Skip to main content

ගෝල්ෆේස් මැයි රැළියට පැමිණි දෙදෙනෙක් හදිසියේ මියයති


ගෝල්ෆේස් මැයි රැළියට පැමිණි
දෙදෙනෙක් හදිසියේ මියයති


අද (1) සවස ගාලුමුවදොර පිටියේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළියට සහභාගිවූ ආධාරකරුවන් දෙදෙනෙකු හදිසි රෝගාතුර තත්ත්ව නිසා රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගිය එක් පුද්ගලයෙක් නිවිතිගල ප්‍රදේශයෙන් පැමිණි 62 හැවිරිදි අයෙකු වන අතර අනෙක් පුද්ගලයා වන්නේ
මහනුවර සිට පැමිණි 80 හැවිරිදි අයෙකි.

අධික උෂ්ණත්වය හා තෙරපීම නිසා මොවුන් මියයන්නට ඇති බව සැක කෙරෙන නමුත් හේතුවක් තවම ප්‍රකාශ කර නැත.

කොළඹ, ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේ මොවුන් දෙදෙනා රෝහළට ඇතුළත් කරනවිටත් මරණයට පත්ව සිටි බවයි.

දෙදෙනාගේ මෘත දේහ දැනට රෝහලේ තිබෙන අතර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මරණය සිදුව ඇත්තේ කෙසේද යන්න අනාවරණය කරනු ඇත.
අද ගාලු මුවදොර පැවති රැළියට පැමිණි අති විශාල ජනකායේ ඡායාරූප කිහිපයක් පහතින්





http://www.gossiplankanews.com/2017/05/2-killed-in-galle-face-may-rally.html

Comments

Popular posts from this blog

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html

රුපියල ශක්තිමත් වෙයි

අපනයනකරුවන් විසින් ඩොලර් විනිමය විකිණීමත්, ස්වෛරීත්ව බැඳුම්කර සහ සම්මිලිත ණය මුදල් ලැබීමේ අපේක්ෂාවෙන් රුපියල ශක්තිමත්වීමත් දැන් දක්නට ලැබෙනවා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ දිනයේ... Read More http://www.hirunews.lk/sinhala/business/160740