Skip to main content

බිරිඳගේ අනියම් ඇසුර අල්ලන්න මුස්ලිම් කාන්තා වෙස්ගත් සැමියෙක් මහනුවර ගුඩිෂෙඩ් බස් නැවතුමේ

බිරිඳගේ අනියම් ඇසුර අල්ලන්න
මුස්ලිම් කාන්තා වෙස්ගත් සැමියෙක්
මහනුවර ගුඩිෂෙඩ් බස් නැවතුමේ


පසුගිය 2 වනදා මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පොළේ මුහුණු ආවරණය වන පරිදි මුස්ලිම් ඇඳුමක් ඇඳගෙන බොහෝ වේලා රැඳී සිටි අයෙකු ගැන මහනුවර මුලස්ථාන පොලීසියේ නිලධාරීන්ට සැකයක් හටගෙන තිබුණි.
බස් නැවතුමේ ගමන් ගන්නා මගින් දෙස මෙන්ම බස් රථවලින් බැස යන මගින් දෙසද මහත් උවමනාවෙන් අවධානය යොමු කිරීමට මෙම සැක කටයුතු කාන්තාව කටයුතු කරන බවද පොලිසිය නිරීක්ෂණය කළ අතර
පැය 02 කට අධික කාලයක්

එකම තැනක සිටීම මතද ඇය ගැන අවධානය වැඩි විය.එම අවස්ථාවේ එම පොලිස් නිලධාරීන් ගුඩ්ෂෙඩ් බස් නැවතුම වෙත කාන්තා පොලිස් නිලධාරිනියක් කැඳවා සැකසහිත කාන්තාව ප්‍රශ්න කිරීමකට ලක් කරන්නට උත්සාහගන්නා ලදි.
එම අවස්ථාවේ කලබල වූ කාන්තාව ධාවනය වෙමින් පැවති බස් රථයකට දිවගොස් පළා යාමට උත්සහ කර තිබුණි.
වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් බස් රථය නවත්වා ඇය අල්ලාගත් අතර මුහුණු ආවරණය ඉවත් කර කතා කර බැලීමේදී පොලිසිය පුදුමයට පත් කරමින් මුස්ලිම් කාන්තාවක් ලෙස වෙස් වලාගෙන සිට ඇත්තේ පුරුෂයෙකු බව හෙළි විය.
තමා මහනුවර මයිලපිටිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි විවාහක එක් දරු පියෙකු බව පැවසූ ඔහුගෙන් මේ ආකාරයට වෙස්වළාගැනීමට හේතුව කුමක්දැයි පොලිසිය විමසීමේදී කියා සිටියේ තම 26 හැවිරිදි බිරිඳගේ අනියම් සම්බන්ධතාවයක් ගැන ආරංචි ලැබුණ බවත්  ගම්පොල ප්‍රදේශයේ ආයතනයක රැකියාව කරන බව කියන එම පෙම්වතා සමග ඇය අද දිනයේ බස් රථයකින් එම බස් නැවතුමට එනබවට ලැබුණ ආරංචි මත ඔවුන් අතටම අල්ලාගන්නට මේ ආකාරයට වෙස් වළාගත් බවයි.
තමාගේ නියම හැඩරුව දැක්කොත් ඇයත් පෙම්වතාත් අල්ලාගන්නට බැරිව යන නිසා තම හිතවතෙකුගෙන් මුස්ලිම් කාන්තා ඇඳුමක් ණයට ඉල්ලාගෙන මේ ආකාරයට වෙස් වළාගෙන පැමිණි බව ඔහු පවසා ඇත.

http://www.gossiplankanews.com/2017/05/kandy-burqa-issue.html

Comments

Popular posts from this blog

ස්විස් විවාහෙ කඩාගෙනයි මං ගාලු ජනතා සේවෙට ආවෙ - තනතුරු අහිමිවීමෙන් පසු ගීතා කියයි

උසාවි තීන්දුව ප්‍රකාරව සිය මන්ත්‍රී ධූරය අහිමිවන බව දැනගැනීෙමන් පසු ගීතා කුමාරසිංහ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාෙව්දී මෙසේ කියා සිටියාය. 'මම උසාවියේ තීන්දුවට හිස නමනවා. අපේ රටේ සියලුම පුරවැසියන්ට තියන අයිතියක්.තමන්ට විරුද්ධව මෙවැනි දෙයක් වුණහම ඊට ඉහළින් තියන උසාවියකට යන එක. ඒ නිසා මම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් ගොනු කරන්න සියල්ල සූදානම් කර තියෙනවා. 65000 ක් මට ඡන්දෙ දීපු ජනතාවට වෙච්ච අසාධාරණයක් මේක. කලබල වෙන්න එපා ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව එනතුරු බලා ඉමු. අනිත් එක මං ජනතාවට කියනවා ස්විට්සර්ලන්තයේමට තිබිච්ච සියලු සම්පත් මං අතෑරල දාලා ඒ පුරවැසිභාවය අයින් කරගත්ත කෙනෙක් හැටියට මම කණගාටු වෙනවා. අද මෙවැනි තත්වයකට මාව ගෙනාවෙ පැරදිච්ච එක්කෙනෙක් මෙතැන්ට එන්න කරන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි. මේ මුකුත්ම නෑනෙ මම ආණ්ඩුවට එකතු වුණානම්. මගේ දේවල් සියල්ල නැති කරගනිමින් විවාහයේත් ප්‍රශ්න ඇති කරගනිමින්. මම ජනතාව වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. ඒක අදත් කරනවා මං හෙටත් කරනවා. මොනදේ නැති වුණත් මං තාම ගීතා කුමාරසිංහ.' http://www.gossiplankanews.com/2017/05/geetha-speaks.html

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html