Skip to main content

ජල විදුලි හිඟය හා නොරොච්චෝලේ ගැටලුව නිසා හොරෙන් හොරෙන් ලයිට් කපලා


ජල විදුලි හිඟය හා
නොරොච්චෝලේ ගැටලුව නිසා

හොරෙන් හොරෙන් ලයිට් කපලා

පසුගිය දිනවල ඇතිවූ ජල විදුලි ධාරිතා හිඟය හා නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ඇතිවූ ගැටලු මත ජනතාවට නොදන්වා පැය, පැය බාගය මිනිත්තු 15 ආදී ලෙස දිවයිනේ විවිධ ප්‍රදේශවල විදුලි බල විසන්ධි කිරීම් සිදු කර ඇති බව අනාවරණය වෙයි.
මෙම විදුලි බල විසන්ධි කිරීම් ජනතාවට පූර්ව දැනුම් දීමකින් පසුව සිදු කර නොමැති අතරම ඒවා සිදු කළ පසු ඒ ආකාරයට කළ බව පවා
ජනතාවට හෝ මාධ්‍ය වෙත

හෝ නොදන්වා සිටින්නට මණ්ඩලය පියවර ගෙන තිබේ.
මේ හේතුවෙන් පසුගිය දිනවල දහවල් හා රාත්‍රියේ ජනතාවට වරින්වර අපහසුතා ඇති විය.

නොරොච්චෝල බලාගාරයේ දෝෂ හා මේ දිනවල පවතින වියළී කාලගුණය හේතුවෙන් ජලවිදුලි නිෂ්පාදනය අඩාළවීම මෙම විදුලි කප්පාදුවට හේතුවී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය දන්වා සිටින්නේ තිබෙන ජල ධාරිතාවය 31.4% දක්වා පහතට වැටී ඇති බැවින් ජල විදුලි නිෂ්පාදනය 12%ක් දක්වා අඩුවී තිබෙන බවත්, මීට අමතරව නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක ඇති වී තිබෙන නඩත්තු කටයුත්තක් හේතුවෙන් විදුලිය නිෂ්පාදනය 34%ක් දක්වා අඩුවී තිබෙන බවත්ය.

මේ දිනවල පවතින අධික උෂ්ණ අධික කාලගුණ තත්වය නිසා ඒකක මිලියන 38ක්ව පැවැති විදුලි දිවා ඉල්ලුම ඒකක මිලියන 45 දක්වා 18.4% කින් ඉහළට ගොස් තිබේ. එසේම රාත්‍රී කාලයේදී මෙගාවොට් 2470ක ඉල්ලුමක් 10% ක වැඩිවීමක්ද වාර්තාවී ඇත.

මේ නිසාම ලබන අඟහරුවාදා මැයි මස 02 දින සිට කර්මාන්තශාලාවල පවතින විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම අනිවාර්ය කිරීමටද දැනුම් දීම් කර තිබේ.
නිවෙස් පාරිභෝගිකයින්ගේ විදුලි කප්පාදුව රහසේම සිදු කළත් එවැනි කාලසටහනක් ගැන තවම නිල වශයෙන් දැනුම්දී නැත.



http://www.gossiplankanews.com/2017/04/power-cut-without-notice.html

Comments

Popular posts from this blog

ස්විස් විවාහෙ කඩාගෙනයි මං ගාලු ජනතා සේවෙට ආවෙ - තනතුරු අහිමිවීමෙන් පසු ගීතා කියයි

උසාවි තීන්දුව ප්‍රකාරව සිය මන්ත්‍රී ධූරය අහිමිවන බව දැනගැනීෙමන් පසු ගීතා කුමාරසිංහ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාෙව්දී මෙසේ කියා සිටියාය. 'මම උසාවියේ තීන්දුවට හිස නමනවා. අපේ රටේ සියලුම පුරවැසියන්ට තියන අයිතියක්.තමන්ට විරුද්ධව මෙවැනි දෙයක් වුණහම ඊට ඉහළින් තියන උසාවියකට යන එක. ඒ නිසා මම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් ගොනු කරන්න සියල්ල සූදානම් කර තියෙනවා. 65000 ක් මට ඡන්දෙ දීපු ජනතාවට වෙච්ච අසාධාරණයක් මේක. කලබල වෙන්න එපා ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව එනතුරු බලා ඉමු. අනිත් එක මං ජනතාවට කියනවා ස්විට්සර්ලන්තයේමට තිබිච්ච සියලු සම්පත් මං අතෑරල දාලා ඒ පුරවැසිභාවය අයින් කරගත්ත කෙනෙක් හැටියට මම කණගාටු වෙනවා. අද මෙවැනි තත්වයකට මාව ගෙනාවෙ පැරදිච්ච එක්කෙනෙක් මෙතැන්ට එන්න කරන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි. මේ මුකුත්ම නෑනෙ මම ආණ්ඩුවට එකතු වුණානම්. මගේ දේවල් සියල්ල නැති කරගනිමින් විවාහයේත් ප්‍රශ්න ඇති කරගනිමින්. මම ජනතාව වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. ඒක අදත් කරනවා මං හෙටත් කරනවා. මොනදේ නැති වුණත් මං තාම ගීතා කුමාරසිංහ.' http://www.gossiplankanews.com/2017/05/geetha-speaks.html

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html