Skip to main content

ගුවනේ සිට ආ පැරෂුට් සෙබළියක ඇඹිලිපිටියේදී විදුලි රැහැනක ගැටී තුවාල ලබයි

අඩි පහළොස්දහසක් පමණ උසක සිට පැරෂුට් ආධාරයෙන් ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව ඉස්මත්තේ පිහිටි යුද හමුදාවේ ඉංජිනේරු පුහුණු පාසලට බැසීමේදී ලාන්ස් කෝප‍්‍රල්වරියක අධිබලැති විදුලි රැහැන් පද්ධතිය
ගැටීමෙන් සහ
කපිතාන්වරයෙකු බිමට පැනීමේදී බරපතළ තුවාල ලබා ඊයේ (30දා) පෙරවරුවේ ඇඹිලිපිටිය දිසා මහ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ඌව කුඩාඔය කඳවුරේ හතරවැනි කමාන්ඩෝ බළකායේ කපිතාන් එච්.එන්.එස්.එස්. විජේසූරිය සහ හත්වැනි බළකායේ ලාන්ස් කෝප්‍රල් ඒ.වී.එන්. ගුණතිලක සෙබළියයි.

ගුවනේ සිට පැරෂුට් ආධාරයෙන් 14 දෙනෙකු යුද හමුදා කඳවුරු බිමට පාවී එනු දුටු බව ප‍්‍රදේශවාසීහු පැවසූහ. මේ පිරිස අතරින් දොළොස් දෙනෙකුට නියමිත ඉලක්කයට පතිත වීමට හැකිව තිබේ.

ලාන්ස් කෝප්‍රල්වරියගේ පැරිෂුටය අධිබලැති විදුලි රැහැන්වල පැටලී ඇති අතර, ඇගේ දෙපාවලවළලුකරට පහළ සහ දෑත්වල මැණික් කටුවට පහළ ප‍්‍රදේශ දැඩි ලෙස පිළිස්සීමට ලක්ව ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

http://www.gossiplankanews.com/2017/05/parachute-accident-embilipitiya.html

Comments

Popular posts from this blog

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html

රුපියල ශක්තිමත් වෙයි

අපනයනකරුවන් විසින් ඩොලර් විනිමය විකිණීමත්, ස්වෛරීත්ව බැඳුම්කර සහ සම්මිලිත ණය මුදල් ලැබීමේ අපේක්ෂාවෙන් රුපියල ශක්තිමත්වීමත් දැන් දක්නට ලැබෙනවා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ දිනයේ... Read More http://www.hirunews.lk/sinhala/business/160740