Skip to main content

දකුණු කොරියාවේදී අතුරුදන්වූ ශ්‍රී ලාංකික තරුණයා ගැන පරස්පර තොරතුරු


දකුණු කොරියාවේදී අතුරුදන්වූ
ශ්‍රී ලාංකික තරුණයා ගැන පරස්පර තොරතුරු

පසුගිය අප්‍රේල් 16 වනදා සිට ආගිය අතක් සොයාගන්නට බැරිව තිබෙන දකුණු කොරියාවේ සේවය කළ ශ්‍රී ලාංකික තරුනයෙකු සම්බන්ධයෙන් සමාජ ජාල තුළ ආන්දෝලනයක් හටගෙන තිබේ.
26 හැවිරිදි ශෂේන් ශානක ජයසේකර නමැති ඔහු ගාල්ල බද්දේගම පදිංචිකරුවෙකි.
මීට වසර තුනකට පමණ ඉහතදී කොරියාවට යාමේ තරග විභාගයෙන් දිවයිනෙන් ප්‍රථමයාවී සමත්ව
කොරියාවේ රැකියාවට ගොස් සිටි දක්ෂ තරුණයෙකු වූ ඔහු අවිවාහකයෙකි. නිරන්තරයෙන්ම තම මව සමඟ කතා කර තිබෙන නමුත් අප්‍රේල් මස 16 වැනිදායින් පසු
සම්බන්ධවී නැත.
කෙසේ වෙතත් ඔහු සියදිවි නසාගත්තා වැනි දෙයක් සිදු කර ඇති බවට සැකකරන වැකි ඔහුගේ මුහුණු පොතේ ඇති බව යහළුවන් විසින් වාර්තා කර තිබේ.
මා මළ දවසට දුක්‌වෙන්න කවුරුත් නැහැ. හඬන්න කවුරුත් නැහැ යනුවෙන් ඔහු සටහන් තබා තිබුනි.
එහෙත් ශෂෙන්ගේ

මාමා වන ජයන්ත ඉලේපෙරුම  පවසා ඇත්තේ ශෂෙන්ගේ මුහුණු පොතට කිසියම් අයකු ඇතුළුවී එය විකෘතිකොට ඇති බවකි.
මේ අතර කොරියානු පොලිසිය සිදු කළ සොයාබැලීමේදී ඔහුගේ යයි සැකකරන මළ සිරුරක් හමුවී ඇති බවට ආරංචියක්ද පළව තිබේ.
දකුණු කොරියාවේ තෙගු ආසන්නයේ කැලෑබද කඳු වැටියක්‌ අසලදී හමුවී ඇති සපත්තු ජෝඩුව හා මුදල් පසුම්බියක්ද ඊට පහළින් මළ සිරුරක්ද හමුව තිබෙන අතර එම ශෂෙන්ට අයත් බවට සැක මතුව තිබේ.
ශෂෙන්ගේ අතුරුදන්වීම ගැන ඔහුගේ මාමා වන ජයන්ත ඉලේපෙරුම මෙසේ කියා ඇත.

‘මගේ නංගිගේ පුතා මීට වසර තුනකට පමණ ඉහතදී කොරියාවේ රැකියාවකට ගියා. තෙගු නගරයේ පිහිටි සමාගමක තමයි රැකියාව කළේ. මේ පුතාගේ මවත් සයිප්‍රස්‌ රටේ රැකියාවක්‌ කරනවා. මවත් සමඟ පුතා නිතරම කතාකරනවා. අප්‍රේල් 16 වැනි දින තෙගු නගරයේ විහාරස්‌ථානයක්‌ අසල අවුරුද්ද නිමිත්තෙන් පැවැති සංගීත ප්‍රසංගයකට පුතා සහභාගිවෙලා තියෙනවා. නමුත් පුතා ඊට පසු මවට කථා කරලා නෑ. මව අපට කීවා පුතා ගැන තොරතුරක්‌ නැහැ හොයන්න කියලා. විදේශ කටයුතු අමාත්‍යාංශයට හා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයට මේ ගැන පැමිණිලි කළා. නමුත් අදවන තුරු පුතා ගැන කිසිදු තොරතුරක්‌ නැහැ. මේ ගැන විවිධ තොරතුරු කොරියාවෙන් ගලාගෙන එනවා. නමුත් ඒවා ඇත්තද නැද්ද කියලා අපි දන්නේ නැහැ.
පුතාගේ මුහුණු පොතේද පුතා අතුරුදන්වීමට පෙර නොයෙකුත් දේවල් පළවෙලා තියෙනවා. පුතාගේ ජංගම දුරකථනය එරට ප්‍රාන්ත පොලිසියක තියෙන බවත් කියනවා. සපත්තු ජෝඩුව හා පර්ස්‌ එක ගැනත් කියනවා. මට හිතෙන විදියට පුතා කිසියම් පිරිසක්‌ විසින් හිරකරගෙන ඉන්නවා. මේ දරුවාගේ මුහුණු පොතට කිසියම් අයකු ඇතුළත් වෙලා යම් යම් දේවල් දමලා කියලත් අපට හිතෙනවා. පුතාගේ මුහුණු පොතේ මරණයේ අනියත ගැන දමලා තිබුණා. පුතා එහෙම දරුවෙක්‌ නෙමෙයි. මේ ගැන විදේශ රැකියා අමාත්‍යාංශයේ අවධානය තවමත් හරිහැටි යොමුවෙලා නැහැ. කොරියාවේ දී අතුරුදන්වී ඇති මේ දරුවා සොයාදීමට උදව් කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.‘



http://www.gossiplankanews.com/2017/04/shashen-shanaka-jayasekara.html

Comments

Popular posts from this blog

රමිත් රඹුක්වැල්ල නටාලි සමග යුග දිවියට

රමිත් රඹුක්වැල්ල නටාලි සමග යුග දිවියට හිටපු ඇමති කෙහෙළිය පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල ඊයේ කොළඹ ගාලු මුවදොර හෝටලයේදී විවාහ ගිවිසුමට පිවිසියා. ඔහු අතගත්තේ ඇමරිකාවේ වාසය කරන ශ්‍රීලාංකික තරුණියකවූ නටාලි ෂෙනලි සමගයි. ඔවුනගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය චාම් අන්දමින් පැවති අතර විවාහය වෙනුවෙන් වෙනම උත්සවයක් ඉදිරියේදී ගන්නා බවද වාර්තා විය. http://www.gossiplankanews.com/2017/05/ramith-rambukwella-wedding.html

මේනකාව බඳින එක මගේ ජීවිතේ හොඳම තීරණයයි - රනිල් කුලසිංහ

රංගනයේදී කාවවත් විශේෂ නැති වුණාට ජීවිතයට නම් විශේෂ කෙනෙක් හොයාගෙනනේ ඉන්නේ? ඔව්. මම මගේ සහකාරිය කරගන්න කෙනාව තෝරා ගත්තා. මේනකාව තමයි මම තෝරා ගත්තේ. යාළුවෙක්ගේ මාර්ගයෙන් තමයි අපි දෙන්නා හඳුනා ගන්නේ. ඊට පස්සේ අපි යාළුවෝ වෙලා කාලයත් එක්ක ඒක ආදරයක් බවට පෙරළුණා. අපි දැන් බොහොම සතුටින් ඉන්නවා. මේ, ජීවිතයේ ගත්ත හොඳම තීරණය කියලා හිතනවද? ඔව්. මම මගේ ජීවිතයේ හොඳම තීරණය අරගෙන තියෙන්නේ. මම මගේ පෞද්ගලික ජීවිතේ තීරණ ගනිද්දී පවුලේ අයත් එකතු කරගන්නවා. මගේ තීරණවලට බලපෑම් කරන්න පුළුවන් මගේ මවුපියන්ට විතරයි. ඉතිං මම ගත්ත තීරණයට එයාලත් කැමති වුණා. රනිල්ගේ හිත මේනකා ළඟම නතර වෙන්න විශේෂ කාරණයකුත් තියෙන්න ඇතිනේ? එක එක කෙනාගේ හිතේ තමන් කැමති කෙනෙක්ගේ රූපයක්, විදිහක් ඇඳිලා තියෙනවානේ. මේනකාව දැක්ක ගමන් මට වෙනසක් දැනුණා. කතා කරන විදිහ, හැසිරෙන විදිහේ වෙනසක් තිබුණා. ඒ වගේම එයා යමක් කළොත් හරිම නීට්. ජීවිතයේදී හරිම සැලසුම් සහගතයි. ඉතිං ඒ වගේ කෙනෙක් ජීවිතයට එකතු කරගත්තොත් ඒක පහසුයි. ඒ වගේම එයා මගේ අම්මටත්, එයාගේ අම්මට වගේම ආදරෙයි. මේ හැමදේම ගොඩක් වටිනවා. මේනකා හොඳ පෙම්වතියක් වුණා වගේම හොඳ බිරියක් වෙයි කියලා හිතනවද? ...

ස්විස් විවාහෙ කඩාගෙනයි මං ගාලු ජනතා සේවෙට ආවෙ - තනතුරු අහිමිවීමෙන් පසු ගීතා කියයි

උසාවි තීන්දුව ප්‍රකාරව සිය මන්ත්‍රී ධූරය අහිමිවන බව දැනගැනීෙමන් පසු ගීතා කුමාරසිංහ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාෙව්දී මෙසේ කියා සිටියාය. 'මම උසාවියේ තීන්දුවට හිස නමනවා. අපේ රටේ සියලුම පුරවැසියන්ට තියන අයිතියක්.තමන්ට විරුද්ධව මෙවැනි දෙයක් වුණහම ඊට ඉහළින් තියන උසාවියකට යන එක. ඒ නිසා මම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් ගොනු කරන්න සියල්ල සූදානම් කර තියෙනවා. 65000 ක් මට ඡන්දෙ දීපු ජනතාවට වෙච්ච අසාධාරණයක් මේක. කලබල වෙන්න එපා ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව එනතුරු බලා ඉමු. අනිත් එක මං ජනතාවට කියනවා ස්විට්සර්ලන්තයේමට තිබිච්ච සියලු සම්පත් මං අතෑරල දාලා ඒ පුරවැසිභාවය අයින් කරගත්ත කෙනෙක් හැටියට මම කණගාටු වෙනවා. අද මෙවැනි තත්වයකට මාව ගෙනාවෙ පැරදිච්ච එක්කෙනෙක් මෙතැන්ට එන්න කරන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි. මේ මුකුත්ම නෑනෙ මම ආණ්ඩුවට එකතු වුණානම්. මගේ දේවල් සියල්ල නැති කරගනිමින් විවාහයේත් ප්‍රශ්න ඇති කරගනිමින්. මම ජනතාව වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. ඒක අදත් කරනවා මං හෙටත් කරනවා. මොනදේ නැති වුණත් මං තාම ගීතා කුමාරසිංහ.' http://www.gossiplankanews.com/2017/05/geetha-speaks.html