Skip to main content

හැම වයස්ගත පිරිමියෙක්ම ‘දුබල’ නැහැ - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

පිරිමින් කාන්තාවන් මෙන් වයසට නොයන බවටත් සමහර පිරිමින්ට ජීවිතාන්තය දක්වාම දුබල තාවයකින් තොරව තමන් ගේ  ජීවිතයේ සියලු කටයුතු කර කියා ගත හැකි බවටත් ඇතැම් වියපත් පිරිමින්ට තරුණ කතුන් ගේ ආකර්ශනය පවා හිමිකර ගත හැකි බවටත් සමාජයේ පොදු මතයක් තිබෙනවා. මානව විද්‍යා විෂය
ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ද ගවේෂණ සිදු කරන විද්වතෙකු වන ළමා රෝග සහ ආසාත්මිකතා පිළිබඳ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මේ ගැන ලක්බිම පුවත්පතට අදහස් දක්වා ඇත.

කාන්තාවන් වයසට යන මුත් ජීවිතාන්තය දක්වාම පිරිමින් වයසට නොයන , දුබල නොවන කතාව ඇත්තක්ද?

සම්පූර්ණයෙන් නොවුණත් ඒ කතාවේ අර්ධ සත්‍යයක් තිබෙනවා; කෙනෙකු වියපත් වීමත් සමඟ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ය‍මෙකුගේ ශරීර ශක්තිය ක්‍රමයෙන් හීන වන්න, දුබල වන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් වයස අවුරුදු පනහෙන් පසුව කාන්තාවක මුහුණ දෙන ආර්ථවහරණය (Menopause) නම්

තත්ත්වයෙන් පසුව දරුවකු බිහි කිරීමේ හැකියාව කාන්තාව කෙරෙන් ඉවත් වෙනවා; වියපත් කාන්තාවකට බිහිවන දරුවා අංග සම්පූර්ණ නිරෝගී දරුවකු නොවීම මත ස්වභාව ධර්මයෙන්ම ඔවුන්ට ඒ තහංචිය පමුණුවා තිබෙනවා. නමුත් පිරිමියකු ගේ තත්ත්වය ඊට සපුරාම වෙනස්. ජානමය වශයෙන් සහ දියවැඩියාව ආදී අන්තරා සර්ග පද්ධතිය (Endocrine System)කෙරෙහි බලපාන කායික රෝග තත්ත්වයක් හෝ මානසික අවපීඩන තත්ත්වයක් නොමැති නම් වයස අවුරුදු අසූවේ පිරිමියකුට වුවත් කාන්තාවක ගැබ් ගැන්වීමේ යම් හැකියාවක් තිබෙනවා. කාන්තාවන්ට උරුම වන තත්ත්වය අර්ථවහරණය නමින් හැඳින්වෙන නිසා පිරිමින් සම්බන්ධ ඊට ඉඳුරාම වෙනස් තත්ත්වය සරල සරදමකට අනුව පැවසෙන්නේ Mennopause යනුවෙන්. එහි අදහස Men + No + Pause; එනම් පිරිමින්ට ‘නැවතීමක් නැත’ යන්නයි.

තත්ත්වය එහෙම වුණත් සාමාන්‍යයෙන් තරුණ කාන්තාවන් තුළ බොහෝ වියපත් පිරිමින් කෙරෙහි විශේෂ ආකර්ශනයක් ඇති වන්නේ නැහැ නේද?

ඒක ශිෂ්ටාචාරගත සමාජය ලක්ෂණයක්. නමුත් අපි ශිෂ්ටාචාරයෙන් ඔබ්බට ගිය ප්‍රාථමික සමාජ සහ මිනිසා ශිෂ්ටාචාර ගත වීමට පෙර තත්ත්වයන් විමසා බැලුවොත් පිරිමියකු කෙරෙහි කාන්තාවගේ සිත ඇදී යාමට ප්‍රධාන වශයෙන් මුල්වන්නේ ඔහුගේ බාහිර පෙනුම, පෞරුෂය, කටහඬ, ක්‍රියාකාරකම් වගේ දේවල් මිස වයස නෙවෙයි; ඒ අනුව වියපත් වුණත් බාහිර වශයෙන් දුබල පෙනීමක් නොමැති පිරිමින් කෙරෙහි කාන්තාවන්ගේ සිත් ස්වභාවිකව ඇදී යා හැකියි. ඔය ස්ත්‍රී පුරුෂ වයස් පරතරය කියන එක පසුකාලීනව මිනිසුන් විසින් තනාගත් ශිෂ්ටාචාර ලක්ෂණයක් විතරයි.

ඒත් ශිෂ්ටාචාරයෙන් තොර වන්නේ ම්ලේච්ඡ වනචාරීන් සහ තිරිසන් සතුන් නේද?

ඔව්; විශේෂයෙන් වානර ආදී බුද්ධිය මුහුකුරා ගිය සතුන් අතර පවා; ගැහැණු සතුන් තුළ  සෙසු වානරයන් අභිබවා එහි සිටින වඩාත් ශක්තිමත් වානරයා කෙරෙහි විශේෂ ඇල්මක් ඇති බව පර්යේෂණ මගින් අනාවරණය වී තිබනෙවා. ඩෙස්මන්ඩ් මොරිස් වැනි ලේඛකයන් තමන්ගේ කෘති මගින් මේ තත්ත්වය කදිමට විස්තර කොට තිබෙනවා.

නමුත් වර්තමාන සමාජයේ ඇතැම් තරුණ කාන්තාවන් මුදල් තණ්හාව මත බොහෝ වියපත් පිරිමින් ඇසුරු කරන හා විවාහ කර ගන්නා අවස්ථාවන් පිළිබඳව සඳහන් වෙනවා.

ඒක අපට බාහිරින් පේන තත්ත්වයක් විතරයි; ඒ හැරුණු කොට කිසියම් තරුණ කාන්තාවක් බොහෝ වියපත් පිරිමියකු ඇසුරු කිරීමට හෝ විවාහ කර ගැනීමට සැබෑ හේතුව වටහා ගැනීමට නම් ඇය මනෝ විශ්ලේෂණයකට ලක් කළ යුතුයි. නමුත් වර්තමාන සමාජ පුරුෂාර්ථ අතර මුදලට ඉහළම තැනක් හිමිවීම මත කාන්තාවක පිරිමියකු කෙරෙහි ඇළුම් කිරීමට ධනයත් ප්‍රධාන සාධකයක් විය හැකියි; ‘සල්ලි ගස්වල හැදුණොත් කෙල්ලෝ වඳුරන්ටත් ලව් කරයි.’ යනුවෙන් සමහර ත්‍රිරෝද රථ පිටුපස පවා  සඳහන් වන්නේ වර්තමානයේ බලය ඇති කර ගැනීමට සහ පවත්වා ගෙන යාමට ධනය ප්‍රධාන සාධකයක් වන නිසයි.

එතකොට ඒ කාන්තාවන් ඇළුම් කරන්නේ ඒ පිරිමින් සතු ධනයට නෙවෙයිද?

මා කලින් කී අන්දමට පිරිමියකු‍ගේ බාහිර ස්වරූපය, පෞරුෂය, කටහඬ, ගතිගුණ, හැසිරීම් ආදිය මත ඔවුන් ගොඩ නඟා ගෙන ඇති පෞරුෂයට වර්තමානයේ ‘ධනය’ 'කීර්තිය' කියන  සාධකයකත් සෘජුවම බලපානවා; ඒ නිසා වඩාත් නිවැරදි විදිහට කිවහොත් කාන්තාවන් වයස පවා නොතකා පිරිමියකු ගේ ධන බලය, කිර්තිය, සමාජ තත්ත්වය ඇතුළු ඉහත ඉහතකී පෞරුෂ ලක්ෂණ වලට ඇළුම් කිරීමේ ස්වභාවික නැඹුරුවක් තිබෙනවා.

නමුත් එය සමාජ සදාචාරයට  පටහැනි නේද?

සමාජ සදාචාරය කියන්නේ පොදු සමාජීය යහපැවැත්ම තකා මිනිසා විසින් නිර්මාණය කොට ගත් එකක්. නමුත් එය සමාජයෙන් සමාජයට සහ කාලයෙන් කාලයට සාපේක්ෂයි. ඒ අනුව අප සමාජයේ වුවත් වර්තමානයේ පවතින සදාචාර මට්ටමේ යම් වෙනසක් වීමේ හැකියාවක් තිබෙනවා.

ඒත් එය සදාචාර බිඳ වැටීමක් නේද?

එය බිඳ වැටීමක් තමයි. නමුත් අපට එසේ කිව හැක්කේ නූතන සමාජ, සංස්කෘතික පදනමේ සිට පමණයි.

දමයන්ති ගමගේ (ලක්බිම)

http://www.gossiplankanews.com/2017/04/old-man-can-marry.html

Comments

Popular posts from this blog

රමිත් රඹුක්වැල්ල නටාලි සමග යුග දිවියට

රමිත් රඹුක්වැල්ල නටාලි සමග යුග දිවියට හිටපු ඇමති කෙහෙළිය පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල ඊයේ කොළඹ ගාලු මුවදොර හෝටලයේදී විවාහ ගිවිසුමට පිවිසියා. ඔහු අතගත්තේ ඇමරිකාවේ වාසය කරන ශ්‍රීලාංකික තරුණියකවූ නටාලි ෂෙනලි සමගයි. ඔවුනගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය චාම් අන්දමින් පැවති අතර විවාහය වෙනුවෙන් වෙනම උත්සවයක් ඉදිරියේදී ගන්නා බවද වාර්තා විය. http://www.gossiplankanews.com/2017/05/ramith-rambukwella-wedding.html

මේනකාව බඳින එක මගේ ජීවිතේ හොඳම තීරණයයි - රනිල් කුලසිංහ

රංගනයේදී කාවවත් විශේෂ නැති වුණාට ජීවිතයට නම් විශේෂ කෙනෙක් හොයාගෙනනේ ඉන්නේ? ඔව්. මම මගේ සහකාරිය කරගන්න කෙනාව තෝරා ගත්තා. මේනකාව තමයි මම තෝරා ගත්තේ. යාළුවෙක්ගේ මාර්ගයෙන් තමයි අපි දෙන්නා හඳුනා ගන්නේ. ඊට පස්සේ අපි යාළුවෝ වෙලා කාලයත් එක්ක ඒක ආදරයක් බවට පෙරළුණා. අපි දැන් බොහොම සතුටින් ඉන්නවා. මේ, ජීවිතයේ ගත්ත හොඳම තීරණය කියලා හිතනවද? ඔව්. මම මගේ ජීවිතයේ හොඳම තීරණය අරගෙන තියෙන්නේ. මම මගේ පෞද්ගලික ජීවිතේ තීරණ ගනිද්දී පවුලේ අයත් එකතු කරගන්නවා. මගේ තීරණවලට බලපෑම් කරන්න පුළුවන් මගේ මවුපියන්ට විතරයි. ඉතිං මම ගත්ත තීරණයට එයාලත් කැමති වුණා. රනිල්ගේ හිත මේනකා ළඟම නතර වෙන්න විශේෂ කාරණයකුත් තියෙන්න ඇතිනේ? එක එක කෙනාගේ හිතේ තමන් කැමති කෙනෙක්ගේ රූපයක්, විදිහක් ඇඳිලා තියෙනවානේ. මේනකාව දැක්ක ගමන් මට වෙනසක් දැනුණා. කතා කරන විදිහ, හැසිරෙන විදිහේ වෙනසක් තිබුණා. ඒ වගේම එයා යමක් කළොත් හරිම නීට්. ජීවිතයේදී හරිම සැලසුම් සහගතයි. ඉතිං ඒ වගේ කෙනෙක් ජීවිතයට එකතු කරගත්තොත් ඒක පහසුයි. ඒ වගේම එයා මගේ අම්මටත්, එයාගේ අම්මට වගේම ආදරෙයි. මේ හැමදේම ගොඩක් වටිනවා. මේනකා හොඳ පෙම්වතියක් වුණා වගේම හොඳ බිරියක් වෙයි කියලා හිතනවද? ...

ස්විස් විවාහෙ කඩාගෙනයි මං ගාලු ජනතා සේවෙට ආවෙ - තනතුරු අහිමිවීමෙන් පසු ගීතා කියයි

උසාවි තීන්දුව ප්‍රකාරව සිය මන්ත්‍රී ධූරය අහිමිවන බව දැනගැනීෙමන් පසු ගීතා කුමාරසිංහ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාෙව්දී මෙසේ කියා සිටියාය. 'මම උසාවියේ තීන්දුවට හිස නමනවා. අපේ රටේ සියලුම පුරවැසියන්ට තියන අයිතියක්.තමන්ට විරුද්ධව මෙවැනි දෙයක් වුණහම ඊට ඉහළින් තියන උසාවියකට යන එක. ඒ නිසා මම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් ගොනු කරන්න සියල්ල සූදානම් කර තියෙනවා. 65000 ක් මට ඡන්දෙ දීපු ජනතාවට වෙච්ච අසාධාරණයක් මේක. කලබල වෙන්න එපා ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව එනතුරු බලා ඉමු. අනිත් එක මං ජනතාවට කියනවා ස්විට්සර්ලන්තයේමට තිබිච්ච සියලු සම්පත් මං අතෑරල දාලා ඒ පුරවැසිභාවය අයින් කරගත්ත කෙනෙක් හැටියට මම කණගාටු වෙනවා. අද මෙවැනි තත්වයකට මාව ගෙනාවෙ පැරදිච්ච එක්කෙනෙක් මෙතැන්ට එන්න කරන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි. මේ මුකුත්ම නෑනෙ මම ආණ්ඩුවට එකතු වුණානම්. මගේ දේවල් සියල්ල නැති කරගනිමින් විවාහයේත් ප්‍රශ්න ඇති කරගනිමින්. මම ජනතාව වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. ඒක අදත් කරනවා මං හෙටත් කරනවා. මොනදේ නැති වුණත් මං තාම ගීතා කුමාරසිංහ.' http://www.gossiplankanews.com/2017/05/geetha-speaks.html