Skip to main content

හුංගම මව හා දියණියගේ ඝාතනයෙන් පසු සැමියාගේ ෂර්ට් එක මාරුවූ හැටි සැකයට


හුංගම මව හා දියණියගේ ඝාතනයෙන් පසු
සැමියාගේ ෂර්ට් එක මාරුවූ හැටි සැකයට

සූරියවැව හුංගම මවක හා ගැබිණි දියණියක නිවසකදී අමානුෂික ලෙස ඝාතනය වූ සිද්ධියට අදාළ පොලිස් පරීක්ෂණ අනුව මේ වනවිට තවත් තොරතුරු රැසක් විමර්ශනය කරන්නට හැකියාව ලැබී තිබේ.
ඝාතනයට ලක්වූ  72 හැවිරිදි සිරියාවතී කාරියවසම් සහ ඇගේ දියණිය වන 35 හැවිරිදි යමුනා කාරියවසම් යන දෙදෙනා සිද්ධිය වූ 2 වනදා පිළියන්දල ප්‍රදේශයේ ඥාති නිවසකට යාමට සූදානම්ව සිට ඇති අතර  එහි ගොස් පසුව වෛද්‍ය ප්‍රතිකාර සේවා (චැනලින්) සඳහා යාමට කොළඹ පුද්ගලික රෝහලක
වේලාවක් වෙන්කරගෙන තිබී ඇත.
ඝාතනයට ලක්වූ යමුනා (35) සිය කුළුඳුල් දරු ප්‍රසූතිය සඳහා සූදානමින් පසුවූ අතර ඇයගේ දරු ගැබට මාස 5 ක් බවද අනාවරණය විය. රැකියාවක් නොකරන ඇගේ සැමියා සම්පත් (36) ‘හම්බන්තොට ටෙක්‘ එකේ වායුසමීකරණ හා ශීතකරණ පාඨමාලාවක් හදාරා රැකියාවකට යාමට අපේක්ෂාවෙන් පසුවී තිබේ.ඔහුත් බිරියත් අතර පසුගිය දිනවල ආරවුල් පැවති ඇති අතර නැන්දම්මා සමගද ඔහු වාද විවාද කළ බව විමර්ශනවලදී සාක්ෂි ලැබී ඇත.
සිද්ධියවූ දවසේ සම්පත්ගේ පරස්පර ප්‍රකාශයන් පොලිසියේ සැකයටද බඳුන්වීම නිසා මෙම ඝාතන පසුපස

ඔහුගේ සම්බන්ධයක් තිබේද යන්න ගැන බරපතල සැකයක් මතුවී ඇත.
පොලිසිය වෙත පැමිණෙන විට සම්පත් ඇඳ සිට ඇත්තේ ටීෂර්ට් එකක් වන අතර ඔහු ටෙක් එකට යද්දී ඇඳ සිට ඇත්තේ කමිසයකි.
‘මම ටෙක් එකට ගිහින් ආපසු වේලාසනින් ගෙදර ආවා මම ස්කුටර් එකෙන් ඇවිත් ෂර්ට් එකේ බොත්තන් ගලවා ගලවා ගේ ඇතුළට ගියා. එතකොට මම දැක්කා මගේ නෝනයි. අම්මයි ලේ
පෙරාගෙන වැටිලා ඉන්නවා. මම ෂර්ට් එක ගලවලා ගේ ඇතුළේ දාලා බැනියම පිටින් අල්ලපු ගෙදර ඉන්න මාමාට ගිහින් කිව්වා මාමත් ඇවිල්ලා බලලා මේ අය මැරිලා පොලිසියට ගිහින් කියන්න කිව්වා. ඊට
පස්සේ තමයි පොලිසියට ආවේ.‘
ඝාතනය වූ ස්ථානයතුළ පරීක්ෂණ කටයුතු සිද්ධ වන අතර තුර ඝාතනයට ලක්වූ යමුනාගේ සැමියා කියූ පරිදි ඔහු විසින් ගලවන ලද කමිසය ඔහුගේ ස්කුටර් එකේ  පෙට්ටිය තුළ සඟවා තිබී ඔහු ලබා දී තිබේ. එහිදී පොලිසිය
ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමේදී ඔහු නිරුත්තර වූ බව පොලිසිය පවසයි. මෙවැනි ඝාතනයක් සිදුවූ අවස්ථාවක ඔහු කමිසය සඟවන්න උත්සාහ කිරීම සැකයට බඳුන්ව ඇත.
එමෙන්ම යමුනා කාරියවසම්ගේ සැමියා වෘත්තීය පුහුණු අධිකාරියෙන් පිටවූ ආකාරය ගැන පරීක්ෂා කිරීමේදී ඔහු පිටව ඇත්තේ අවසර ගෙන නොමැතිව බවත් වෙනදා ඔහු පිටව යන්නේ නම් අවසර ගෙන ගොස් ඇති බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
මූලික පරීක්ෂණ තුළින් ඝාතනයට ලක්වූ යමුනාගේ උදරයේ සහ ශරීරයේ වෙනත් ස්ථානයන්හි කැපුම් තුවාල 11ක් පමණද මවගේ ශරීරයේ කැපුම් තුවාල 20ක් පමණද තිබූ බව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී
අනාවරණය වී තිබුණි. මෙම ඝාතන සඳහා සෙන්ටිමීටර් දෙකක් පමණ පළල පිහියක් යොදාගෙන ඇති බවට සැක කෙරේ.නිවස කොල්ල කෑමට උත්සාහ කළ අයෙකු ඝාතනයද කර ඇතිය වැනි දෙයක් අඟවන්නට උත්සාහ ගෙන ඇති නමුත්
යම් අයකු නිවෙස කොල්ල කෑමට පැමිණියේ නම් මෙතරම් ආමානුෂික අන්දමින් ඝාතනයක් සිදු කරාවිද? යන්න පොලිසියේ අවධානයට යොමුව පවතී. විශේෂයෙන්ම ගැබිණියගේ ඝාතනය සිදු කර ඇත්තේ ඇගේ උදරය ඉලක්ක කරගෙන දරු ගැබට හානි කරමින් නිසා මෙය හිතාමතා කරන ලද අපරාධයක් ලෙස හඳුනාගන්නට ලැබී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිල සුනඛ ජෙසික්ගේ ඉව ඇල්ලීම අනුව එම නිවස පිහිටි වත්තේ තිබී රන් ආභරණ බහාලූ බඳුනක් හා කැත්තක් හඳුනාගන්නට හැකිව ඇති අතර සුනඛයා ඒවා ඉව කර අවස්ථා තුනකදීම නැවත එම වත්තේම එකම ස්ථානයක නතරවී තිබේ. එම ස්ථානයේ ජල කරාමයක් තිබී ඇති අතර ඝාතන සිදු කරන ලද අයෙකු එම ජල කරාමයෙන් ලේ තැවරුණු අත් සෝදා ඇති බවට හඳුනාගන්නට ලැබී තිබෙයි. එම රුධිර කොටස් සහ නිවසේ තිබී හඳුනාගත් ඇඟිලි සලකුණු පරීක්ෂණ සඳහා යොමු කර ඇත.
වාර්තාවන අන්දමට මියගිය 72 හැවිරිදි සිරියාවතී කාරියවසම් නමැති මහත්මියගේ ස්වාමියාද  මීට වසර 25කට පමණ පෙර ගාල්ලේ බද්දේගම ප්‍රදේශයේදී පිහි ඇනුමකින් මියගොස් තිබේ. එතැන් පටන් පවුලේ සියලු කටයුතු සිදුකර ඇත්තේ
ඇය බවද අනාවරණය වේ.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සඳහා පොලිස් කණ්ඩායම් 4ක් පමණ යොදවා තවදුරටත් සිදුවේ.

ගොසිප් ලංකා පෙර ලිපි
හුංගම මව හා ගැභිණි දියණියගේ ඝාතන - දියණියගේ සැමියාගෙන් පරස්‌පර ප්‍රකාශ READ HERE

http://www.gossiplankanews.com/2017/05/hungama-double-murder-update.html

Comments

Popular posts from this blog

රමිත් රඹුක්වැල්ල නටාලි සමග යුග දිවියට

රමිත් රඹුක්වැල්ල නටාලි සමග යුග දිවියට හිටපු ඇමති කෙහෙළිය පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල ඊයේ කොළඹ ගාලු මුවදොර හෝටලයේදී විවාහ ගිවිසුමට පිවිසියා. ඔහු අතගත්තේ ඇමරිකාවේ වාසය කරන ශ්‍රීලාංකික තරුණියකවූ නටාලි ෂෙනලි සමගයි. ඔවුනගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය චාම් අන්දමින් පැවති අතර විවාහය වෙනුවෙන් වෙනම උත්සවයක් ඉදිරියේදී ගන්නා බවද වාර්තා විය. http://www.gossiplankanews.com/2017/05/ramith-rambukwella-wedding.html

මේනකාව බඳින එක මගේ ජීවිතේ හොඳම තීරණයයි - රනිල් කුලසිංහ

රංගනයේදී කාවවත් විශේෂ නැති වුණාට ජීවිතයට නම් විශේෂ කෙනෙක් හොයාගෙනනේ ඉන්නේ? ඔව්. මම මගේ සහකාරිය කරගන්න කෙනාව තෝරා ගත්තා. මේනකාව තමයි මම තෝරා ගත්තේ. යාළුවෙක්ගේ මාර්ගයෙන් තමයි අපි දෙන්නා හඳුනා ගන්නේ. ඊට පස්සේ අපි යාළුවෝ වෙලා කාලයත් එක්ක ඒක ආදරයක් බවට පෙරළුණා. අපි දැන් බොහොම සතුටින් ඉන්නවා. මේ, ජීවිතයේ ගත්ත හොඳම තීරණය කියලා හිතනවද? ඔව්. මම මගේ ජීවිතයේ හොඳම තීරණය අරගෙන තියෙන්නේ. මම මගේ පෞද්ගලික ජීවිතේ තීරණ ගනිද්දී පවුලේ අයත් එකතු කරගන්නවා. මගේ තීරණවලට බලපෑම් කරන්න පුළුවන් මගේ මවුපියන්ට විතරයි. ඉතිං මම ගත්ත තීරණයට එයාලත් කැමති වුණා. රනිල්ගේ හිත මේනකා ළඟම නතර වෙන්න විශේෂ කාරණයකුත් තියෙන්න ඇතිනේ? එක එක කෙනාගේ හිතේ තමන් කැමති කෙනෙක්ගේ රූපයක්, විදිහක් ඇඳිලා තියෙනවානේ. මේනකාව දැක්ක ගමන් මට වෙනසක් දැනුණා. කතා කරන විදිහ, හැසිරෙන විදිහේ වෙනසක් තිබුණා. ඒ වගේම එයා යමක් කළොත් හරිම නීට්. ජීවිතයේදී හරිම සැලසුම් සහගතයි. ඉතිං ඒ වගේ කෙනෙක් ජීවිතයට එකතු කරගත්තොත් ඒක පහසුයි. ඒ වගේම එයා මගේ අම්මටත්, එයාගේ අම්මට වගේම ආදරෙයි. මේ හැමදේම ගොඩක් වටිනවා. මේනකා හොඳ පෙම්වතියක් වුණා වගේම හොඳ බිරියක් වෙයි කියලා හිතනවද? ...

ස්විස් විවාහෙ කඩාගෙනයි මං ගාලු ජනතා සේවෙට ආවෙ - තනතුරු අහිමිවීමෙන් පසු ගීතා කියයි

උසාවි තීන්දුව ප්‍රකාරව සිය මන්ත්‍රී ධූරය අහිමිවන බව දැනගැනීෙමන් පසු ගීතා කුමාරසිංහ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාෙව්දී මෙසේ කියා සිටියාය. 'මම උසාවියේ තීන්දුවට හිස නමනවා. අපේ රටේ සියලුම පුරවැසියන්ට තියන අයිතියක්.තමන්ට විරුද්ධව මෙවැනි දෙයක් වුණහම ඊට ඉහළින් තියන උසාවියකට යන එක. ඒ නිසා මම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් ගොනු කරන්න සියල්ල සූදානම් කර තියෙනවා. 65000 ක් මට ඡන්දෙ දීපු ජනතාවට වෙච්ච අසාධාරණයක් මේක. කලබල වෙන්න එපා ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව එනතුරු බලා ඉමු. අනිත් එක මං ජනතාවට කියනවා ස්විට්සර්ලන්තයේමට තිබිච්ච සියලු සම්පත් මං අතෑරල දාලා ඒ පුරවැසිභාවය අයින් කරගත්ත කෙනෙක් හැටියට මම කණගාටු වෙනවා. අද මෙවැනි තත්වයකට මාව ගෙනාවෙ පැරදිච්ච එක්කෙනෙක් මෙතැන්ට එන්න කරන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි. මේ මුකුත්ම නෑනෙ මම ආණ්ඩුවට එකතු වුණානම්. මගේ දේවල් සියල්ල නැති කරගනිමින් විවාහයේත් ප්‍රශ්න ඇති කරගනිමින්. මම ජනතාව වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. ඒක අදත් කරනවා මං හෙටත් කරනවා. මොනදේ නැති වුණත් මං තාම ගීතා කුමාරසිංහ.' http://www.gossiplankanews.com/2017/05/geetha-speaks.html