච්චිය තහනම් නෑ- සමන්තභද්‍ර හිමි

රහත්වෙන ටාගට් එක ඇචීව් කළාට  මට භොතික සම්පත් පාචිච්චිය තහනම් නෑ - සමන්තභද්‍ර හිමි සමන්තභද්‍ර හාමුදුරුවෝ කා‍ලෙන් කාලෙට විවිධ ආන්දෝලනාත්මක සිදුවීම් ඇතිකරන හාමුදුරු නමක්. ඇයි මේ? ලංකාව හරිම සාම්ප්‍රදායික සමාජයක්. මේ සාම්ප්‍රදායික සමාජයේ දාර්ශනිකයෝ නෑ. විද්වතුන් නෑ. උගතුන් නෑ. පොඩි කොටුවකට හිරවෙලා ජීවත්වෙන භික්ෂූන්යැයි කියාගන්න පිරිසක් ජීවත්වෙනවා. යම් සමාජයක හොඳ දර්ශනයක් තියන හොඳ මතයක් තියන හොඳ උගත්කමක් තියන හොඳ අදහස් තියන නිර්මාණශීලි අදහස් තියන කෙනෙක් පහළ වුණාම අර සම්ප්‍රදායික කුහක මිනිසුන්ගෙන් පිරුණ සමාජයක ඒ නිර්මාණශීලි අය දාර්ශනිකයි මේ සමාජයේ උගතුන් දාර්ශනිකයින් නෑ කියලා ඔබවහන්සේ කොහොමද කියන්නේ? ගෞතම බුදුන් වහන්සේ භාරතීය සමාජය තුළ විශාල ආන්දෝලනාත්මක චරිතයක්. අම්බපාලි කියන්නේ බුද්ධකාලීන ප්‍රසිද්ධ ගණිකාවක්. බුදුන් වහන්සේට ආරාධනා කළා ඇගේ නිවසට දානයට වඩින්න කියලා. අද කොළඹ ඉන්න ගණිකාවක් ඇවිත් මට ආරාධනා කරලා මම දානයට වැඩියොත් මේ සමාජය කැමැති වෙයිද මම ඒකට යනවට. ඒත් බුදුන් වහන්සේ අම්බපාලිගේ නිවසට වැඩියා. ආන්දෝලනාත්මකයි, විප්ලවාදියි, පිරිසිදුයි. රකින්න කියලා අමුතු දෙයක් නෑ... උන්වහන්සේ පිරිසිදු

නඩු 5 ක් ඇති ‘එස්.එෆ්. ලොක්කා’ මැයි 09දා තෙක් රිමාන්ඩ්

කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ වසරකට අධික කාලයක් අඛණ්ඩව රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටි මහාධිකරණයෙන් දැඩි අප කොන්දේසි මත මුදාහැර සිටින අතරතුර මූල්‍ය ආයතනයකට අයත් සුඛෝපභෝගී ජීප් රථයක් පැහැර ගැනීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ්. ලොක්කා මැයි මස 9 වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (27දා) නියෝග කෙළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා එම විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහෙස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සංජීව මහනාම මහතාට තවදුරටත් නියෝග කරනු ලැබීය. ජීප් රථයක් පැහැර ගැනීම සහ ජීව අත්බෝම්බයක් ළඟ තබා ගැනීම යන චෝදනා මත සැකකාර එස්.එෆ්. ලොක්කා අධිකරණයට ඉදිරිපත් කෙරිණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් බී වාර්තාවක් මඟින් මහාධිකරණයට කරුණු දක්වමින් අනුරාධපුර පොලිසිය සඳහන් කෙළේ මූල්‍ය ආයතනයකට අයත් සුඛෝපභෝගී ජීප් රථයක් පසුගිය 21දා පැහැර ගැනීමේ සිද්ධියකට අදාළව මෙම සැකකරු පොලිසියට අ

අපි වෙන්වුණ හේතුව දෙවැනි දරුවගෙ උපන්දිනෙන් එළිවෙනවා - ඩිල්ෂාන්ගේ මුල් බිරිය කථා කරයි

අපි වෙන්වුණ හේතුව දෙවැනි දරුවගෙ උපන්දිනෙන් එළිවෙනවා පුතාගෙ එක මැච් එකක්වත් එයා දැකල නෑ එයාට කෝල් එකක් වත් දෙන්නෑ - ඩිල්ෂාන්ගේ මුල් බිරිය නිලංකා කථා කරයි පසුගියදා නඩත්තු නඩුවක පෙනී නොසිටීම නිසා උසාවියෙන් වරෙන්තු ලද ක්‍රිකට් ක්‍රීඩක ටීඑම් ඩිල්ෂාන් උසාවියට භාරවීමෙන් පසු මාධ්‍ය අමතා දන්වා සිටියේ තමන්ගේ නීතීඥයින්ට දිනය වැරදුණ නිසා එදා එන්නට බැරිවුණ බවයි.ඒ සමගම ඔහු කියා සිටියේ තමා දුක් මහන්සියෙන් හම්බ කළ මුදල් වරින්වර ඉල්ලන තරමට පෙර බිරියට ලබාදෙන්නට සූදානම් නැති බවයි. දරුවා වෙනුවෙන් ලක්ෂ 300ක්ද ගෙවූ තමා මාස්පතා 40000 ක් ගෙවන බවද ඔහු කියා සිටි අතර තමන්ට මඩ ගසන මාධ්‍ය වැරදි ලෙස මේ කතාව ගොතන බව ඔහු දන්වා සිටියේය. නමුත් මේ ප්‍රකාශය තුළ සාවද්‍ය කරුණු ඇතුළත් බව කියමින් ක්‍රිකට් ක්‍රීඩක ටීඑම් ඩිල්ෂාන්ගේ පෙර බිරිය වූ නිලංකා විතානගේ මහත්මිය මුල්වරට මාධ්‍ය අමතා කරුණු පැහැදිලි කිරීමක් සිදු කර තිබේ. තමන් සහ ඩිල්ෂාන් අතර විවාහය බිඳීයාමට හේතුව සෘජුව නොකියන ඇය ඩිල්ෂාන්ගේ දෙවන කසාදයේ මුල් දරුවාගේ උපන් දිනය සහ තමාගෙන් ඩිල්ෂාන් දික්කසාදවූ 2008 මැයි 9 අතර වෙනස දකින කෙනෙකුට එය තේරුම් ගත හැකි බවද මුලින්ම කියා ස