Skip to main content

නාට්ටාමිවරුන් කුණු එකතුකරන්නන් සමග එක්වී ජාතික හෙළ උරුමයෙන් මුල්වරට මැයි රැළියක්

දාඩිය මහන්සිය වපුරන වැඩකරන ජනතාව වෙනුවෙන්, ඔවුන්ගේ අයිතීන් සුරැකීම  මෙන් ම විශේෂයෙන් කොළඔ පිට කොටුව ආශ්‍රිතව වැඩකරන නාට්ටාමි ජනතාව හා කැලි කසල සමග දෛනිකව ගැටෙන කම්කරුවන් සමග එකට අත්වැල් බැද ජාතික හෙළ උරුමය සංවිධානය කරන මැයි රැළිය මෙවර පිටකොටුව
දුම්රිය ස්ථානයෙන් ආරම්භ කරන බව
මහා නගර සභා හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි. අමාත්‍යවරයා  මේ බව සදහන් කර  සිටියේ, ඊයේ (27) දා ජාතික හෙළ උරුමය මගින් පවත්වන මැයි  රැලිය සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීම හෙළ උරුමය පක්ෂ මුලස්ථානයේදී  පැවැත්වූ  අවස්ථාවට  සහභාගී වෙමිනි.
මැයි පළමුවනදා ලෝකයේ  අනෙකුත් රටවල් හා සමගාමිව දාඩිය වගුරන, අව්වට වෑස්සට හුරු මිනිසුන් සමග ඔවුන්ගේ අයිතීන් සුරැකීමට අප ඔවුන් සමග එකතු වීමට  බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. පිටකොටුව ප්‍රදේශයේ කාටත් නෙත නොගැටෙන නාට්ටාමි ජනතාව හා  කසල ශෝධනයේ යෙදෙන ජනතාව සමග එකට එක්ව මෙම මැයි රැලිය පැවැත්වීමට බලාපොරොත්තුවන බවත් ඔවුන්ට නිසි තැන ලබාදීමට ක්‍රියා කරන බවත් අමාත්‍යවරයා සදහන් කළ අතර නාට්ටාමිවරුන් 1500කට ජිවිත ජිවිත රක්ෂනාවරණයක් ලබා දෙන්නටද නියමිතය.

මෙම අවස්ථාවට ජාතික  හෙළ උරුමයේ සම සභාපති  පුජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් සහ නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන  මහතා ද   එක්ව සිටියේය.

http://www.gossiplankanews.com/2017/04/jhu-may-rally.html

Comments

Popular posts from this blog

ස්විස් විවාහෙ කඩාගෙනයි මං ගාලු ජනතා සේවෙට ආවෙ - තනතුරු අහිමිවීමෙන් පසු ගීතා කියයි

උසාවි තීන්දුව ප්‍රකාරව සිය මන්ත්‍රී ධූරය අහිමිවන බව දැනගැනීෙමන් පසු ගීතා කුමාරසිංහ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාෙව්දී මෙසේ කියා සිටියාය. 'මම උසාවියේ තීන්දුවට හිස නමනවා. අපේ රටේ සියලුම පුරවැසියන්ට තියන අයිතියක්.තමන්ට විරුද්ධව මෙවැනි දෙයක් වුණහම ඊට ඉහළින් තියන උසාවියකට යන එක. ඒ නිසා මම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් ගොනු කරන්න සියල්ල සූදානම් කර තියෙනවා. 65000 ක් මට ඡන්දෙ දීපු ජනතාවට වෙච්ච අසාධාරණයක් මේක. කලබල වෙන්න එපා ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව එනතුරු බලා ඉමු. අනිත් එක මං ජනතාවට කියනවා ස්විට්සර්ලන්තයේමට තිබිච්ච සියලු සම්පත් මං අතෑරල දාලා ඒ පුරවැසිභාවය අයින් කරගත්ත කෙනෙක් හැටියට මම කණගාටු වෙනවා. අද මෙවැනි තත්වයකට මාව ගෙනාවෙ පැරදිච්ච එක්කෙනෙක් මෙතැන්ට එන්න කරන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි. මේ මුකුත්ම නෑනෙ මම ආණ්ඩුවට එකතු වුණානම්. මගේ දේවල් සියල්ල නැති කරගනිමින් විවාහයේත් ප්‍රශ්න ඇති කරගනිමින්. මම ජනතාව වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. ඒක අදත් කරනවා මං හෙටත් කරනවා. මොනදේ නැති වුණත් මං තාම ගීතා කුමාරසිංහ.' http://www.gossiplankanews.com/2017/05/geetha-speaks.html

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html