Skip to main content

අප්පච්චිව කැපුව නං මටත් ඉන්න බෑ - ප්‍රමිත බණ්ඩාර ඇමතිකමින් ඉල්ලා අස්වේ


මධ්‍යම පළාත් අමාත්‍ය, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඊයේ සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඒ ඔහුගේ පියා වන එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන්,
දඹුල්ල ශ්‍රී.ල.නි.ප
සංවිධායක ධූරයෙන් ඉවත් කිරීමට විරෝධය පළකරමිනි.
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, මධ්‍යම පළාත් සභාවේ කර්මාන්ත, යෞවන කටයුතු, වනිතා කටයුතු, ග්‍රාමීය සංවර්ධන හා ක්‍රීඩා අමාත්‍ය ධූරයේ කටයුතු කරනු ලැබීය.
කෙසේ වෙතත් ඔහු ස්වකීය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය වෙත අදපස්වරුවේ ආණ්ඩුකාර කාර්යාලයේදී බාරදුන් බව සඳහන්.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක ධුර දැරූ ජනක බණ්ඩාර තෙන්නකොන්, ලොහාන් රත්වත්තේ හා අනුර විදානගමගේ වෙනුවට මෙම නව සංවිධායකවරු සිව් දෙනෙක් පත් කර ඇත.
ජනාධිපතිවරයා විසින් සිදු කර ඇති මෙම පත්විම් සඳහා මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්කොන් සංවිධායක ධූරය දැරූ දඹුල්ල ආසනය සඳහා සම සංවිධායකවරුන් ලෙස ඩබ්.එම්.යසමාන හා යූ.ආර්.දයා නන්දසිරි පත් කර ඇත.



http://www.gossiplankanews.com/2017/04/pramitha-bandara-tennakoon-resign.html

Comments

Popular posts from this blog

ස්විස් විවාහෙ කඩාගෙනයි මං ගාලු ජනතා සේවෙට ආවෙ - තනතුරු අහිමිවීමෙන් පසු ගීතා කියයි

උසාවි තීන්දුව ප්‍රකාරව සිය මන්ත්‍රී ධූරය අහිමිවන බව දැනගැනීෙමන් පසු ගීතා කුමාරසිංහ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාෙව්දී මෙසේ කියා සිටියාය. 'මම උසාවියේ තීන්දුවට හිස නමනවා. අපේ රටේ සියලුම පුරවැසියන්ට තියන අයිතියක්.තමන්ට විරුද්ධව මෙවැනි දෙයක් වුණහම ඊට ඉහළින් තියන උසාවියකට යන එක. ඒ නිසා මම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් ගොනු කරන්න සියල්ල සූදානම් කර තියෙනවා. 65000 ක් මට ඡන්දෙ දීපු ජනතාවට වෙච්ච අසාධාරණයක් මේක. කලබල වෙන්න එපා ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව එනතුරු බලා ඉමු. අනිත් එක මං ජනතාවට කියනවා ස්විට්සර්ලන්තයේමට තිබිච්ච සියලු සම්පත් මං අතෑරල දාලා ඒ පුරවැසිභාවය අයින් කරගත්ත කෙනෙක් හැටියට මම කණගාටු වෙනවා. අද මෙවැනි තත්වයකට මාව ගෙනාවෙ පැරදිච්ච එක්කෙනෙක් මෙතැන්ට එන්න කරන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි. මේ මුකුත්ම නෑනෙ මම ආණ්ඩුවට එකතු වුණානම්. මගේ දේවල් සියල්ල නැති කරගනිමින් විවාහයේත් ප්‍රශ්න ඇති කරගනිමින්. මම ජනතාව වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. ඒක අදත් කරනවා මං හෙටත් කරනවා. මොනදේ නැති වුණත් මං තාම ගීතා කුමාරසිංහ.' http://www.gossiplankanews.com/2017/05/geetha-speaks.html

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html