Skip to main content

අධික උණුසුම මැද ඇරඹි නව පාසල් වාරයේ සිසුන් දැනුවත් කිරීමට සෞඛ්‍ය උපදෙස්‌

දෙවැනි පාසල්වාරය අද දින (26 දා) ආරම්භ වුවත් පවත්නා අධික උණුසුම් සහිත කාලගුණික තත්ත්වය නිසා ඇතිවන අපහසුතා වළක්‌වා ගැනීමට පාසල් සිසුන් දැනුවත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් ප්‍රධානීන්ට උපදෙස්‌ දී ඇත.
එහිදී පවත්නා
අධික උණුසුම් සහිත කාලගුණික තත්ත්වය නිසා ඇතිවන අපහසුතා වළක්‌වාගැනීමට පාසල් සිසුන් විශේෂයෙන් එළිමහන් ක්‍රියාකාරකම්වල යෙදවීම අවම කිරීමටත්, ජලය පානය කිරීමට සිසුන් යොමු කරවීම වැඩි කිරීමටත්, හිරු රශ්මියට ඔරොත්තු දෙන පරිදි හිස්‌වැසුම්, කුඩ ආදිය භාවිතයට පෙලඹවීමටත් විදුහල්පතිවරුන් විසින් කටයුතු කරන ලෙසද ඉල්ලා ඇත.

පානීය ජල පහසුකම් ලබාදීම සඳහා පාසල්වල පිහිටුවා ඇති ජල ටැංකිවල පවිත්‍රතාවය පිළිබඳව විශේෂ අවධානය යොමුකරන ලෙස අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට අවධාරණය කරන අතර පාසල් ප්‍රජාව මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් හා පාසල් පරිශ්‍රය ආකර්ෂණීය සහ සුරක්‍ෂිත පරිසරයක්‌ බවට පත්කරගැනීමට විදුහල්පතිවරුන් විසින් පාසල් මට්‌ටමින් අඛණ්‌ඩ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරති.

(චමින්ද සිල්වා)

http://www.gossiplankanews.com/2017/04/hot-health-guide-for-schools.html

Comments

Popular posts from this blog

ස්විස් විවාහෙ කඩාගෙනයි මං ගාලු ජනතා සේවෙට ආවෙ - තනතුරු අහිමිවීමෙන් පසු ගීතා කියයි

උසාවි තීන්දුව ප්‍රකාරව සිය මන්ත්‍රී ධූරය අහිමිවන බව දැනගැනීෙමන් පසු ගීතා කුමාරසිංහ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාෙව්දී මෙසේ කියා සිටියාය. 'මම උසාවියේ තීන්දුවට හිස නමනවා. අපේ රටේ සියලුම පුරවැසියන්ට තියන අයිතියක්.තමන්ට විරුද්ධව මෙවැනි දෙයක් වුණහම ඊට ඉහළින් තියන උසාවියකට යන එක. ඒ නිසා මම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් ගොනු කරන්න සියල්ල සූදානම් කර තියෙනවා. 65000 ක් මට ඡන්දෙ දීපු ජනතාවට වෙච්ච අසාධාරණයක් මේක. කලබල වෙන්න එපා ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව එනතුරු බලා ඉමු. අනිත් එක මං ජනතාවට කියනවා ස්විට්සර්ලන්තයේමට තිබිච්ච සියලු සම්පත් මං අතෑරල දාලා ඒ පුරවැසිභාවය අයින් කරගත්ත කෙනෙක් හැටියට මම කණගාටු වෙනවා. අද මෙවැනි තත්වයකට මාව ගෙනාවෙ පැරදිච්ච එක්කෙනෙක් මෙතැන්ට එන්න කරන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි. මේ මුකුත්ම නෑනෙ මම ආණ්ඩුවට එකතු වුණානම්. මගේ දේවල් සියල්ල නැති කරගනිමින් විවාහයේත් ප්‍රශ්න ඇති කරගනිමින්. මම ජනතාව වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. ඒක අදත් කරනවා මං හෙටත් කරනවා. මොනදේ නැති වුණත් මං තාම ගීතා කුමාරසිංහ.' http://www.gossiplankanews.com/2017/05/geetha-speaks.html

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html