Skip to main content

එස් එෆ් ලොක්කා හිරේ ඉද්දී යූ ටියුබ් වීඩියෝවක් පළවීම ගැන විමර්ශන


ගිනස් වාර්තා තැබූ කරාටේ වසන්ත මැරූ බවට සැක පිට සිරගතව සිට ඇප මත නිදහස්ව සිටියදී නැවත වතාවක් අපරාධයක් සම්බන්ධ සැකයකට රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද එස් එෆ් ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහ

එම අධිකරණ තීන්දුව

ලබාදෙන්නට පෙර පොලිසියේදී පෙනී සිටියායයි කියන වීඩියෝවක් ගැන පරීක්ෂණ අරඹා ඇත.
ජීව අත්බෝම්බයක් සන්තකයේ තබා ගැනීම හා කොන්ත‍්‍රාත්තුවක් මත ජීප් රථයක් පැහැර ගැනීම යන චෝදනාවන්ට සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ප‍්‍රශ්නකර සැකකරු මූලස්ථාන පොලීසියේ සිර මැදිරියේ රඳවා සිටියදී ඔහුව බැලීමට පැමිණි කිසියම් සගයෙකු ඉතා රහසිගතව ජංගම දුරකථනයකින් පටිගත කළ බවට සැකකරන වීඩියෝව පසුදා අන්තර් ජාලයට මුදාහැර තිබුණි. විනාඩි දෙකයි තප්පර 14ක් පමණවන මෙම විඩියෝව සැකසූ අය අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන අරඹා තිබේ.
අනුරාධපුර මූලස්ථාන පොලීසියේ සිර මැදිරියේ රඳවා සිටියදී මෙම ක්‍රියාව සිදුව තිබේ.
 එස් එෆ් ලොක්කාට පොලීසිය පහරදී හොර රහසේ සඟවාගෙන උසාවියට ඉදිරිපත් නොකර බොරු වරදක පටලවයි යනුවෙන් නම්කර එම විඩියෝව සමාජ ජාලා වෙබ් අඩවිවලට මුදාහැර තිබුණි.
එම වීඩියෝවේදී තමන් සඟවා සිටින බවට පොලිසියට නිර්මාණාත්මක චෝදනාවක්ද කර තිබේ.

http://www.gossiplankanews.com/2017/05/sf-lokka-you-tube.html

Comments

Popular posts from this blog

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html

රුපියල ශක්තිමත් වෙයි

අපනයනකරුවන් විසින් ඩොලර් විනිමය විකිණීමත්, ස්වෛරීත්ව බැඳුම්කර සහ සම්මිලිත ණය මුදල් ලැබීමේ අපේක්ෂාවෙන් රුපියල ශක්තිමත්වීමත් දැන් දක්නට ලැබෙනවා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ දිනයේ... Read More http://www.hirunews.lk/sinhala/business/160740