Skip to main content

එස් එෆ් ලොක්කා නැවත වැඩ පටන් ගනී - පැහැරගත් වාහනයක් හමුවේ


අනුරාධපුර සමාජශාලා හිමිකරුවකු වූ කරාටේ වසන්ත ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට
අත්අඩංගුවට ගෙන මුදාහැර සිටින ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ්. ලොක්කා ඇතුළු කණ්ඩායමක් විසින්
අනුරාධපුර ප්‍රදේශයේ පෞද්ගලික පන්ති ගුරුවරයකු ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත පැහැරගත් සුඛෝපභෝගී

වාහනය මිහින්ත‍ලේ, කුරුන්දම්කුලම ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී අනුරාධපුර මූලස්ථාන ‍පොලිසියේ
අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පෙරේදා (23) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත.

අනුරාධපුර නව නගරයේ පෞද්ගලික පන්තියක් පවත්වාගෙන යන මෙම ගුරුවරයා ලීසිං
සමාගමක් හරහා
සුඛෝපභෝගී මෝටර් රථයක් මිලදී ගෙන එහි වාරික ගෙවීම දිගින් දිගටම පැහැර හැර ඇත.

මේ හේතුවෙන් ලීසිං ආයතනයේ කණ්ඩායමක් විසින් ඉකුත් 21 දා අනුරාධපුර, පැරණි පූජා නගරයේදී අදාළ
මෝටර් රථය අත්පත්කරගෙන ඇත. මෙම වාහනය ලීසිං සමාගමේ පිරිසක් රැගෙන ගිය බවත්, එම වාහනය
තමන්ට ආපසු ගෙනැවිත් දෙන ලෙසට එස්.එෆ්. ලොක්කා නමැති අයට ගුරුවරයා විසින් කොන්ත්‍රාත්තුවක්
ලබාදී ඇත. මේ සඳහා ගුරුවරයා විසින් රුපියල් ලක්ෂයක මුදලක් ලබාදී ඇතැයිද ‍පොලිසිය කළ
පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මේ අනුව මෝටර් රථය ලීසිං සමාගමේ පිරිස රැගෙන යද්දී පැහැරගෙන ඇත.

මෙහිදී අදාළ පෞද්ගලික පන්ති ගුරුවරයා විසින් ‍පොළොන්නරුව ‍පොලිසියට ව්‍යාජ පැමිණිල්ලක්ද කර ඇත.
තමන්ගේ මෝටර් රථය පැහැර ගැනීමට පිරිසක් පැමිණි අවස්ථාවේදී,තමන් ‍පොළොන්නරුව දෙසට වාහනය
ධාවනය කළ බව එම පැමිණිල්‍ලේ සඳහන්වේ.

මෙම සිද්ධියට එස්.එෆ් ලොක්කා සහ තවත් පුද්ගලයින් දෙදෙනකු පමණ සම්බන්ධවී ඇතැයි තොරතුරු ලැබි ඇත.
පිරිස අනුරාධපුර නගරයේම සැඟව සිටින බවට තොරතුරු ලැබි ඇති බවත්,ඔවුන් වහා අත්අඩංගුවට ගැනීමට
මෙහෙයුම් සිදුකෙරෙන බවත් අනුරාධපුර මූලස්ථාන ‍පොලිස් ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක සංජීව
මහානාම මහතා පැවසීය. ගුරුවරයා ද පලාගොස් ඇතැයි හෙතෙම පැවසීය.

සිද්ධිය සම්බන්ධව අනුරාධපුර මූලස්ථාන ‍පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(සාලිය කුමාර ගුණසේකර)

http://www.gossiplankanews.com/2017/04/sf-lokka-work-begins.html

Comments

Popular posts from this blog

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html

රුපියල ශක්තිමත් වෙයි

අපනයනකරුවන් විසින් ඩොලර් විනිමය විකිණීමත්, ස්වෛරීත්ව බැඳුම්කර සහ සම්මිලිත ණය මුදල් ලැබීමේ අපේක්ෂාවෙන් රුපියල ශක්තිමත්වීමත් දැන් දක්නට ලැබෙනවා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ දිනයේ... Read More http://www.hirunews.lk/sinhala/business/160740