Skip to main content

පුතාලා තුන්දෙනා ඉන්නකං මහින්ද එල්ලන්න ලේසි වෙන් නෑ - නාමල්


බොරැල්ල එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේ ඊයේ (03දා) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙසේ කියා ඇත.
‘ආණ්ඩුවක් හැටියට ජනාධිපතිවරයා,
අගමැතිවරයාගෙන් මේ රටේ කම්කරුවන්ට රටේ වැඩකරන ජනතාවට වගේම තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන්නේ කොහොමද කියන දේ පිළිබඳව ප්‍රතිපත්තිමය දේශපාලනයයි බලාපොරොත්තු වුණේ. නමුත් ආණ්ඩුව පිහිටුවලා අවුරුදු තුනක් යනවිටත් තවම කතා කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා ගැන.
දැන්වත් මේ රටේ සැබෑ ජනමතය තියෙන්නේ කොතනද සහ ජනතාවගේ සැබෑ අවශ්‍යතාව කුමක්ද කියලා අවබෝධ කරගන්න. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ කණ්ඩායමට අපි ආරාධනා කරනවා දැන්වත් අපිත් සමඟ එකතු වෙන්න කියලා.
මහින්ද රාජපක්ෂ මහතාව සාටකයෙන් එල්ලනවා කියපු මහත්තයාම තමයි මේ රටේ විනය හදන්න දාලා තියෙන්නේ. මහින්ද මහත්තයාව සාටකෙන් එල්ලන්න ලේසි නැහැ. පුතාලා තුන්දෙනෙක් ඉන්නවා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඉන්නවා එතුමා වටේ. එතුමා ළඟට යන්න කලින් අපිව එල්ලලා ඉන්න වෙයි.‘

http://www.gossiplankanews.com/2017/05/namal-rajapaksa-speaks.html

Comments

Popular posts from this blog

ස්විස් විවාහෙ කඩාගෙනයි මං ගාලු ජනතා සේවෙට ආවෙ - තනතුරු අහිමිවීමෙන් පසු ගීතා කියයි

උසාවි තීන්දුව ප්‍රකාරව සිය මන්ත්‍රී ධූරය අහිමිවන බව දැනගැනීෙමන් පසු ගීතා කුමාරසිංහ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාෙව්දී මෙසේ කියා සිටියාය. 'මම උසාවියේ තීන්දුවට හිස නමනවා. අපේ රටේ සියලුම පුරවැසියන්ට තියන අයිතියක්.තමන්ට විරුද්ධව මෙවැනි දෙයක් වුණහම ඊට ඉහළින් තියන උසාවියකට යන එක. ඒ නිසා මම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් ගොනු කරන්න සියල්ල සූදානම් කර තියෙනවා. 65000 ක් මට ඡන්දෙ දීපු ජනතාවට වෙච්ච අසාධාරණයක් මේක. කලබල වෙන්න එපා ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව එනතුරු බලා ඉමු. අනිත් එක මං ජනතාවට කියනවා ස්විට්සර්ලන්තයේමට තිබිච්ච සියලු සම්පත් මං අතෑරල දාලා ඒ පුරවැසිභාවය අයින් කරගත්ත කෙනෙක් හැටියට මම කණගාටු වෙනවා. අද මෙවැනි තත්වයකට මාව ගෙනාවෙ පැරදිච්ච එක්කෙනෙක් මෙතැන්ට එන්න කරන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි. මේ මුකුත්ම නෑනෙ මම ආණ්ඩුවට එකතු වුණානම්. මගේ දේවල් සියල්ල නැති කරගනිමින් විවාහයේත් ප්‍රශ්න ඇති කරගනිමින්. මම ජනතාව වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. ඒක අදත් කරනවා මං හෙටත් කරනවා. මොනදේ නැති වුණත් මං තාම ගීතා කුමාරසිංහ.' http://www.gossiplankanews.com/2017/05/geetha-speaks.html

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html