Skip to main content

ජනපතිගේ සයිටම් විසඳුම පිළිගන්නේ නෑ -වර්ජන දිගටම කරනවා- GMOA


ඊයේ පුවත්පත් කතුවරුන් හමුවේ අදහස් දක්වමින් සයිටම් අර්බුදය විසඳීම සඳහා ජනාධිපතිවරයා ලබාදී ඇති වෙනම පාලක මණ්‌ඩලයක්‌ පත් කළ යුතු විසඳුමට එකඟ නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ
ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ
කළේය.
ජනාධිපතිවරයාගේ විසඳුම සම්බන්ධව සයිටම් ආයතනයට එරෙහි වෘත්තීය සමිති සියය සමඟ ඊයේම සාකච්ඡා කළ බව ද එහිදී එකී විසඳුමට එකඟ නොවීමට සියලු දෙනා ඒකමතිකව තීරණය කළ බව ද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.
 ජනාධිපතිවරයා කර ඇති යෝජනාවෙන් පෙනී යන්නේ දැනට තිබෙන සයිටම් පාලනය වැරැදි බව මෙන්ම පුහුණුව ප්‍රමාණවත් නොමැති බව සහ ඔවුන් විභාගවලට පෙනී සිටිය යුතු බව කියන ඔහු සයිටම් අර්බුදය පිළිබඳ ජනාධිපතිවරයා යම්තාක්‌ දුරට කරුණු තේරුම් ගෙන තිබීම ගැන සතුටුවන බව කියා සිටියේය.
එහෙත් සෞඛ්‍ය ඇමැතිවරයා සහ උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා විසින් ජනාධිපතිවරයා නොමඟ යවා ඇති බව අවසන් තීන්දුවෙන් පැවසෙන බවත්
සයිටම් සඳහා පාලක මණ්‌ඩලයක්‌ පත්කිරීම නොව ජනාධිපතිවරයා විසින් කළ යුත්තේ එය රජයට පවරා ගැනීම බව පවසන ඔහු තමන්ගේ අඛණ්ඩ විරේධතාවන් ඉදිරියටත් ක්‍රියාත්මක වන බව දන්වා සිටියේය.

http://www.gossiplankanews.com/2017/04/gmoa-saitm-new-opinion.html

Comments

Popular posts from this blog

ස්විස් විවාහෙ කඩාගෙනයි මං ගාලු ජනතා සේවෙට ආවෙ - තනතුරු අහිමිවීමෙන් පසු ගීතා කියයි

උසාවි තීන්දුව ප්‍රකාරව සිය මන්ත්‍රී ධූරය අහිමිවන බව දැනගැනීෙමන් පසු ගීතා කුමාරසිංහ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාෙව්දී මෙසේ කියා සිටියාය. 'මම උසාවියේ තීන්දුවට හිස නමනවා. අපේ රටේ සියලුම පුරවැසියන්ට තියන අයිතියක්.තමන්ට විරුද්ධව මෙවැනි දෙයක් වුණහම ඊට ඉහළින් තියන උසාවියකට යන එක. ඒ නිසා මම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් ගොනු කරන්න සියල්ල සූදානම් කර තියෙනවා. 65000 ක් මට ඡන්දෙ දීපු ජනතාවට වෙච්ච අසාධාරණයක් මේක. කලබල වෙන්න එපා ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව එනතුරු බලා ඉමු. අනිත් එක මං ජනතාවට කියනවා ස්විට්සර්ලන්තයේමට තිබිච්ච සියලු සම්පත් මං අතෑරල දාලා ඒ පුරවැසිභාවය අයින් කරගත්ත කෙනෙක් හැටියට මම කණගාටු වෙනවා. අද මෙවැනි තත්වයකට මාව ගෙනාවෙ පැරදිච්ච එක්කෙනෙක් මෙතැන්ට එන්න කරන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි. මේ මුකුත්ම නෑනෙ මම ආණ්ඩුවට එකතු වුණානම්. මගේ දේවල් සියල්ල නැති කරගනිමින් විවාහයේත් ප්‍රශ්න ඇති කරගනිමින්. මම ජනතාව වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. ඒක අදත් කරනවා මං හෙටත් කරනවා. මොනදේ නැති වුණත් මං තාම ගීතා කුමාරසිංහ.' http://www.gossiplankanews.com/2017/05/geetha-speaks.html

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html