Skip to main content

සිරිකොතේ අලියට වෙඩි තැබූ කොස්තාපල් අංගොඩ යවා මානසික වාර්තාවක් කැඳවයි

පිටකෝට්ටේ ප්‍රදේශයේ රාජකාරියක් සඳහා ගිනි අවියක් රැගෙන පා ගමනින් යන විට සිරිකොත පක්ෂ මූලස්ථානයේ සවිකර තිබූ අලියා සහිත ලාංඡනය දුටු බවත් අලියාගේ ඇහැට වෙඩි තබා මැයි පළමුවෙනිදා
වෙනසක් කළ යුතු යයි සිතුණ නිසා
එම ලාංඡනයට වෙඩි තැබූ බවත්
පසුගියදා අත්අඩංගුවට පත්වූ පොලිස් කොස්තාපල් එස්. ඒ. සුමිත් ජයවීර අධිකරනයේදී ප්‍රකාශ කර තිබේ.
මේ පොලිස් කොස්තාවල්වරයා අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙත යොමු කර වෛද්‍ය වාර්තාවක් ලබා ගන්නා ලෙසද මොහු පොලිස් නිලධාරියකු බව සලකා ඔහුව විශේෂිත වූ ස්ථානයක රඳවා තැබීමට පියවර ගන්නා ලෙසටද බන්ධනාගාර අධිකාරිවරයාට අධිකරණයෙන් නියම වූ අතර මේ මස 15 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා ඊයේ (02දා) නියෝග කළේය.

මිරිහාන පොලිසියට අනුයුක්තව සේවය කරන මීගහතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු සිරිකොත එජාප කාර්යාලය තුළ තිබෙන රන් පැහැති අලියාගේ රූපයට වෙඩි තැබීම නිසා පසුගියදා අත්අඩංගුවට පත් විය.
 කොස්තාපල්වරයා සිදුකළ මේ වෙඩි ප්‍රහාර දෙක හේතුවෙන් එම පක්ෂ මූලස්ථානයේ අලියා සහිත පිත්තල ලාංඡනය ආවරණය කර තිබූ වීදුරුවලට අලාභහානි සිදුව ඇති අතර යම් හෙයකින් මේ සිද්ධිය එම අවස්ථාවේ පෙළපාළියේ ගමන් ගනිමින් සිටි පිරිස් සිටියේ නම් නොසන්සුන්කාරී තත්ත්වයක් උදාවීමට ඉඩ තිබූ බව දක්වමින් ඔහුව අල්ලා අධිකරණයට ඉදිරිපත් කෙරිණි.කොස්තාපල්වරයාගේ රාජකාරි වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.



http://www.gossiplankanews.com/2017/05/sirikotha-police-costapal.html

Comments

Popular posts from this blog

ස්විස් විවාහෙ කඩාගෙනයි මං ගාලු ජනතා සේවෙට ආවෙ - තනතුරු අහිමිවීමෙන් පසු ගීතා කියයි

උසාවි තීන්දුව ප්‍රකාරව සිය මන්ත්‍රී ධූරය අහිමිවන බව දැනගැනීෙමන් පසු ගීතා කුමාරසිංහ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාෙව්දී මෙසේ කියා සිටියාය. 'මම උසාවියේ තීන්දුවට හිස නමනවා. අපේ රටේ සියලුම පුරවැසියන්ට තියන අයිතියක්.තමන්ට විරුද්ධව මෙවැනි දෙයක් වුණහම ඊට ඉහළින් තියන උසාවියකට යන එක. ඒ නිසා මම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් ගොනු කරන්න සියල්ල සූදානම් කර තියෙනවා. 65000 ක් මට ඡන්දෙ දීපු ජනතාවට වෙච්ච අසාධාරණයක් මේක. කලබල වෙන්න එපා ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව එනතුරු බලා ඉමු. අනිත් එක මං ජනතාවට කියනවා ස්විට්සර්ලන්තයේමට තිබිච්ච සියලු සම්පත් මං අතෑරල දාලා ඒ පුරවැසිභාවය අයින් කරගත්ත කෙනෙක් හැටියට මම කණගාටු වෙනවා. අද මෙවැනි තත්වයකට මාව ගෙනාවෙ පැරදිච්ච එක්කෙනෙක් මෙතැන්ට එන්න කරන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි. මේ මුකුත්ම නෑනෙ මම ආණ්ඩුවට එකතු වුණානම්. මගේ දේවල් සියල්ල නැති කරගනිමින් විවාහයේත් ප්‍රශ්න ඇති කරගනිමින්. මම ජනතාව වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. ඒක අදත් කරනවා මං හෙටත් කරනවා. මොනදේ නැති වුණත් මං තාම ගීතා කුමාරසිංහ.' http://www.gossiplankanews.com/2017/05/geetha-speaks.html

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html