Skip to main content

ඩිල්ෂාන් පළමු දරුවාට නඩත්තු නොගෙවීම හා පරිත්‍යාග පිළිබඳ මාධ්‍ය ප්‍රචාරණය


ඩිල්ෂාන් පළමු දරුවාට නඩත්තු නොගෙවීම හා
පරිත්‍යාග පිළිබඳ මාධ්‍ය ප්‍රචාරණය


ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු හා විශිෂ්ට ක්‍රීඩක  තිලකරත්න ඩිල්ෂාන්ට එරෙහිව උසාවියක් මගින් වරෙන්තු නිකුත් කිරීමක් පිළිබඳ පුවතක් ඊයේ වාර්තා විය. එයට හේතුවූයේ ඔහුගේ මුල් විවාහයේ 14 හැවිරිදි පුතු වෙනුවෙන් නඩත්තු ගෙවීම පැහැරහැරීමක් නිසාය. දැනට රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටින සිය පුතු වෙනුවෙන් උසාවි තීන්දුවක් ප්‍රකාරව මාස් පතා රුපියල් 40000 ක මුදලක් ඩිල්ෂාන් ගෙවිය යුතු වුවත් ඔහු එය පසුගිය මාස කිහිපයේම පැහැර හැර ඇති බව
පුතු වෙනුවෙන් කරුණු දැක්වූ

ඩිල්ෂාන්ගේ හිටපු බිරිය නිලංකා විතානගේ පැමිණිලි කර තිබුණි.
අති විශාල ධනස්කන්ධයකට උරුමකම් කියන ඩිල්ෂාන්ගේ ගේදොර ඉඩකඩම්වල වත්කම රුපියල් ලක්ෂ 2500 ක් බවත් ඔහුගේ මාසික ආදායම රුපියල් ලක්ෂ 120 ක් බවත් ඔහුට ශ‍්‍රීලංකා ක‍්‍රිකට් මගින් වසරකට රුපියල් ලක්ෂ 1260 ක් පමණ ලැබෙන බවත් 2008-12 කාලයේ අයිපීඑල් කොන්ත‍්‍රාත්තුවකට අත්සන් කර රුපියල් ලක්ෂ 3000 ක ආදායමක් ලබා ඇති බවත් ආදී වශයෙන් වත්කම් දත්ත පෙන්වා මින් වසර කිහිපයකට පෙර මෙම නඩත්තු ගෙවීම පිළිබඳ අධිකරණ තීන්දුව ලබාදී තිබුණි.
ඩිල්ෂාන් ඉන් පසු විවාහ වූ ටෙලි නාට්‍ය නිළි මංජුලා තිලිණිට ඩිල්ෂාන්ට දාව දරුවන් තිදෙනෙකුද සිටින අතර පසුගිය කාලයේ ඩිල්ෂාන් විවිධ සමාජ සත්කාර කරමින් මහජන අවධානයට පත්වූවාසේම ඔහු ලක්ෂ ගණනින් අසරණ අයට මුදල් නිවාස පරිත්‍යාග කරමින් සිදු කළ කටයුතුද ප්‍රශංසාවන්ටද බඳුන් විය.
ඒ අනුව ඩිල්ෂාන් ලෝකයට පේන්න කරන පරිත්‍යාග සහ තම මුල් දරුවාට දක්වන උනන්දුව පිළිබඳ පරස්පරතාවක්ද පෙනී යයි.
නඩත්තු නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් තිලකරත්න ඩිල්ෂාන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා විසින් 24 වනදා වරෙන්තු නිකුත් කළ අතර පසුව ඊයේ (25) තිලකරත්න ඩිල්ෂාන් මෝසමක් ගොනු කරමින් නීතීඥයෙකු හරහා අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව නිකුත් කළ වරෙන්තුව අත්හිටුවා තිබේ. තම නීතීඥයින්ට දිනය හරිහැටි සටහන් කරගන්නට බැරිවීම නිසා නඩුවට එන්නට බැරිවූ බව ඩිල්ෂාන් දන්වා තිබේ.නඩුව යළි මැයි 31 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.
රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබන ඩිල්ෂාන්ගේ මේ කියන පුත්‍රයා සීසීසී ක‍්‍රිකට් පාසල හරහා 2013 වයස 11න් පහළ ඉන්දියානු සංචාරයකටද සහභාගිවුණ අතර එහිදී තරගාවලියේ වීරයා බවට පත්වූයේ පිත්තෙන් හා පන්දුවෙන්ද දක්ෂතා දක්වමිනි.
ඔහු තරග 7 කදී ලකුණු 141 ක් ලබා තිබුණ අතර පන්දුවෙන් දක්ෂතා දක්වා තිබුනේ 25-0-38-5 ලෙසිනි. ඔහු පියා අඩිපාරේ යන අනාගත ක්‍රිකට් දක්ෂතා ඇති අයෙකු බවද වාර්තා විය.

http://www.gossiplankanews.com/2017/04/dilshan-first-son-case.html

Comments

Popular posts from this blog

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html

රුපියල ශක්තිමත් වෙයි

අපනයනකරුවන් විසින් ඩොලර් විනිමය විකිණීමත්, ස්වෛරීත්ව බැඳුම්කර සහ සම්මිලිත ණය මුදල් ලැබීමේ අපේක්ෂාවෙන් රුපියල ශක්තිමත්වීමත් දැන් දක්නට ලැබෙනවා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ දිනයේ... Read More http://www.hirunews.lk/sinhala/business/160740