Skip to main content

අරවින්ද ඉල්ලා අස්වුනේ ඇලන් ඩොනල්ඩ් ආපු නිසා


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යවමින් වසරකට වැඩි කාලයක් තමන් සභාපතිත්වය දැරූ ක්‍රිකට්
කමිටුවෙන් ඉවත් වීමට
පෞද්ගලික කරුණු හේතුවෙන් තමන්ට සිදුවී තිබෙන බව අරවින්ද ද සිල්වා ප්‍රකාශ කර තිබුණි.
අරවින්ද කමිටු සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මේ වන විට ක්ෂේත්‍රයේ පැතිරෙන කටකතා වලින් කියැවෙන්නේ ඊට ආසන්නතම හා ප්‍රබලතම හේතුව
ක්‍රිකට් කමිටුවේ එකඟතාවක් හෝ අනුදැනුමක් නොමැතිව දකුණු අප්‍රිකානු ජාතික ඇලන් ඩොනල්ඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ උපදේශක පුහුණුකරුවකු ලෙසින් පත්කර ගැනීමයි. ඇලන් ඩොනල්ඩ්  හදිසියේම ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ පුහුණු උපදේශකවරයා වීම පිළිබඳව අරවින්දට තිබී ඇත්තේ විමතියකි. ඇලන් ඩොනල්ඩ් ශ්‍රී ලංකාවට පැමිණෙන තුරුම ඒ සම්බන්ධයෙන් කිසිවක් නොදැන සිටි අරවින්දගේ තර්කය වී ඇත්තේ “එයා ඇවිල්ලා මාසෙකින් මොනවා කරන්නද” යන්නයි.

http://www.gossiplankanews.com/2017/05/aravinda-alen-donald.html

Comments

Popular posts from this blog

ස්විස් විවාහෙ කඩාගෙනයි මං ගාලු ජනතා සේවෙට ආවෙ - තනතුරු අහිමිවීමෙන් පසු ගීතා කියයි

උසාවි තීන්දුව ප්‍රකාරව සිය මන්ත්‍රී ධූරය අහිමිවන බව දැනගැනීෙමන් පසු ගීතා කුමාරසිංහ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාෙව්දී මෙසේ කියා සිටියාය. 'මම උසාවියේ තීන්දුවට හිස නමනවා. අපේ රටේ සියලුම පුරවැසියන්ට තියන අයිතියක්.තමන්ට විරුද්ධව මෙවැනි දෙයක් වුණහම ඊට ඉහළින් තියන උසාවියකට යන එක. ඒ නිසා මම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් ගොනු කරන්න සියල්ල සූදානම් කර තියෙනවා. 65000 ක් මට ඡන්දෙ දීපු ජනතාවට වෙච්ච අසාධාරණයක් මේක. කලබල වෙන්න එපා ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව එනතුරු බලා ඉමු. අනිත් එක මං ජනතාවට කියනවා ස්විට්සර්ලන්තයේමට තිබිච්ච සියලු සම්පත් මං අතෑරල දාලා ඒ පුරවැසිභාවය අයින් කරගත්ත කෙනෙක් හැටියට මම කණගාටු වෙනවා. අද මෙවැනි තත්වයකට මාව ගෙනාවෙ පැරදිච්ච එක්කෙනෙක් මෙතැන්ට එන්න කරන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි. මේ මුකුත්ම නෑනෙ මම ආණ්ඩුවට එකතු වුණානම්. මගේ දේවල් සියල්ල නැති කරගනිමින් විවාහයේත් ප්‍රශ්න ඇති කරගනිමින්. මම ජනතාව වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. ඒක අදත් කරනවා මං හෙටත් කරනවා. මොනදේ නැති වුණත් මං තාම ගීතා කුමාරසිංහ.' http://www.gossiplankanews.com/2017/05/geetha-speaks.html

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html