Skip to main content

නොසැලකිල්ල නිසා සිදුවූ කුණු කන්දේ මරණවලට වගකිවයුත්තන්ට නඩු දානවා - ජවිපෙ

මීතොටමුල්ල කුණු කන්ද නායයෑමේ සිද්ධියට සම්බන්ධව නගර සභා ආඥා පනතට අනුව වගකිව යුත්තන්ට නඩු පැවරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වෙයි.නගර සභා ආඥා පනතට අනුව මේ සිදුවීම
නොසැලකිලිමත්භාවය මත
පදනම් වූ අනියම් මිනීමැරුම් චෝදනාවක් ලෙස එල්ල කළ හැකි බව ජවිපෙ මධ්‍යම කාරක සභික, නීතිඥ සුනිල් වටගල පවසයි.

දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය අනුව නොසලකා හැරීම, මරණ සිදුකිරීම වසර 5ක සිර දඬුවමකට යටත්ව දඬුවම් ලැබිය හැකි වරදක් බව පවසන වටගල මහතා පෙන්වා දෙන්නේ මීතොටමුල්ල කුණු කන්ද ව්‍යසනයක් වන බවට දැනුම් දී තිබියදීත් නොසලකා හැරීම ඉහත කී ආකාරයට දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.
එක් අවස්ථාවක එම කුණු කන්ද ගිනි ගැනීම, දෙවැනි අවස්ථාවේ ගංවතුර තත්ත්වයත් සමඟ කොළොන්නාව ප්‍රදේශය යටවීම හා පසුගිය අප්‍රේල් 12දා අදාළ ස්ථානය ඉරිතළා යෑම ආදී අවස්ථා තුන මඟ හරිමින් අදාළ බලධාරීන් කටයුතු කිරීම නොසැලකිලිමත්භාවයෙන් කළ ක්‍රියාවක් බව ඒ මහතා පවසයි.
එම නිසා අදාළ සිද්ධියට සම්බන්ධව නඩු පැවරීමට නීති උපදෙස් ලබාගැනීම ආරම්භ කර ඇති අතර මේ වනවිටත් ජනාධිපති නීතිඥවරුන් කිහිපදෙනකු මුණගැසී සාකච්ඡා කළ බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය.

(අනුරාධා හේරත්)

http://www.gossiplankanews.com/2017/04/meethotamulla-deaths.html

Comments

Popular posts from this blog

රමිත් රඹුක්වැල්ල නටාලි සමග යුග දිවියට

රමිත් රඹුක්වැල්ල නටාලි සමග යුග දිවියට හිටපු ඇමති කෙහෙළිය පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල ඊයේ කොළඹ ගාලු මුවදොර හෝටලයේදී විවාහ ගිවිසුමට පිවිසියා. ඔහු අතගත්තේ ඇමරිකාවේ වාසය කරන ශ්‍රීලාංකික තරුණියකවූ නටාලි ෂෙනලි සමගයි. ඔවුනගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය චාම් අන්දමින් පැවති අතර විවාහය වෙනුවෙන් වෙනම උත්සවයක් ඉදිරියේදී ගන්නා බවද වාර්තා විය. http://www.gossiplankanews.com/2017/05/ramith-rambukwella-wedding.html

මේනකාව බඳින එක මගේ ජීවිතේ හොඳම තීරණයයි - රනිල් කුලසිංහ

රංගනයේදී කාවවත් විශේෂ නැති වුණාට ජීවිතයට නම් විශේෂ කෙනෙක් හොයාගෙනනේ ඉන්නේ? ඔව්. මම මගේ සහකාරිය කරගන්න කෙනාව තෝරා ගත්තා. මේනකාව තමයි මම තෝරා ගත්තේ. යාළුවෙක්ගේ මාර්ගයෙන් තමයි අපි දෙන්නා හඳුනා ගන්නේ. ඊට පස්සේ අපි යාළුවෝ වෙලා කාලයත් එක්ක ඒක ආදරයක් බවට පෙරළුණා. අපි දැන් බොහොම සතුටින් ඉන්නවා. මේ, ජීවිතයේ ගත්ත හොඳම තීරණය කියලා හිතනවද? ඔව්. මම මගේ ජීවිතයේ හොඳම තීරණය අරගෙන තියෙන්නේ. මම මගේ පෞද්ගලික ජීවිතේ තීරණ ගනිද්දී පවුලේ අයත් එකතු කරගන්නවා. මගේ තීරණවලට බලපෑම් කරන්න පුළුවන් මගේ මවුපියන්ට විතරයි. ඉතිං මම ගත්ත තීරණයට එයාලත් කැමති වුණා. රනිල්ගේ හිත මේනකා ළඟම නතර වෙන්න විශේෂ කාරණයකුත් තියෙන්න ඇතිනේ? එක එක කෙනාගේ හිතේ තමන් කැමති කෙනෙක්ගේ රූපයක්, විදිහක් ඇඳිලා තියෙනවානේ. මේනකාව දැක්ක ගමන් මට වෙනසක් දැනුණා. කතා කරන විදිහ, හැසිරෙන විදිහේ වෙනසක් තිබුණා. ඒ වගේම එයා යමක් කළොත් හරිම නීට්. ජීවිතයේදී හරිම සැලසුම් සහගතයි. ඉතිං ඒ වගේ කෙනෙක් ජීවිතයට එකතු කරගත්තොත් ඒක පහසුයි. ඒ වගේම එයා මගේ අම්මටත්, එයාගේ අම්මට වගේම ආදරෙයි. මේ හැමදේම ගොඩක් වටිනවා. මේනකා හොඳ පෙම්වතියක් වුණා වගේම හොඳ බිරියක් වෙයි කියලා හිතනවද? ...

ස්විස් විවාහෙ කඩාගෙනයි මං ගාලු ජනතා සේවෙට ආවෙ - තනතුරු අහිමිවීමෙන් පසු ගීතා කියයි

උසාවි තීන්දුව ප්‍රකාරව සිය මන්ත්‍රී ධූරය අහිමිවන බව දැනගැනීෙමන් පසු ගීතා කුමාරසිංහ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාෙව්දී මෙසේ කියා සිටියාය. 'මම උසාවියේ තීන්දුවට හිස නමනවා. අපේ රටේ සියලුම පුරවැසියන්ට තියන අයිතියක්.තමන්ට විරුද්ධව මෙවැනි දෙයක් වුණහම ඊට ඉහළින් තියන උසාවියකට යන එක. ඒ නිසා මම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් ගොනු කරන්න සියල්ල සූදානම් කර තියෙනවා. 65000 ක් මට ඡන්දෙ දීපු ජනතාවට වෙච්ච අසාධාරණයක් මේක. කලබල වෙන්න එපා ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව එනතුරු බලා ඉමු. අනිත් එක මං ජනතාවට කියනවා ස්විට්සර්ලන්තයේමට තිබිච්ච සියලු සම්පත් මං අතෑරල දාලා ඒ පුරවැසිභාවය අයින් කරගත්ත කෙනෙක් හැටියට මම කණගාටු වෙනවා. අද මෙවැනි තත්වයකට මාව ගෙනාවෙ පැරදිච්ච එක්කෙනෙක් මෙතැන්ට එන්න කරන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි. මේ මුකුත්ම නෑනෙ මම ආණ්ඩුවට එකතු වුණානම්. මගේ දේවල් සියල්ල නැති කරගනිමින් විවාහයේත් ප්‍රශ්න ඇති කරගනිමින්. මම ජනතාව වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. ඒක අදත් කරනවා මං හෙටත් කරනවා. මොනදේ නැති වුණත් මං තාම ගීතා කුමාරසිංහ.' http://www.gossiplankanews.com/2017/05/geetha-speaks.html