Skip to main content

විදුලිය පිරිමසන්න ඒසී දානවනම් 26 ට දාන්නැයි ඇමති සියඹලාපිටිය ඉල්ලයි


පවතින විදුලි අර්බුදය හමුවේ ජනතාව මෙගාවෝට් 25ක් වත් ඉතිරි කර ගත යුතු බවත් ඉදිරියේදී වායුසමන යන්ත්‍ර සෙල්සියස් අංශක 26ක පවත්වාගෙන යෑමට චක්‍රලේඛයක් ගෙන එන බවත් විදුලි බල හා
පුනනර්ජනනීය බල ශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි. ඇමැතිවරයා මේ අදහස් ප්‍රකාශ කළේ ලංකා විදුලි බල මණ්ඩලයේ රුවන්වැල්ල ප්‍රාදේශීය ඉන්ජිනේරු බල ප්‍රදේශයේ
දැරණියගල පාරිභෝගික සේවා මධ්‍යස්ථානයට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි කාර්යාල රුපියල් මිලියන 37ක වියදමකින් ඉදිකිරීමට නියමිතය.
එහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද පැවැසීය.
මේ වන විට අපි දරුණු නියඟයකට මුහුණ දීලා තිබෙන්නේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා තව මාස 5ක් 6ක් වගේ කාලයක් මේ තත්ත්වය පවතීවි කියලා. 2006 වසරෙන් පස්සේ ලොකුම නියඟයටයි අපි මේ මුහුණ දීලා තියෙන්නේ. මේක අපිට ලොකු අභියෝගයක්. අපි ළඟ ජලයත් හිඟයි. ඒ අනුව විදුලිය නිපදවීම සඳහා ඩීසල්, ගල් අඟුරු වැනි විකල්පයකට යන්න වෙනවා. නමුත් මේ සඳහා යන වියදම ජනතාව පිට පටවන්න බෑ.
මේකට අවශ්‍ය සියලු දේවල් පිළිබඳ අපි මේ වන විට කැබිනට් මණ්ඩලයත් දැනුවත් කරලයි තිබෙන්නේ. අපේ විදුලි ගැටලුව ගැනත් දිය යුතු විසඳුම් ගැනත් රජය එකඟ වෙලා තියෙන්නේ, අපිට ඒ සඳහා සහයෝගය ලබා දෙන්න. අපි ජනතාවගෙනුත් ඉල්ලන්නේ ඒ සඳහා සහයෝගය දෙන්න කියලා. අපි විතරක් නෙමෙයි මුළු ආසියාවේම මේ නියඟයෙන් පෙළෙනවා. මේක අපි සියලු දෙනාම බෙදා හදා ගන්න ඕන.

(හර්ෂනී අර්සකුලරත්න)

http://www.gossiplankanews.com/2017/05/siyambalapitiya-ac-request.html

Comments

Popular posts from this blog

ස්විස් විවාහෙ කඩාගෙනයි මං ගාලු ජනතා සේවෙට ආවෙ - තනතුරු අහිමිවීමෙන් පසු ගීතා කියයි

උසාවි තීන්දුව ප්‍රකාරව සිය මන්ත්‍රී ධූරය අහිමිවන බව දැනගැනීෙමන් පසු ගීතා කුමාරසිංහ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාෙව්දී මෙසේ කියා සිටියාය. 'මම උසාවියේ තීන්දුවට හිස නමනවා. අපේ රටේ සියලුම පුරවැසියන්ට තියන අයිතියක්.තමන්ට විරුද්ධව මෙවැනි දෙයක් වුණහම ඊට ඉහළින් තියන උසාවියකට යන එක. ඒ නිසා මම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් ගොනු කරන්න සියල්ල සූදානම් කර තියෙනවා. 65000 ක් මට ඡන්දෙ දීපු ජනතාවට වෙච්ච අසාධාරණයක් මේක. කලබල වෙන්න එපා ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව එනතුරු බලා ඉමු. අනිත් එක මං ජනතාවට කියනවා ස්විට්සර්ලන්තයේමට තිබිච්ච සියලු සම්පත් මං අතෑරල දාලා ඒ පුරවැසිභාවය අයින් කරගත්ත කෙනෙක් හැටියට මම කණගාටු වෙනවා. අද මෙවැනි තත්වයකට මාව ගෙනාවෙ පැරදිච්ච එක්කෙනෙක් මෙතැන්ට එන්න කරන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි. මේ මුකුත්ම නෑනෙ මම ආණ්ඩුවට එකතු වුණානම්. මගේ දේවල් සියල්ල නැති කරගනිමින් විවාහයේත් ප්‍රශ්න ඇති කරගනිමින්. මම ජනතාව වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. ඒක අදත් කරනවා මං හෙටත් කරනවා. මොනදේ නැති වුණත් මං තාම ගීතා කුමාරසිංහ.' http://www.gossiplankanews.com/2017/05/geetha-speaks.html

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html