Skip to main content

ෆොන්සේකාගේ මෙහෙයවීමෙන් උද්ඝෝෂණ වලට මුහුණදීමට ආරක්ෂක බලඇණියක්


නිරන්තරයෙන්ම සිදුවන වර්ජන සහ උද්ඝෝෂණවලට මුහුණදීම සඳහා අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත්
ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිධ හමුදා සමාමාජිකයින්ගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අවධානය යොමුව තිබේ.
 ඊයේ (25දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය
රැස්වූ අවස්ථාවේ මේගැන දීර්ඝ සාකච්ඡාවක් ඇතිව තිබේ.එම වගකීම බාරගැනීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අමාත්‍යවරයාද සිය එකඟතාව පළ කර තිබේ.
පසුගියදා මීතොටමුල්ල නායයාමත් සමග වෙනත් ස්ථානවලට කුණු බැහැරකිරීමට ගිය රජයේ සේවකයින්ට විවිධ ස්ථානවලදී විරෝධතා නිසා කරදරයන්ට ලක්වීමට සිදුවීමත් එම විරෝධතා සියලුම ස්ථානවල කරන ලද්දේ සංවිධානාත්මක එකම කල්ලියක් මගින් බවට බුද්ධි අංශ තොරතුරු වාර්තා කිරීමත් නිසා එවැනි බලපෑම් වලින් වැළකීමේ අවශ්‍යතාව මෙහිදී සාකච්චාවට ලක්ව ඇත.
ඉතාම ඉක්මනින් මෙම බළකාය නීත්‍යනුකූලව පිහිටුවීමට කටයුතු යෙදෙනු ඇත.

http://www.gossiplankanews.com/2017/04/fonseka-special-force.html

Comments

Popular posts from this blog

ස්විස් විවාහෙ කඩාගෙනයි මං ගාලු ජනතා සේවෙට ආවෙ - තනතුරු අහිමිවීමෙන් පසු ගීතා කියයි

උසාවි තීන්දුව ප්‍රකාරව සිය මන්ත්‍රී ධූරය අහිමිවන බව දැනගැනීෙමන් පසු ගීතා කුමාරසිංහ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාෙව්දී මෙසේ කියා සිටියාය. 'මම උසාවියේ තීන්දුවට හිස නමනවා. අපේ රටේ සියලුම පුරවැසියන්ට තියන අයිතියක්.තමන්ට විරුද්ධව මෙවැනි දෙයක් වුණහම ඊට ඉහළින් තියන උසාවියකට යන එක. ඒ නිසා මම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් ගොනු කරන්න සියල්ල සූදානම් කර තියෙනවා. 65000 ක් මට ඡන්දෙ දීපු ජනතාවට වෙච්ච අසාධාරණයක් මේක. කලබල වෙන්න එපා ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව එනතුරු බලා ඉමු. අනිත් එක මං ජනතාවට කියනවා ස්විට්සර්ලන්තයේමට තිබිච්ච සියලු සම්පත් මං අතෑරල දාලා ඒ පුරවැසිභාවය අයින් කරගත්ත කෙනෙක් හැටියට මම කණගාටු වෙනවා. අද මෙවැනි තත්වයකට මාව ගෙනාවෙ පැරදිච්ච එක්කෙනෙක් මෙතැන්ට එන්න කරන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි. මේ මුකුත්ම නෑනෙ මම ආණ්ඩුවට එකතු වුණානම්. මගේ දේවල් සියල්ල නැති කරගනිමින් විවාහයේත් ප්‍රශ්න ඇති කරගනිමින්. මම ජනතාව වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. ඒක අදත් කරනවා මං හෙටත් කරනවා. මොනදේ නැති වුණත් මං තාම ගීතා කුමාරසිංහ.' http://www.gossiplankanews.com/2017/05/geetha-speaks.html

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html