Skip to main content

UNP සිරිකොත මූලස්ථානයේ අලියාට වෙඩි තැබූ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

 පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඇති අලියාගේ ලාංඡනයට වෙඩි තැබූ බවට සැකපිට. පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කොස්තාපල්වරයා
නීතිය හා සාමය පිලිබඳ අමාත්‍යාංශ ලේකම්වරයාගේ පිටකෝට්ටේ එපිටමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක රාජකාරියේ නිරත අයෙකු බවටයි වාර්තා වන්නේ.

අද පස්වරුවේ රාජකාරියට යමින් සිටි කොස්තාපල්වරයා විසින් සිරිකොත මූලස්ථානය ඉදිරිපිටදී තම රාජකාරී ගිනිඅවියෙන් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවටයි දැනට තොරතුරු වාර්තා වන්නේ.

පසුව නැවතත් සුපුරුදු පරිදි අදාළ ලේකම්වරයාගේ නිවසට ගොස් රාජකාරියේ නිරතව සිටියදීයි සැකකාර කොස්තාපල්වරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ සැකකරුගේ මානසික වෛද්‍ය වාර්තාවක්ද ලබාගැනීමට නියමිත බවයි.

මිරිහාන පොලිසියයි වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

http://www.gossiplankanews.com/2017/05/unp-sirikotha-shooting-incident.html

Comments

Popular posts from this blog

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html

රුපියල ශක්තිමත් වෙයි

අපනයනකරුවන් විසින් ඩොලර් විනිමය විකිණීමත්, ස්වෛරීත්ව බැඳුම්කර සහ සම්මිලිත ණය මුදල් ලැබීමේ අපේක්ෂාවෙන් රුපියල ශක්තිමත්වීමත් දැන් දක්නට ලැබෙනවා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ දිනයේ... Read More http://www.hirunews.lk/sinhala/business/160740