Skip to main content

හුංගම මව හා ගැභිණි දියණියගේ ඝාතන දියණියගේ සැමියාගෙන් පරස්‌පර ප්‍රකාශ


හුංගම මව හා ගැභිණි දියණියගේ ඝාතන
දියණියගේ සැමියාගෙන් පරස්‌පර ප්‍රකාශ


සූරියවැව හුංගම ගුරුපොකුණ ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි 72 හැවිරිදි මවක සහ 35 හැවිරිදි ඇගේ ගැභිණි දියණිය ඊයේ (02 වැනිදා) පෙරවරුවේ නිවසේදී සාහසිකයකු විසින් කපා කොටා කෲර අන්දමින් ඝාතනය කර තිබේ.
මියගිය ගැභිණියගේ සැමියා රැකියාවක් නොකරන අතර ඔහු ඊයේ පාඨමාලාවකට සහභාගිවීම සඳහා උදෑසන නිවසින් පිටත්ව නැවත දහවල් පැමිණෙන විට නිවසේ මෙම ඝාතන සිදු කර ඇති අයුරු දැක තිබේ. නිවසේ අල්මාරි ඇද තිබුණ බව පෙනෙන්නට තිබුණ අතර
මුදල් හා රන් ආභරණ අතුරුදන්ව ඇති බව ඔහු පවසා තිබේ.
මෙහිදී ඝාතනයට ලක්‌ව ඇත්තේ යමුනා කාරියවසම්(36) සහ ඇගේ මව වන සිරියාවතී කාරියවසම්(72) යන දෙදෙනාය. මියගිය වයෝවෘද්ධ කාන්තාවට දරුවන් සිව්දෙනෙකු සිටින අතර දියණියන් දෙදෙනෙකු විදේශගතව සිටින බව කියැවේ.එක් පුතෙකු වන්නේ සූරියවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සුසන්ත කාරියවසම් මහතාය.

ඝාතනයට ලක්‌වූ යමුනා කාරියවසම් මහත්මියගේ සැමියා වන ජයසිංහ කෝරලේ ආරච්චිගේ සම්පත් (36) පවසා ඇත්තේ මේ ඝාතන සිදුවන අවස්ථාවේ එම නිවෙසේ වෙනත් කිසිවකු නොසිටි බවත් තමන් හම්බන්තොට කාර්මික විද්‍යාලයේ වායුසමීකරණ පුහුණු පාඨමාලාවක් හදාරන බැවින් ඒ සඳහා පෙරවරුවේ ගියද එදින අදාළ ගුරුවරයා නොපැමිණි බැවින් ඊයේ වේලාසනින් පැමිණි බවත් එසේ එන විට තම බිරිය නිවසේ ඇතුළේත්
බිරියගේ මව දියරෙද්ද සහිතව නිවසේ පිටත නාන කාමරයක් අසළත් මෙසේ ඝාතනය කර තිබෙන අයුරු දුටු බවයි. මියගිය ඔහුගේ බිරිය ගැබිනියක් බවද වාර්තා වූ අතර ඉතාම ම්ලේච්ඡ ලෙස ඔවුන් තියුණු ආයුධ වලින් කපා මරා තිබේ.
මේ ගැන ඔහු පොලිසියට දැනුම් දුන් පසුව මව සහ දියණියගේ ඝාතන සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ අරඹා තිබේ.
මෙම කාන්තාවන් දෙදෙනා ඊයේ පෙරවරු 8.00 වනවිටත් නිවසේ සිටිනු දුටු බව ප්‍රදේශවාසීහු පොලිසියට පවසා ඇත.
පොලිසිය පැමිණ මියගිය යමුනා කාරියවසම් මහත්මියගේ සැමියාගෙන් ප්‍රශ්න කරද්දී ඔහු පරස්‌පර විරෝධී ප්‍රකාශ ලබා දී ඇති බවක්ද පොලිසිය පවසයි.
ඔහුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුවන අතර ඊයේ පොලිස් සුනඛයින්ද ගෙනවිත් වැඩිදුර විමර්ශන අරඹා තිබුණි.
නිවෙසේ තිබූ අල්මාරි ඝාතනයට පැමිණි අය විසින් අවුස්සා ඇඳුම් බිමට ඇද දමා අවුල් කර තිබෙනු දක්නට ලැබුණු අතර එහි තිබූ රන් භාණ්ඩ හා අනෙකුත් මුදල් ඝාතකයන් විසින් රැගෙන යන්නට ඇතැයි පොලිසිය සැක කරයි. නිවසේ එම අවස්ථාවේ ලක්ෂ එකහමාරක මුදලක් තිබුණ බවත් බිරියගේ රන් භාණ්ඩද තිබුණ බවත් සැමියා ප්‍රකාශ කර ඇත.
ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිටත් කිසිවකු අත්අඩංගුවට ගෙන නැත. හුංගම පොලිසිය පරීක්ෂණ පවසයි.




http://www.gossiplankanews.com/2017/05/hungama-murder.html

Comments

Popular posts from this blog

ස්විස් විවාහෙ කඩාගෙනයි මං ගාලු ජනතා සේවෙට ආවෙ - තනතුරු අහිමිවීමෙන් පසු ගීතා කියයි

උසාවි තීන්දුව ප්‍රකාරව සිය මන්ත්‍රී ධූරය අහිමිවන බව දැනගැනීෙමන් පසු ගීතා කුමාරසිංහ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාෙව්දී මෙසේ කියා සිටියාය. 'මම උසාවියේ තීන්දුවට හිස නමනවා. අපේ රටේ සියලුම පුරවැසියන්ට තියන අයිතියක්.තමන්ට විරුද්ධව මෙවැනි දෙයක් වුණහම ඊට ඉහළින් තියන උසාවියකට යන එක. ඒ නිසා මම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් ගොනු කරන්න සියල්ල සූදානම් කර තියෙනවා. 65000 ක් මට ඡන්දෙ දීපු ජනතාවට වෙච්ච අසාධාරණයක් මේක. කලබල වෙන්න එපා ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව එනතුරු බලා ඉමු. අනිත් එක මං ජනතාවට කියනවා ස්විට්සර්ලන්තයේමට තිබිච්ච සියලු සම්පත් මං අතෑරල දාලා ඒ පුරවැසිභාවය අයින් කරගත්ත කෙනෙක් හැටියට මම කණගාටු වෙනවා. අද මෙවැනි තත්වයකට මාව ගෙනාවෙ පැරදිච්ච එක්කෙනෙක් මෙතැන්ට එන්න කරන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි. මේ මුකුත්ම නෑනෙ මම ආණ්ඩුවට එකතු වුණානම්. මගේ දේවල් සියල්ල නැති කරගනිමින් විවාහයේත් ප්‍රශ්න ඇති කරගනිමින්. මම ජනතාව වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. ඒක අදත් කරනවා මං හෙටත් කරනවා. මොනදේ නැති වුණත් මං තාම ගීතා කුමාරසිංහ.' http://www.gossiplankanews.com/2017/05/geetha-speaks.html

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html