Skip to main content

බඳින්න පෙර Living together හොඳයි කියන ලක්ෂිකා හා ඕෂධී

 ලක්ෂිකා ජයවර්ධනගේ අදහස

Living together සංකල්පය පිළිබඳව තියෙන්නේ මොන වගේ අදහසක්ද?
එකට ජීවත් වෙනවා කියන එකනේ මේ කියන්නේ. මෙහෙමයි අපි ආදරය කරනවා නම් එය විවාහයෙන්ම
කෙලවර විය යුතු නෑ. එ් නිසා එකට ජීවත් වෙන්න විවාහ විය යුතුම නෑ මම දකින විදිහට නම්. මම නම්

මේ සංකල්පයට එකඟයි.

එතකොට විවාහය කියන සංකල්පය වැදගත්ම නැද්ද?


එයත් අවශ්‍යයි. මොකද අපේ ඇතැම් දේවල් රැුඳිලා තියෙන්නනේ මේ නිසා. පවුල කියන පදනම
ඇතිවෙන්නේ මේ නිසා. නමුත් Living together කියන සංකල්පයේද ගත යුතු දේවල් තියෙනවා.

මේ දෙක අතරින් වඩා හොඳ කුමක්ද?
විවාහ වූ දෙදෙනකුට වුණත් තේරුම් ගැනීම වැදගත් එකට ජීවත් වෙන්න. ඉතිං විවාහ නොවී වුණත් නිවැරදි
අවබෝධයෙන් යුතුව ජීවත් වීම තමයි වැදගත් වෙන්නේ. මොකද විවාහය කියන්නේ අත්සනක් පමණයි. මේ ලියන
බැඳීමට වඩා හදවතේ බැඳීම බලවත් දෙයක්. එ් බැදීම බිඳ දැමීම අපහසු දෙයක්.



--------------------------



ඕෂධි හිමේෂාගේ අදහස

Living together සංකල්පය ගැන මොකක්ද අදහස?
මට ඇත්තටම කියන්න තියෙන්නේ මෙය හොඳ දෙයක් කියලයි. මොකද දෙන්නෙක්ට අවබෝධ කරගන්න තියෙන ඉඩ
වැඩියි එකට ජීවත් වුණහම.

විවාහ වෙලා එකට ජීවත් වෙන විට තේරුම් ගන්න බැරිද?
මෙහෙමයි අද ලංකාවේ විතරක් නෙමෙයි ලොව පුරා දික්කසාදය වැඩිවෙලා තියෙනවා. ඇත්තටම එහෙම
විවාහ වෙලා පස්සේ ගැළපෙන්නේ නෑ කියලා දික්කසාද වෙනවට වඩා එකට ජීවත් වෙලා නොගැළපෙන
බව තේරුම් අරගෙන වෙන් වෙන එක හොඳයි.

මේ කාරණය අපේ රටේ සංස්කෘතියට ගැළපෙන්නේ නෑ කියන අදහස බරපතළ විදිහට තියෙනවා නේද?
මම නම් මේ සංකල්පයට කැමැතියි සහ ආසයි. අපේ රටේ සංස්කෘතිය අතින් අරගෙන බලද්දී මේක
නොගැළපෙන්න පුළුවන්. ඒත් මම මෙහෙම කියන්නේ එ් දිහා බලලා නෙමෙයි. දෙන්නෙක් අතර අවබෝධයක්
ඇති කර ගන්න එකට ජීවත් වෙන්න හැකිද කියන දේ තේරුම් ගන්න ලිවිංග් ටුගෙදර් ඉතාම හොඳ අවස්ථාවක්.


සටහන - නයනකේෂී විජේකෝන් (රිවිර)

http://www.gossiplankanews.com/2017/04/living-together-lakshika-oshadee.html

Comments

Popular posts from this blog

ස්විස් විවාහෙ කඩාගෙනයි මං ගාලු ජනතා සේවෙට ආවෙ - තනතුරු අහිමිවීමෙන් පසු ගීතා කියයි

උසාවි තීන්දුව ප්‍රකාරව සිය මන්ත්‍රී ධූරය අහිමිවන බව දැනගැනීෙමන් පසු ගීතා කුමාරසිංහ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාෙව්දී මෙසේ කියා සිටියාය. 'මම උසාවියේ තීන්දුවට හිස නමනවා. අපේ රටේ සියලුම පුරවැසියන්ට තියන අයිතියක්.තමන්ට විරුද්ධව මෙවැනි දෙයක් වුණහම ඊට ඉහළින් තියන උසාවියකට යන එක. ඒ නිසා මම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් ගොනු කරන්න සියල්ල සූදානම් කර තියෙනවා. 65000 ක් මට ඡන්දෙ දීපු ජනතාවට වෙච්ච අසාධාරණයක් මේක. කලබල වෙන්න එපා ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව එනතුරු බලා ඉමු. අනිත් එක මං ජනතාවට කියනවා ස්විට්සර්ලන්තයේමට තිබිච්ච සියලු සම්පත් මං අතෑරල දාලා ඒ පුරවැසිභාවය අයින් කරගත්ත කෙනෙක් හැටියට මම කණගාටු වෙනවා. අද මෙවැනි තත්වයකට මාව ගෙනාවෙ පැරදිච්ච එක්කෙනෙක් මෙතැන්ට එන්න කරන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි. මේ මුකුත්ම නෑනෙ මම ආණ්ඩුවට එකතු වුණානම්. මගේ දේවල් සියල්ල නැති කරගනිමින් විවාහයේත් ප්‍රශ්න ඇති කරගනිමින්. මම ජනතාව වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. ඒක අදත් කරනවා මං හෙටත් කරනවා. මොනදේ නැති වුණත් මං තාම ගීතා කුමාරසිංහ.' http://www.gossiplankanews.com/2017/05/geetha-speaks.html

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html