Skip to main content

අනියම් සැමියා අතටම හසුවූ පසු බිරියද දරුවන්ද ඔහුට බාර කර නිවසින් පිටවුණ සැමියෙක්


සිය බිරියගේ අනියම් ඇසුර අතටම හසුවීමෙන් පසු ඇයට හෝ ඔහුට පහරදී හිරිහැර කරනවා වෙනුවට සිය බිරිය අනියම් සැමියාට භාරකොට නිවෙසින් පිටව ගිය ස්වාමිපුරුෂයකු පිළිබඳව අසන්නට ලැබුණේ තරුණ
බිරින්දෑවරුන් නිවෙස්වල තනිකොට එතෙර යන
සැමියන්ට සිතන්නට යමක් ඉතිරි කරමිනි.
මහියංගණයට නුදුරු ගම්මානයක සංවර්ධන ව්‍යාපෘතියක සේවයට මීට වසර අටකට පමණ ඉහතදී ගාල්ල ප්‍රදේශයේ සිට පැමිණි එවකට විසි තුන් හැවිරිදි වියේ පසුවූ ඔහු එම ගමේ පදිංචි තරුණියක සමඟ මිතුරු වීමෙන් අනතුරුව විවාහ දිවියට පත්ව අසල ගමක පුංචි නිවහනක් ඉදිකරගෙන පදිංචියට පැමිණියේය.
එදිනෙදා කුලියෙන් ජීවත්වූ දරු දෙදෙනකුගෙන් යුතු මේ පුංචි කැදැල්ලේ විය පැහැදම් එන්න එන්නම වැඩිවෙන්නට පටන් ගැනුනෙන් ඔවුනොවුන්ගේ කතිකාවෙන් අනතුරුව ඔහු තෝරාගනු ලැබුවේ පවුලේ අනාගත සුබසිද්ධිය පතා රන් මසු සොයා දුරු රටකට යෑමටය.

ඒ අනුව මෙයට වසර දෙකකට පමණ ඉහතදී ඔහු විදෙස් ගතවූයේ තුන් හැවිරිදි හා පස් හැවිරිදි දියණියන් දෙදෙනා බිරියට භාර කරමිනි. විදෙස් ගතවූ ඔහු ඉඩ ලද හැම අවස්ථාවකදීම බිරියටත් දරුදෙනාටත් දුරකතනයෙන් ඇමැතුම් ගෙන කතා කළ අතර ඔවුන්ගේ වියදමටද මුදල් එවීමට අමතක නොකළේය.
ගෙවී ගියේ වසර එකහමාරක පමණ කාලයකි. ගමේ හිත මිතුරන්ගෙන් සහ ඥාතීන්ගෙන් ලැබෙන ඇමැතුම්වලින් කියවුණේ තම බිරිය අසල ගමක පදිංචි විවාහක එක්දරු පියකු වන විසි හත් වියැති තරුණයකු සමඟ අනියම් සම්බන්ධතාවක් ගොඩනඟාගෙන ඇති බවත් ඇතැම් දිනවල ඔහු මෙම නිවෙසේ රැය පහන් කරන බවත්ය. මෙය බිරියගෙන් විමසූ විට එය ගැමියන් බොරුවට ගොතනු ලැබූ කතාවක් බවත් තමන් එවැනි නරක ගැහැනියක් නොවන බවත් ඔහුට ඇය පවසා තිබේ.

එහෙත් මෙය ඔහුට නිතර වදදෙන ප්‍රශ්නයක් විය. බිරියට හොරා ගමට ගොස් ඇගේ අනියම් සැමියා තම අතටම අල්ලා ගැනීමේ අරමුණෙන් ලංකාවේ මිතුරකු මාර්ගයෙන් තම මව මියගොස් ඇති බවට විදුලි පුවතක් සේවය කරන ආයතනයට යොමු කරවිය. එම හදිසි කාරණය මත ආයතනයෙන් දින හතරක නිවාඩුවක් ලබාගත් ඔහු හොර රහසේම ගමට පැමිණ නිවෙසට යාබදව ඇති තම හිතවතකුගේ නිවෙසේ ලැගුම් ගත්තේය. හිතවතුන් පැවැසූ පරිදි එදින රාත්‍රිය විශේෂත්වයක් නොවුණි. පසු දින ඔහු එම නිවෙස තුළටම වී සිටි අතර එම නිවෙසේ ජනෙල් කවුළුවෙන් දරුවන්ගේ කෙළි සෙල්ලම් හා බිරිඳව නිරීක්ෂණය කළේය. එදින රාත්‍රියේද යම් සිදුවීමක් වේදෝයි යන සැකයෙන් පසුවූ ඔහුට රාත්‍රි 10ට පමණ ත්‍රිරෝද රථයක් කෙළින්ම ගොස් නතරවූයේ ඔහුගේ නිවෙසේ බව දැක ගන්නට හැකි විය. එවිටම නිවෙසේ වසා තිබූ ඉදිරි ‍ෙදාර විවෘත වීමෙන් පසු රථයේ පැමිණි අය ගෙතුළට ගිය බවත් නැවත ‍ෙදාර වැසුණු අයුරුත් ඔහු ඇතුළු එම නිවැසියන්ට දැක ගත හැකිවිය.

පැමිණි අමුත්තා ආපසු යන පාටක් නොවූ හෙයින් ඔහුත් මිතුරාත් මිතුරාගේ බිරියත් එක්ව ඔහුගේ නිවෙසට පිය මැන්නේ අඳුරේමය.
එහිදී මිතුරාගේ බිරිය ‍දොරට තට්ටු කරමින් පැවැසුවේ "නංගි මගේ පුතාට උණ හැදිලා මට පැනඩෝල් දෙකක් දෙන්න" හැකි දැයි කියාය. එසේ කීප වරක් කතා කිරීමෙන් පසු ම¼ද වේලාවකින් "හා පොඩ්ඩක් ඉන්න අක්කා" යැයි කියා නිවෙසේ විදුලි පහන් නොදල්වාම ඇය ඉදිරි ‍ෙදාර ළඟට විත් ‍ෙදාර මදක් විවර කර "ආ මෙන්න අක්කේ" කියා ‍ෙදාර බාගෙට විවෘත කරනවාත් සමඟම ඇයව තල්ලුකරගෙන නිවෙස තුළට ගිය ඇගේ සැමියා වහා විදුලි පහන් දල්වා ඉදිරි ‍ෙදාර වසා ඇයගේ නිදන කාමරයට ගියේය. ගැමියන් සහ ඥාතීන් පැවැසූදේ ටක්කෙටම හරිය. බිරියගේ ඇඳමත නිදන තරුණයෙකි. ඔහුට ආ වේගයට අත උස්සා ඇඳේ සිටි තරුණයාට පහරක් දීමට සූදානම් වුවද එම තීරණය වෙනස් කරමින් ඔහුගේ අතින් අල්ලාගෙන හා දැන් ඉතින් නැඟිටපන් මල්ලී යැයි කියා සාලයට රැගෙන විත් බිරියවද ඔහු අසලින්ම වාඩිකරවා "මල්ලි මම කරපු මේ වරද පිළිගන්නවා. ඒකට මම නෝනාගෙනුත් සමාව ඉල්ලනවා. නෝනට සල්ලි බාගෙට වඩා ආදරය සෙනෙහස වටිනවා. ඒක මගෙන් ඉටු නොවුණු නිසා තමයි මේ තහනම් ගහේ ගෙඩි කන්නට තීරණය කළේ. ඒ නිසා මම ඔය දෙන්නට ආශිර්වාද කරනවා. අද ඉඳලා ඔයා මගේ බිරියත් මේ පුංචි දරු දෙන්නත් බලා ගන්න. ඔයාලට මම හදපු මේ නිවෙසේ ඉන්නත් පුළුවන්. දෑවැද්දට මම උඹට මේ දරු දෙන්නා දෙනවා. දරු දෙන්නා ලොකු මහත් වෙනකම් උන් දෙන්නට අවශ්‍ය මුදල් මම එවන්නම්. උන්ට අඩුපාඩුවක් කරන්න එපා. එහෙනම් උඹලා දෙන්නට දෙවි පිහිටයි" යැයි කියා මේ කිසිවක් නොදත් නිදියහනේ නිදා සිටින දරු දෙන්නා වෙත ගොස් ඔවුන් සිප වැලඳගෙන තමන් ආ බව දරුවන්ට නොදන්වන ලෙසත් දරුවන්ටත් බිරියටත් ගෙනා ඇඳුම් පැලැඳුම් ද භාර කොට ඔහු පරාජිතයකු ලෙසින් නිවෙසින් පිටව ගොස් තිබේ.

හසලක - සුනිල් ඉහළගෙදර




http://www.gossiplankanews.com/2017/05/husband-caught-exhusband.html

Comments

Popular posts from this blog

රමිත් රඹුක්වැල්ල නටාලි සමග යුග දිවියට

රමිත් රඹුක්වැල්ල නටාලි සමග යුග දිවියට හිටපු ඇමති කෙහෙළිය පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල ඊයේ කොළඹ ගාලු මුවදොර හෝටලයේදී විවාහ ගිවිසුමට පිවිසියා. ඔහු අතගත්තේ ඇමරිකාවේ වාසය කරන ශ්‍රීලාංකික තරුණියකවූ නටාලි ෂෙනලි සමගයි. ඔවුනගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය චාම් අන්දමින් පැවති අතර විවාහය වෙනුවෙන් වෙනම උත්සවයක් ඉදිරියේදී ගන්නා බවද වාර්තා විය. http://www.gossiplankanews.com/2017/05/ramith-rambukwella-wedding.html

මේනකාව බඳින එක මගේ ජීවිතේ හොඳම තීරණයයි - රනිල් කුලසිංහ

රංගනයේදී කාවවත් විශේෂ නැති වුණාට ජීවිතයට නම් විශේෂ කෙනෙක් හොයාගෙනනේ ඉන්නේ? ඔව්. මම මගේ සහකාරිය කරගන්න කෙනාව තෝරා ගත්තා. මේනකාව තමයි මම තෝරා ගත්තේ. යාළුවෙක්ගේ මාර්ගයෙන් තමයි අපි දෙන්නා හඳුනා ගන්නේ. ඊට පස්සේ අපි යාළුවෝ වෙලා කාලයත් එක්ක ඒක ආදරයක් බවට පෙරළුණා. අපි දැන් බොහොම සතුටින් ඉන්නවා. මේ, ජීවිතයේ ගත්ත හොඳම තීරණය කියලා හිතනවද? ඔව්. මම මගේ ජීවිතයේ හොඳම තීරණය අරගෙන තියෙන්නේ. මම මගේ පෞද්ගලික ජීවිතේ තීරණ ගනිද්දී පවුලේ අයත් එකතු කරගන්නවා. මගේ තීරණවලට බලපෑම් කරන්න පුළුවන් මගේ මවුපියන්ට විතරයි. ඉතිං මම ගත්ත තීරණයට එයාලත් කැමති වුණා. රනිල්ගේ හිත මේනකා ළඟම නතර වෙන්න විශේෂ කාරණයකුත් තියෙන්න ඇතිනේ? එක එක කෙනාගේ හිතේ තමන් කැමති කෙනෙක්ගේ රූපයක්, විදිහක් ඇඳිලා තියෙනවානේ. මේනකාව දැක්ක ගමන් මට වෙනසක් දැනුණා. කතා කරන විදිහ, හැසිරෙන විදිහේ වෙනසක් තිබුණා. ඒ වගේම එයා යමක් කළොත් හරිම නීට්. ජීවිතයේදී හරිම සැලසුම් සහගතයි. ඉතිං ඒ වගේ කෙනෙක් ජීවිතයට එකතු කරගත්තොත් ඒක පහසුයි. ඒ වගේම එයා මගේ අම්මටත්, එයාගේ අම්මට වගේම ආදරෙයි. මේ හැමදේම ගොඩක් වටිනවා. මේනකා හොඳ පෙම්වතියක් වුණා වගේම හොඳ බිරියක් වෙයි කියලා හිතනවද? ...

ස්විස් විවාහෙ කඩාගෙනයි මං ගාලු ජනතා සේවෙට ආවෙ - තනතුරු අහිමිවීමෙන් පසු ගීතා කියයි

උසාවි තීන්දුව ප්‍රකාරව සිය මන්ත්‍රී ධූරය අහිමිවන බව දැනගැනීෙමන් පසු ගීතා කුමාරසිංහ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාෙව්දී මෙසේ කියා සිටියාය. 'මම උසාවියේ තීන්දුවට හිස නමනවා. අපේ රටේ සියලුම පුරවැසියන්ට තියන අයිතියක්.තමන්ට විරුද්ධව මෙවැනි දෙයක් වුණහම ඊට ඉහළින් තියන උසාවියකට යන එක. ඒ නිසා මම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් ගොනු කරන්න සියල්ල සූදානම් කර තියෙනවා. 65000 ක් මට ඡන්දෙ දීපු ජනතාවට වෙච්ච අසාධාරණයක් මේක. කලබල වෙන්න එපා ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව එනතුරු බලා ඉමු. අනිත් එක මං ජනතාවට කියනවා ස්විට්සර්ලන්තයේමට තිබිච්ච සියලු සම්පත් මං අතෑරල දාලා ඒ පුරවැසිභාවය අයින් කරගත්ත කෙනෙක් හැටියට මම කණගාටු වෙනවා. අද මෙවැනි තත්වයකට මාව ගෙනාවෙ පැරදිච්ච එක්කෙනෙක් මෙතැන්ට එන්න කරන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි. මේ මුකුත්ම නෑනෙ මම ආණ්ඩුවට එකතු වුණානම්. මගේ දේවල් සියල්ල නැති කරගනිමින් විවාහයේත් ප්‍රශ්න ඇති කරගනිමින්. මම ජනතාව වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. ඒක අදත් කරනවා මං හෙටත් කරනවා. මොනදේ නැති වුණත් මං තාම ගීතා කුමාරසිංහ.' http://www.gossiplankanews.com/2017/05/geetha-speaks.html