Skip to main content

අපි වෙන්වුණ හේතුව දෙවැනි දරුවගෙ උපන්දිනෙන් එළිවෙනවා - ඩිල්ෂාන්ගේ මුල් බිරිය කථා කරයි


අපි වෙන්වුණ හේතුව
දෙවැනි දරුවගෙ උපන්දිනෙන් එළිවෙනවා

පුතාගෙ එක මැච් එකක්වත් එයා දැකල නෑ
එයාට කෝල් එකක් වත් දෙන්නෑ

- ඩිල්ෂාන්ගේ මුල් බිරිය නිලංකා කථා කරයි

පසුගියදා නඩත්තු නඩුවක පෙනී නොසිටීම නිසා උසාවියෙන් වරෙන්තු ලද ක්‍රිකට් ක්‍රීඩක ටීඑම් ඩිල්ෂාන් උසාවියට භාරවීමෙන් පසු මාධ්‍ය අමතා දන්වා සිටියේ තමන්ගේ නීතීඥයින්ට දිනය වැරදුණ නිසා එදා එන්නට බැරිවුණ බවයි.ඒ සමගම ඔහු කියා සිටියේ තමා දුක් මහන්සියෙන් හම්බ කළ මුදල් වරින්වර ඉල්ලන තරමට පෙර බිරියට ලබාදෙන්නට සූදානම් නැති බවයි.
දරුවා වෙනුවෙන් ලක්ෂ 300ක්ද ගෙවූ තමා මාස්පතා 40000 ක් ගෙවන බවද ඔහු කියා සිටි අතර තමන්ට මඩ ගසන මාධ්‍ය වැරදි ලෙස මේ කතාව ගොතන බව ඔහු දන්වා සිටියේය.
නමුත් මේ ප්‍රකාශය තුළ සාවද්‍ය කරුණු ඇතුළත් බව කියමින් ක්‍රිකට් ක්‍රීඩක ටීඑම් ඩිල්ෂාන්ගේ පෙර බිරිය වූ නිලංකා විතානගේ මහත්මිය මුල්වරට මාධ්‍ය අමතා
කරුණු පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.

තමන් සහ ඩිල්ෂාන් අතර විවාහය බිඳීයාමට හේතුව සෘජුව නොකියන ඇය ඩිල්ෂාන්ගේ දෙවන කසාදයේ මුල් දරුවාගේ උපන් දිනය සහ තමාගෙන් ඩිල්ෂාන් දික්කසාදවූ 2008 මැයි 9 අතර වෙනස දකින කෙනෙකුට එය තේරුම් ගත හැකි බවද මුලින්ම කියා සිටී.

ඩිල්ෂාන් මාධ්‍ය වෙත කියා සිටි ලෙස දරුවා වෙනුවෙන් කිසිදු දවසක ඩිල්ෂාන් ලක්ෂ 300 ක් නොගෙවූ බව ඇය පවසයි.තමාගෙන් දික්කසාද වන්දිය ලෙස මිලියන 8 ක් නිවසක් හා පරණ කාර් එකක් පමණක් ලබාදුන් ඩිල්ෂාන්ට එරෙහිව පැවරූ නඩත්තු නඩුව ප්‍රකාරව මාසයට 20000 ක් පමණක් දරුවාට ලබාදුන් ඔහු ඉන් පසු කිසිදු අවස්ථාවක දරුවා බලන්නට දරුවා සමග කතා කරන්නට හෝ පසුගිය වසර 9 ක කාලයේ උනන්දු නොවූ බව ඇය පවසයි.
අඩු තරමේ ක්‍රිකට් දක්ෂතා ඇති තම දරුවාගේ මැච් එකක් වත් බලන්නට ඩිල්ෂාන් කිසිදාක පැමිණියේ නැති බව ඇය පවසයි.දරුවාට උපන්දිනයට සුබපතන්නටවත් ඔහුට මතක් නොවන බවද ක්‍රීඩා උපකරණ පවා මිලට ගෙන ලබාදෙන්නේ තමා බවද ඇය පවසයි.

ඩිල්ෂාන් නීති ප්‍රකාරව ගෙවිය යුතු 20000 මාස 4 ක් තිස්සේ නොගෙවීම නිසා තමාට නැවත උසාවි යාමට සිදුවූ බවත් එම අවස්ථාවේ ඩිල්ෂාන්ගේ මිලියන 25 ක මාසික ආදායමින් සියයට 1 ක් පමණක් තමා දරුවා වෙනුවෙන් ඉල්ලා සිටියත් එය ලබාදෙන්නට බැරි බව ඔහු දන්වා සිටි බවත් පසුව උසාවිය 40000 බැගින් ගෙවන්නට ඔහුට නියම කළ බවද එම නඩත්තු නඩුවට ඔහු නොපැමිණීම මත පසුගියදා අත්අඩංගුවට ගන්නට නියම කළ බවද ඇය කියා සිටී.

ඩිල්ෂාන් මාධ්‍යයට හෙළිකරන ආකාරයට තමා වරින්වර මුදල් ඉල්ලීමට කිසිදු අවස්ථාවක කටයුතු කර නැති බවද ඇය දන්වයි.
ඩිල්ෂාන්ගේ නීතීඥයින්ට දිනය සටහන් කරගන්නට අමතකවීම මත එසේ එන්නට බැරිවූ බව කීවත් එම දිනය පවසන අවස්ථාවේ ඩිල්ෂාන්,ඩිල්ෂාන්ගේ පියා මෙන්ම නීතීඥයින්ද උසාවියේ සිටි බවත් එම අමතකවූ කතාව ගොතන ලද්දක් බවත් ඇය පවසයි.
ඇගේ සම්පූර්ණ කතාව පහතින්
(අනුග්‍රහය -srilankamirror.com)




http://www.gossiplankanews.com/2017/04/dilshan-wifr-nilanka-withanage-speaks.html

Comments

Popular posts from this blog

රමිත් රඹුක්වැල්ල නටාලි සමග යුග දිවියට

රමිත් රඹුක්වැල්ල නටාලි සමග යුග දිවියට හිටපු ඇමති කෙහෙළිය පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල ඊයේ කොළඹ ගාලු මුවදොර හෝටලයේදී විවාහ ගිවිසුමට පිවිසියා. ඔහු අතගත්තේ ඇමරිකාවේ වාසය කරන ශ්‍රීලාංකික තරුණියකවූ නටාලි ෂෙනලි සමගයි. ඔවුනගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය චාම් අන්දමින් පැවති අතර විවාහය වෙනුවෙන් වෙනම උත්සවයක් ඉදිරියේදී ගන්නා බවද වාර්තා විය. http://www.gossiplankanews.com/2017/05/ramith-rambukwella-wedding.html

මේනකාව බඳින එක මගේ ජීවිතේ හොඳම තීරණයයි - රනිල් කුලසිංහ

රංගනයේදී කාවවත් විශේෂ නැති වුණාට ජීවිතයට නම් විශේෂ කෙනෙක් හොයාගෙනනේ ඉන්නේ? ඔව්. මම මගේ සහකාරිය කරගන්න කෙනාව තෝරා ගත්තා. මේනකාව තමයි මම තෝරා ගත්තේ. යාළුවෙක්ගේ මාර්ගයෙන් තමයි අපි දෙන්නා හඳුනා ගන්නේ. ඊට පස්සේ අපි යාළුවෝ වෙලා කාලයත් එක්ක ඒක ආදරයක් බවට පෙරළුණා. අපි දැන් බොහොම සතුටින් ඉන්නවා. මේ, ජීවිතයේ ගත්ත හොඳම තීරණය කියලා හිතනවද? ඔව්. මම මගේ ජීවිතයේ හොඳම තීරණය අරගෙන තියෙන්නේ. මම මගේ පෞද්ගලික ජීවිතේ තීරණ ගනිද්දී පවුලේ අයත් එකතු කරගන්නවා. මගේ තීරණවලට බලපෑම් කරන්න පුළුවන් මගේ මවුපියන්ට විතරයි. ඉතිං මම ගත්ත තීරණයට එයාලත් කැමති වුණා. රනිල්ගේ හිත මේනකා ළඟම නතර වෙන්න විශේෂ කාරණයකුත් තියෙන්න ඇතිනේ? එක එක කෙනාගේ හිතේ තමන් කැමති කෙනෙක්ගේ රූපයක්, විදිහක් ඇඳිලා තියෙනවානේ. මේනකාව දැක්ක ගමන් මට වෙනසක් දැනුණා. කතා කරන විදිහ, හැසිරෙන විදිහේ වෙනසක් තිබුණා. ඒ වගේම එයා යමක් කළොත් හරිම නීට්. ජීවිතයේදී හරිම සැලසුම් සහගතයි. ඉතිං ඒ වගේ කෙනෙක් ජීවිතයට එකතු කරගත්තොත් ඒක පහසුයි. ඒ වගේම එයා මගේ අම්මටත්, එයාගේ අම්මට වගේම ආදරෙයි. මේ හැමදේම ගොඩක් වටිනවා. මේනකා හොඳ පෙම්වතියක් වුණා වගේම හොඳ බිරියක් වෙයි කියලා හිතනවද? ...

ස්විස් විවාහෙ කඩාගෙනයි මං ගාලු ජනතා සේවෙට ආවෙ - තනතුරු අහිමිවීමෙන් පසු ගීතා කියයි

උසාවි තීන්දුව ප්‍රකාරව සිය මන්ත්‍රී ධූරය අහිමිවන බව දැනගැනීෙමන් පසු ගීතා කුමාරසිංහ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාෙව්දී මෙසේ කියා සිටියාය. 'මම උසාවියේ තීන්දුවට හිස නමනවා. අපේ රටේ සියලුම පුරවැසියන්ට තියන අයිතියක්.තමන්ට විරුද්ධව මෙවැනි දෙයක් වුණහම ඊට ඉහළින් තියන උසාවියකට යන එක. ඒ නිසා මම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් ගොනු කරන්න සියල්ල සූදානම් කර තියෙනවා. 65000 ක් මට ඡන්දෙ දීපු ජනතාවට වෙච්ච අසාධාරණයක් මේක. කලබල වෙන්න එපා ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව එනතුරු බලා ඉමු. අනිත් එක මං ජනතාවට කියනවා ස්විට්සර්ලන්තයේමට තිබිච්ච සියලු සම්පත් මං අතෑරල දාලා ඒ පුරවැසිභාවය අයින් කරගත්ත කෙනෙක් හැටියට මම කණගාටු වෙනවා. අද මෙවැනි තත්වයකට මාව ගෙනාවෙ පැරදිච්ච එක්කෙනෙක් මෙතැන්ට එන්න කරන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි. මේ මුකුත්ම නෑනෙ මම ආණ්ඩුවට එකතු වුණානම්. මගේ දේවල් සියල්ල නැති කරගනිමින් විවාහයේත් ප්‍රශ්න ඇති කරගනිමින්. මම ජනතාව වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. ඒක අදත් කරනවා මං හෙටත් කරනවා. මොනදේ නැති වුණත් මං තාම ගීතා කුමාරසිංහ.' http://www.gossiplankanews.com/2017/05/geetha-speaks.html