Skip to main content

හෝකන්දර නිවසේ තරුණයා නිදාසිටි මෙට්ටය විමල්ටම භාරදෙයි




හෝකන්දර නිවසේ
තරුණයා නිදාසිටි
මෙට්ටය නැවත විමල්ට භාරදෙයි


පසුගිය කාලයේ ආන්දෝලනයක් ඇති කරමින් හෝකන්දර මංගල මාවතේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ නිවසේදී ව්‍යාඝ්‍රා අධිමාත්‍රාවක් ලබාගැනීම නිසා මියගිය ළහිරු ජනිත් දිසානායක තරුණයා ඒ ආකාරයට මියයන අවස්ථාවේ නිදා සිටි මෙට්ටය මේ දක්වා අධිකරණයේ නඩු භාණ්ඩයක් වශයෙන් පැවති අතර අද 26 ඒ සම්බන්ධයෙන් නඩු විභාගය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වූ අවස්ථාවේ
තවදුරටත් එම

මෙට්ටය පරීක්ෂණ සඳහා උවමනා නැති බව විනිසුරු තීරණය කර එය නැවත හිමිකරුවන්ට භාර දුණි.
කඩුවෙල මහේස්ත්‍රාත් දිසා විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ මේ නඩුව විමසූ අවස්ථාවේ මෙම තරුණයාගේ මරණය සම්බන්ධ වෛද්‍ය වාර්තා තවමත් පමා බව අනාවරණය විය.
පමාවට හේතු විමසීමේදී සිරුරේ කොටස් පිළිබඳ රස පරීක්ෂණ වාර්තාවෙන් පසුව තවත් විශේෂ පරීක්ෂණයක් සඳහා එම කොටස් යොමු කර ඇති බවත් ඒ පරීක්ෂණයේ ප්‍රතිඵල පමාවී ඇති බවත් හෙළි විය.
තවදුරටත් තරුණයා නිදාසිටි මෙට්ටය අධිකරණයේ තැබීම අවශ්‍ය නැති බව දන්වා සිටි විනිසුරු ඒවා අයිතිකාර විමල් වීරවංශට රැගෙන යන ලෙස දන්වා සිටි අතර එම මෙට්ටය තමා ලබාගෙන අයිතිකරුවන් වෙත යොමු කරන බව වීරවංශ පාර්ශ්වයේ නීතීඥ ප්‍රේමනාත් දොළවත්ත දන්වා සිටියේය.
ලබන ජුනි 28 දක්වා නඩුව කල් ගියේය.

තොරතුරු - අයිරංගි එදිරිසිංහ

http://www.gossiplankanews.com/2017/04/lahiru-janith-death-bed.html

Comments

Popular posts from this blog

ස්විස් විවාහෙ කඩාගෙනයි මං ගාලු ජනතා සේවෙට ආවෙ - තනතුරු අහිමිවීමෙන් පසු ගීතා කියයි

උසාවි තීන්දුව ප්‍රකාරව සිය මන්ත්‍රී ධූරය අහිමිවන බව දැනගැනීෙමන් පසු ගීතා කුමාරසිංහ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාෙව්දී මෙසේ කියා සිටියාය. 'මම උසාවියේ තීන්දුවට හිස නමනවා. අපේ රටේ සියලුම පුරවැසියන්ට තියන අයිතියක්.තමන්ට විරුද්ධව මෙවැනි දෙයක් වුණහම ඊට ඉහළින් තියන උසාවියකට යන එක. ඒ නිසා මම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් ගොනු කරන්න සියල්ල සූදානම් කර තියෙනවා. 65000 ක් මට ඡන්දෙ දීපු ජනතාවට වෙච්ච අසාධාරණයක් මේක. කලබල වෙන්න එපා ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව එනතුරු බලා ඉමු. අනිත් එක මං ජනතාවට කියනවා ස්විට්සර්ලන්තයේමට තිබිච්ච සියලු සම්පත් මං අතෑරල දාලා ඒ පුරවැසිභාවය අයින් කරගත්ත කෙනෙක් හැටියට මම කණගාටු වෙනවා. අද මෙවැනි තත්වයකට මාව ගෙනාවෙ පැරදිච්ච එක්කෙනෙක් මෙතැන්ට එන්න කරන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි. මේ මුකුත්ම නෑනෙ මම ආණ්ඩුවට එකතු වුණානම්. මගේ දේවල් සියල්ල නැති කරගනිමින් විවාහයේත් ප්‍රශ්න ඇති කරගනිමින්. මම ජනතාව වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. ඒක අදත් කරනවා මං හෙටත් කරනවා. මොනදේ නැති වුණත් මං තාම ගීතා කුමාරසිංහ.' http://www.gossiplankanews.com/2017/05/geetha-speaks.html

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html