Skip to main content

ගීතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරිය නොහැකි බව අධිකරණයේදී තීන්දුවේ


ගීතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරිය නොහැකි බව
අධිකරණයේදී තීන්දුවේ

ආණ්ඩුවට ආවා නම් මේ ප්‍රශ්න නෑ - ගීතා කියයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් දැරීම සඳහ සුදුසුකම් නොමැති බව අභියාචනාධිකරණය ප්‍රකාශ කර තිබේ.
මෙයට බලපෑවේ ගීතා කුමාරසිංහ මහත්මිය ස්විට්සර්ලන්තයේද පුරවැසිභාවය ඇති ද්විත්ව පුරවැසියකුව සිටියදී
ශ්‍රී ලංකාවේ මහ මැතිවරණයට ඉදිරිපත්වීමේ දෝෂයකි.
ඇය පාර්ලිමේන්තුවට පත්වූ පසුව මන්ත්‍රිවරියක් ලෙස කටයුතු කිරීමට සුදුසුකම් නොමැති බව සඳහන් කරමින් අධිකරණයට පෙත්සමක් 2015 මාර්තු මාසයේදී  ඉදිරිපත් කර තිබුනේ ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ පදිංචිකරුවෙක්‌ වන කේ.
ඩබ්ලිව්.

බුවනෙක සහ ඡේ. කේ. අමරවර්ධන ඇතුළු සිව්දෙනකු විසිනි.
අභියාචනාධිකරණයේ සභාපති විජිත් කේ. මලල්ගොඩ සහ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්
හමුවේ පෙත්සම් විභාගය පැවැත්වූ අතර ඇයට ස්විට්සර්ලන්ත පුරවැසිකම තිබියදී ලංකාවේ ඡන්දයට ඉදිරිපත්වූ බව හෙළිදරව්වී තිබුණි.
ගීතා කුමාරසිංහ මහත්මිය, ආගමන විගමන පාලක, සන්ධානයේ මහ ලේකම් සහ පාර්ලිමේන්තුවේ මහලේකම්
පෙත්සමේ නම්කර ඇගේ මන්ත්‍රී ධුරය රිට්‌ ආඥාවක්‌ මගින් අවලංගු කරන ලෙස ද පෙත්සමෙන් ඉල්ලා තිබුණි.
ඒ අනුව ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක් ලෙස කටයුතු කිරීම නුසුදුසු බව අභියාචනාධිකරණය රිට් ආඥාවක් මගින් අද (03) ප‍්‍රකාශ කළා.
මෙම නියෝගය ප්‍රකාරව ඉදිරියේදී මැතිවරණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවට දන්වා ඇගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන තීන්දුව දැනුම්දීම සිදුකළ හැකිව තිබේ. කෙසේ වෙතත් ඇය නැවත නීති මගට ගොස් එම තීන්දුව කල්දමාගැනීමේ හැකියාවක් පවතී.
මේ ගැන අදහස් දැක්වූ ගීතා මෙසේ කියා ඇත.
"කාන්තාවක් හැටියට මේක ලොකු අසාධාරණයක්. මම පාර්ලිමේන්තු ආවේ පිරිසිදු ඡන්දවලින්. මම මේ නඩු තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. එතකොට මගේ මන්ත්‍රි ධූරය අහෝසි කරන්න බැහැ.. ඒ නඩු තීන්දුව ඉවර වෙනකම්. මම මගේ ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ..කලබල නොවී බලාසිටින ලෙසයි. මට තව අවස්ථාවක් තියෙනවා. කොහොම වුණත් මම ආණ්ඩුවට එකතු වුණා නම් මේ කිසිම ප්‍රශ්නයක් නැහැ."





http://www.gossiplankanews.com/2017/05/geetha-kumarasinghe-citizenship-issue.html

Comments

Popular posts from this blog

ස්විස් විවාහෙ කඩාගෙනයි මං ගාලු ජනතා සේවෙට ආවෙ - තනතුරු අහිමිවීමෙන් පසු ගීතා කියයි

උසාවි තීන්දුව ප්‍රකාරව සිය මන්ත්‍රී ධූරය අහිමිවන බව දැනගැනීෙමන් පසු ගීතා කුමාරසිංහ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාෙව්දී මෙසේ කියා සිටියාය. 'මම උසාවියේ තීන්දුවට හිස නමනවා. අපේ රටේ සියලුම පුරවැසියන්ට තියන අයිතියක්.තමන්ට විරුද්ධව මෙවැනි දෙයක් වුණහම ඊට ඉහළින් තියන උසාවියකට යන එක. ඒ නිසා මම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් ගොනු කරන්න සියල්ල සූදානම් කර තියෙනවා. 65000 ක් මට ඡන්දෙ දීපු ජනතාවට වෙච්ච අසාධාරණයක් මේක. කලබල වෙන්න එපා ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව එනතුරු බලා ඉමු. අනිත් එක මං ජනතාවට කියනවා ස්විට්සර්ලන්තයේමට තිබිච්ච සියලු සම්පත් මං අතෑරල දාලා ඒ පුරවැසිභාවය අයින් කරගත්ත කෙනෙක් හැටියට මම කණගාටු වෙනවා. අද මෙවැනි තත්වයකට මාව ගෙනාවෙ පැරදිච්ච එක්කෙනෙක් මෙතැන්ට එන්න කරන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි. මේ මුකුත්ම නෑනෙ මම ආණ්ඩුවට එකතු වුණානම්. මගේ දේවල් සියල්ල නැති කරගනිමින් විවාහයේත් ප්‍රශ්න ඇති කරගනිමින්. මම ජනතාව වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. ඒක අදත් කරනවා මං හෙටත් කරනවා. මොනදේ නැති වුණත් මං තාම ගීතා කුමාරසිංහ.' http://www.gossiplankanews.com/2017/05/geetha-speaks.html

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html