Skip to main content

SF ලොක්කා අත්අඩංගුවට - අත්බෝම්බයකුත් හමුවේ


අනුරාධපුරයේ කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන SF ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහ නමැත්තා පසුගියදා ඇප මත නිදහස්ව සිටි කාලයේ තවත් අපරාධවලට සම්බන්ධවී පොලිසියට අවශ්‍යවී සිටි අතර අද උදෑසන අත්බෝම්බයක් සමග අනුරාධපුර දහයියාගමදී අත්අඩංගුවට ගෙන
තිබේ.

පොලීසිය පැවසුවේ, වාහනයක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී අත්බෝම්බයක් ද ඔහු සතුව තිබී හමුවුණ බවයි.
කරාටේ ශූර වසන්ත සොයිසා පවත්වාගෙන ගිය සමාජ ශාලාවේ 84000 ක බිලක් නොගෙවීම නිසා  එස් එෆ් ලොක්කාට එය තහනම් කලාපයක් කර තිබීම ගැන උරණවූ පසුව 28 දෙනෙකු කැටුව ඇවිත් සමාජ ශාලාව කුඩුපට්ටම් කර පොරවකින් කොටා වසන්ත සොයිසාව ඝාතනය කර තිබූ අතර ඉතා පැහැදිලි CCTV සාක්ෂි මත 2015 ජනවාරි මස SF ලොක්කා ඇතුළු 28 දෙනෙකු අත්අඩංගුවට පත් විය.
එසේ අත්අඩංගුවට පත්වෙන්නට පෙර යූටියුබ් ඔස්සේ වීඩියෝවක් යොමු කරමින් තමා සිදු කලේ ශුද්ධ භූමියක් සමාජ ශාලාවකින් බේරාගැනීමක් යයිද ඔහු පවසා තිබුණි.
බන්ධනාගාරයේ දිගින් දිගටම ඇප නොලබා සිට පසු මීට මාස කිහිපයකට පෙර ඔහු ඇප ලැබූ සැණින් නැවත සිය කටයුතු පෙර ලෙසම ඇරඹූ අතර තමා ආගම් ජාතිය ගැන සිතන ආරක්ෂකයෙකු ලෙස පෙනී සිටිමින්ද අලුත් වීඩියෝ මුදාහැර තිබුණි.
කොන්ත්‍රාත් අපරාධයක් සිදු කිරීමේ අටියෙන් වාහනයක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු පොලිසියට අවශ්‍යවූයේ ඉන්පසුය.
අද අත්අඩංගුවට පත් සැකකරු හෙට අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

http://www.gossiplankanews.com/2017/04/sf-lokka-arrested.html

Comments

Popular posts from this blog

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html

රුපියල ශක්තිමත් වෙයි

අපනයනකරුවන් විසින් ඩොලර් විනිමය විකිණීමත්, ස්වෛරීත්ව බැඳුම්කර සහ සම්මිලිත ණය මුදල් ලැබීමේ අපේක්ෂාවෙන් රුපියල ශක්තිමත්වීමත් දැන් දක්නට ලැබෙනවා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ දිනයේ... Read More http://www.hirunews.lk/sinhala/business/160740