Skip to main content

මීතොටමුල්ල ඛේදවාචකය සමූල ඝාතනයක් - උදය ගම්මන්පිල

 පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා ඊයේ (18දා) මාධ්‍ය
සාකච්ඡාවකදී මෙසේ පැවැසීය.
''මීතොටමුල්ල කුණු කන්දට යටවී මියගිය ගණන පිළිබඳ ස්ථිර ඉලක්කමක් කියාගන්න බැරි, ඒ පිළිබඳ නිසි
වැඩපිළිවෙළක් නැති නිසා. මෙවැනි ඛේදවාචකයක මියගිය ගණන සොයන විධිමත් ක්‍රම තිබෙනවා. මියගිය

හෝ අතුරුදන් වූ අය පිළිබඳ තොරතුරු රටට පැවැසීමට, මේ අනතුරේ භයානක බව රටට පැවැසීමට
පාලකයන් බැඳී ඉන්නවා. වැඩ බැරි ආණ්ඩුවේ වැඩ බැරි ඇමැතිවරු හැමදාමත් කරන්නේ තමන්ගේ නොහැකියාව වසා ගන්න පසුගිය ආණ්ඩුවට ‍දොස් කීම. දෛවයේ සරදම කියන්නේ, වත්මන් ජනාධිපතිත් මෙහෙම දොස් කියන ඇමැතිවරුත් පසුගිය
ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරු. සැබෑ මිනීමරුවන්.
මේ කුණු කන්ද නිල වශයෙන් භාර මෙගා පොලිස් ඇමැතිවරයා වගකීම භාරගන්නවා වෙනුවට පසුගිය ආණ්ඩුවට
දොස් කියන්න පටන් අරගෙන. මේ නිසා මෙම සමූල ඝාතනයේ සැබෑ මිනීමරුවන් හෙළි කිරීම අපේ වගකීමක්.
කුණු කන්ද පිළිබඳ නිල අයිතිය තියෙන නාගරික සංවර්ධන අධිකාරියේ විෂය භාර අමාත්‍ය මෙගා පොලිස්
අමාත්‍යවරයා මෙහි වගකීම ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පැවැති ආණ්ඩුවට පවරන්න මාධ්‍ය
සන්දර්ශන පවත්වමින් සිටින නිසා අපට සිද්ධ වෙනවා එහි වගකීම ඔහුගේ කරමත පැටවෙන්නේ කෙසේද කියන
එක විස්තර කරන්න.
මීට අවුරුදු තිහකට කලින් තමයි කොළොන්නාව නගර සභාව පොතුවිලකුඹුර තමන්ගේ කසළ බැහැර කිරීමේ
ස්ථානය ලෙස තෝරා ගන්නේ.
වසර තිහකට අධික කාලයක් මෙතැනට සුළු වශයෙන් කසළ බැහැර කරමින් පැවතුණා. ඔය අතරේ 2009දී
බ්ලූමැන්ඩල් කුණු කන්ද දැවැන්ත පාරිසරික, සමාජීය, සෞඛ්‍යමය තර්ජනයක්ය කියන පදනමින්
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මෙයට විසඳුමක් ඉල්ලලා පෙත්සමක් ගොනුකළා.
මෙහිදී කොළඹ මහ නගර සභාව ප්‍රකාශ කරනවා කොළඹ කුණු බැහැර කරන්න විධිමත් සැලැස්මක් හදලා
තියෙන්නේ. ඒ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට මාස කිහිපයක් ගත වනවාය කියලා.
මේ සැලැස්ම ක්‍රියාත්මක කරන තුරු තාවකාලිකව කසළ බැහැර කිරීමට මීතොටමුල්ල කසළ බැහැර කරන
ස්ථානය ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියා.
ඒ අනුව 2009 සිට කොළඹ කුණු මීතොටමුල්ලට යෑමට පටන් ගත්තා. නමුත් පසුකාලීනව තාවකාලිකව කුණු
දැමීම සදාකාලික බවට පෙරළෙද්දී මෙට්රික් ටොන් අටසියයක් වුණ කොළඹ දෛනික කුණු බැහැර කිරීම
මෙට්‍ර්ක් ටොන් දහදාහ දක්වා වැඩිවුණා.
2007 අවුරුද්දේ පරිසර අමාත්‍ය රණවක මැතිතුමන් බ්ලූමැන්ඩල් කුණු කන්දේ සිට මාධ්‍යවේදීන් අමතමින්
ප්‍රකාශ කළා තව වසරක් ඇතුළත බ්ලූමැන්ඩල් කුණු කන්ද ඉවත් කරනවා වගේම තවත් එවැනි කුණු කඳු මේ
රටේ ඇතිවෙන්න ඉඩ තියන්නේ නෑ කියලා.
එහෙම කිව්ව ඇමැතිතුමා ඒ ඇමැති ධුරයේ සිටියදීම තමයි මීතොටමුල්ල කුණු කන්ද බිහිවීම 2009 වර්ෂයේ
ආරම්භ වෙන්නේ.
2010දී නාගරික සංවර්ධන විෂය භාර අමාත්‍යාංශයේ ලේකම් ධුරය ගෝඨාභය රාජපක්ෂ මහතාට
හිමිවුණා. එතුමා මාධ්‍ය සන්දර්ශන පවත්වමින් වීර ප්‍රකාශ කරනවා වෙනුවට සද්ද නැතුව මේ ප්‍රශ්නය
විසඳන්න වැඩ පටන් ගත්තා.
එතුමාගේ විසඳුම වුණේ බ්ලූමැන්ඩල් කුණු කන්දත්, මීතොටමුල්ල කුණු කන්දත් පුත්තලම දිස්ත්‍රික්කයේ අරුවක්කාලු
ප්‍රදේශයට ගෙනියන්න. ඒ ප්‍රදේශයේ තියෙන හුනුගල් හෑරීමෙන් සෑදුනු වළවල් සනීපාරක්ෂක කසළ රඳවන
බවට පත් කිරීම ඉලක්කය වුණේ.
මේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මිලදී ගැනීම් සඳහා 2014 වසරේ අගෝස්තු මාසේ අමාත්‍ය මණ්ඩල
අනුමැතිය ලබාගෙන 2015 වසරේ මිලදී ගැනීම් සිදුකිරීමට රුපියල් බිලියන 2ක් වෙන්කර තිබෙන අතරේ තමයි
ආණ්ඩු පෙරළිය සිදුවන්නේ. ආණ්ඩු පෙරළියෙන් පස්සේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ.
මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වනජීවී ප්‍රශ්නයක් මතුවී තිබූ බව ඇත්ත. මෙම හුනුගල් වළවල් තිබෙන්නේ
විල්පත්තු ජාතික වනජීවී උද්‍යානයේ ස්වාරක්ෂක කලාපයේ. ඒ නිසා වනජීවී දෙපාර්තමේන්තුව මේ
ව්‍යාපෘතියට අවසරය ලබාදී තිබුණේ නැහැ.
මේකට විසඳුම් දෙකක් තිබුණා. දැඩි කොන්දේසි යටතේ අවසරය ලබාදීම හෝ මීටර් තුන්සියයක්, හාරසියයක්
විල්පත්තු ජාතික වන උද්‍යානයේ මායිම ඇතුළට ගෙනියන්න තිබුණා.
2017 පෙබරවාරි 08 වැනිදා මේ ව්‍යාපෘතියට මොකද වුණේ කියලා මෙගා පොලිස් ඇමැතිවරයාගෙන්
පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා.
ඇමැතිතුමා කිව්වා වනජීවී දෙපාර්තමේන්තුවේ විරෝධය නිසා ව්‍යාපෘතිය එම ස්ථානයේ කරන්න බෑ. එය
වෙනතැනකට ගෙනියන්න අවශ්‍ය පාරිසරික අධ්‍යයනයන් කරනවාය කියලා.
 මීතොටමුල්ලේ කුණු කන්ද එහි තවදුරටත් පැවතීමෙන් මතුවෙන පාරිසරික ප්‍රශ්නයද මේ කුණු කන්ද
අරුවක්කාලු ප්‍රදේශයට අරගෙන යෑමෙන් සිදුවන පාරිසරික ප්‍රශ්නයද වැඩියෙන් උග්‍ර කියන එක ගැන
සංසන්දනාත්මක අධ්‍යයනයක් කර ඇතිදැයි මම විමසූ විට අමාත්‍යවරයාගේ පිළිතුර වුණේ නෑ කියන එක.
මට පේන විදියට මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න තිබුණ ප්‍රශ්නය වනජීවී ප්‍රශ්නය නෙමෙයි.
වර්තමාන ආණ්ඩුව සාධාරණ හේතුවකින් තොරව මේ ව්‍යාපෘතිය අතහැරලා වෙන තැන්වල කරන්න හැදුවා.
මේ ආණ්ඩුව ජා-ඇළට කුණු ගෙනියන්න හැදුවා. ජා-ඇළ කියන්නේ තෙත් කලාපයේ තියෙන ප්‍රදේශයක්. ඒ
වගේම ජනාකීර්ණ ප්‍රදේශයක්.
මේ ආණ්ඩුව අරුවක්කාලුවලට කුණු ගෙනයෑමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකිරීමට තියෙන්නේ එක හේතුවයි.
ලංකාවේ කුණු ප්‍රශ්නය විසඳුවේ කවුද කියන එක ගැන ඔවුන්ට තිබ්බේ ලකුණු පිළිබඳ ප්‍රශ්නයක්.
ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කරගෙන ආ ව්‍යාපෘතියට සල්ලිත් වෙන්කර තිබුණේ. ඒක ක්‍රියාත්මක කළා
නම් ගෝඨාභය රාජපක්ෂ මහතාට තමයි එහි කීර්තිය හිමිවෙන්නේ.
ඒ වෙනුවට තමන්ට කීර්තිය හිමිකරගන්න තමයි ඔවුන් හැදුවේ. පහුගිය මාස හතරේ මීතොටමුල්ලට අලුතින් කුණු
එකතු නොවුණානම් ඔය ඛේදවාචකය වෙන්නේ නෑ.
අපිට මේවා කියන්න ඕන වුණේ නෑ. දැන් කරන්න ඕන එකිනෙකාට ඇඟිල්ල දිගුකර ගැනීම නෙමෙයි. විපතට
පත් පුද්ගලයන්ට සහන සැලසීම.
නමුත් අවාසනාවකට තමන්ගේ වගකීම ඉටුකරගන්න බැරිවුණ වැඩ බැරි ඇමැතිවරු සුපුරුදු පරිදි ආණ්ඩුව පත්වී
වසර දෙකහමාරකට පස්සෙත් තවමත් පරණ ආණ්ඩුවට ඇඟිල්ල දිගුකිරීම තමන්ගේ විසඳුම ලෙස සොයාගෙන
තියෙනවා.
දැන්වත් එකිනෙකාට ඇඟිල්ල දිගු කරනු වෙනුවට හැමෝම එකතු වෙලා ප්‍රශ්නවලට විසඳුම් සොයනවා නම්
ජනතාව මේ ප්‍රශ්නවලින් මිරිකිලා පීඩනයට පත්වීම වළක්වා ගන්න පුළුවන්.''



http://www.gossiplankanews.com/2017/04/gammanpila-speaks-about-meethotamulla.html

Comments

Popular posts from this blog

රමිත් රඹුක්වැල්ල නටාලි සමග යුග දිවියට

රමිත් රඹුක්වැල්ල නටාලි සමග යුග දිවියට හිටපු ඇමති කෙහෙළිය පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල ඊයේ කොළඹ ගාලු මුවදොර හෝටලයේදී විවාහ ගිවිසුමට පිවිසියා. ඔහු අතගත්තේ ඇමරිකාවේ වාසය කරන ශ්‍රීලාංකික තරුණියකවූ නටාලි ෂෙනලි සමගයි. ඔවුනගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය චාම් අන්දමින් පැවති අතර විවාහය වෙනුවෙන් වෙනම උත්සවයක් ඉදිරියේදී ගන්නා බවද වාර්තා විය. http://www.gossiplankanews.com/2017/05/ramith-rambukwella-wedding.html

මේනකාව බඳින එක මගේ ජීවිතේ හොඳම තීරණයයි - රනිල් කුලසිංහ

රංගනයේදී කාවවත් විශේෂ නැති වුණාට ජීවිතයට නම් විශේෂ කෙනෙක් හොයාගෙනනේ ඉන්නේ? ඔව්. මම මගේ සහකාරිය කරගන්න කෙනාව තෝරා ගත්තා. මේනකාව තමයි මම තෝරා ගත්තේ. යාළුවෙක්ගේ මාර්ගයෙන් තමයි අපි දෙන්නා හඳුනා ගන්නේ. ඊට පස්සේ අපි යාළුවෝ වෙලා කාලයත් එක්ක ඒක ආදරයක් බවට පෙරළුණා. අපි දැන් බොහොම සතුටින් ඉන්නවා. මේ, ජීවිතයේ ගත්ත හොඳම තීරණය කියලා හිතනවද? ඔව්. මම මගේ ජීවිතයේ හොඳම තීරණය අරගෙන තියෙන්නේ. මම මගේ පෞද්ගලික ජීවිතේ තීරණ ගනිද්දී පවුලේ අයත් එකතු කරගන්නවා. මගේ තීරණවලට බලපෑම් කරන්න පුළුවන් මගේ මවුපියන්ට විතරයි. ඉතිං මම ගත්ත තීරණයට එයාලත් කැමති වුණා. රනිල්ගේ හිත මේනකා ළඟම නතර වෙන්න විශේෂ කාරණයකුත් තියෙන්න ඇතිනේ? එක එක කෙනාගේ හිතේ තමන් කැමති කෙනෙක්ගේ රූපයක්, විදිහක් ඇඳිලා තියෙනවානේ. මේනකාව දැක්ක ගමන් මට වෙනසක් දැනුණා. කතා කරන විදිහ, හැසිරෙන විදිහේ වෙනසක් තිබුණා. ඒ වගේම එයා යමක් කළොත් හරිම නීට්. ජීවිතයේදී හරිම සැලසුම් සහගතයි. ඉතිං ඒ වගේ කෙනෙක් ජීවිතයට එකතු කරගත්තොත් ඒක පහසුයි. ඒ වගේම එයා මගේ අම්මටත්, එයාගේ අම්මට වගේම ආදරෙයි. මේ හැමදේම ගොඩක් වටිනවා. මේනකා හොඳ පෙම්වතියක් වුණා වගේම හොඳ බිරියක් වෙයි කියලා හිතනවද? ...

ස්විස් විවාහෙ කඩාගෙනයි මං ගාලු ජනතා සේවෙට ආවෙ - තනතුරු අහිමිවීමෙන් පසු ගීතා කියයි

උසාවි තීන්දුව ප්‍රකාරව සිය මන්ත්‍රී ධූරය අහිමිවන බව දැනගැනීෙමන් පසු ගීතා කුමාරසිංහ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාෙව්දී මෙසේ කියා සිටියාය. 'මම උසාවියේ තීන්දුවට හිස නමනවා. අපේ රටේ සියලුම පුරවැසියන්ට තියන අයිතියක්.තමන්ට විරුද්ධව මෙවැනි දෙයක් වුණහම ඊට ඉහළින් තියන උසාවියකට යන එක. ඒ නිසා මම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් ගොනු කරන්න සියල්ල සූදානම් කර තියෙනවා. 65000 ක් මට ඡන්දෙ දීපු ජනතාවට වෙච්ච අසාධාරණයක් මේක. කලබල වෙන්න එපා ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව එනතුරු බලා ඉමු. අනිත් එක මං ජනතාවට කියනවා ස්විට්සර්ලන්තයේමට තිබිච්ච සියලු සම්පත් මං අතෑරල දාලා ඒ පුරවැසිභාවය අයින් කරගත්ත කෙනෙක් හැටියට මම කණගාටු වෙනවා. අද මෙවැනි තත්වයකට මාව ගෙනාවෙ පැරදිච්ච එක්කෙනෙක් මෙතැන්ට එන්න කරන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි. මේ මුකුත්ම නෑනෙ මම ආණ්ඩුවට එකතු වුණානම්. මගේ දේවල් සියල්ල නැති කරගනිමින් විවාහයේත් ප්‍රශ්න ඇති කරගනිමින්. මම ජනතාව වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. ඒක අදත් කරනවා මං හෙටත් කරනවා. මොනදේ නැති වුණත් මං තාම ගීතා කුමාරසිංහ.' http://www.gossiplankanews.com/2017/05/geetha-speaks.html