Skip to main content

ඉන්දීය මිසයිල අත්හදා බැලීමක් නිසා ශ්‍රීලන්කන් ගුවන් ගමන් වෙනස් කෙරේ

ඉන්දීය රජය අද (27දා) උදෑසන 8.30 සිට දහවල් 12.30 දක්වා සිය නවතම මිසයිල අත්හදා බැලීමක් සිදුකරන බැවින්, තම ගිණිකොණ දිග ගුවන් කලාපය ඔස්සේ ගුවන් යානා මෙහෙයුම් කටයුතු සිදුනොකරන ලෙස ඉන්දීය රජය තමන් වෙත නිවේදනය කර ඇතැයි කටුනායක ගුවන්තොටුපළ ගුවන්ගමන් පාලක මැදිරිය
සඳහන් කරයි.

මේ නිසා මෙම ගුවන් ගමන් කලාපය ඔස්සේ කටුනායක ගුවන්තොටුපළෙන් පිටත්ව යෑමට නියමිත ගුවන්යානා තුනක ගමන් කටයුතු, ඒ අනුව දහවල් වනතුරු ප්‍රමාද කර තිබේ.

එනම් උදෑසන 7.20 ට ජාකර්තා බලා පිටත්ව යෑමට නියමිතව තිබූ යූ.එල්. – 364 යානයත්, උදෑසන  7.25ට සිංගප්පූරුව බලා පිටත්ව යෑමට නියමිතව තිබූ යූ.එල්. – 302 යානයත්, උදෑසන 7.45ට ක්වාලාලම්පූර් බලා පිටත්ව යෑමට නියමිතව තිබූ යූ.එල්.-314 යානයත් පිටත්ව යෑමට නියමිතව ඇත්තේ දහවල්  12.30 පමණය. මේ සියලු යානා ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ඒවා වේ.

එමෙන්ම හෙට (28දා) මෙවැනිම තවත් මිසයිල අත්හදා බැලීමක් එදින උදෑසන 8.30 සිට දහවල් 12.30 දක්වා කාලය තුළ ඉන්දියාවේ ගිණිකොණ දිග ගුවන් කලාපය ඔස්සේ සිදුකිරීමට බලාපොරොත්තු වන බැවින්, එදින මෙම කාලය තුළ මෙම ගුවන් කලාපය ඔස්සේ ශ්‍රී ලංකාවට ගුවන් ගමන් මෙහෙයවීම අත්හිටුවන ලෙසද ඉන්දීය රජය වැඩිදුරටත් දන්වා ඇතැයි කටුනායක ගුවන්ගමන් පාලක මැදිරිය ප්‍රකාශ කරයි.

http://www.gossiplankanews.com/2017/04/sri-lankan-flight-change.html

Comments

Popular posts from this blog

ස්විස් විවාහෙ කඩාගෙනයි මං ගාලු ජනතා සේවෙට ආවෙ - තනතුරු අහිමිවීමෙන් පසු ගීතා කියයි

උසාවි තීන්දුව ප්‍රකාරව සිය මන්ත්‍රී ධූරය අහිමිවන බව දැනගැනීෙමන් පසු ගීතා කුමාරසිංහ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාෙව්දී මෙසේ කියා සිටියාය. 'මම උසාවියේ තීන්දුවට හිස නමනවා. අපේ රටේ සියලුම පුරවැසියන්ට තියන අයිතියක්.තමන්ට විරුද්ධව මෙවැනි දෙයක් වුණහම ඊට ඉහළින් තියන උසාවියකට යන එක. ඒ නිසා මම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් ගොනු කරන්න සියල්ල සූදානම් කර තියෙනවා. 65000 ක් මට ඡන්දෙ දීපු ජනතාවට වෙච්ච අසාධාරණයක් මේක. කලබල වෙන්න එපා ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව එනතුරු බලා ඉමු. අනිත් එක මං ජනතාවට කියනවා ස්විට්සර්ලන්තයේමට තිබිච්ච සියලු සම්පත් මං අතෑරල දාලා ඒ පුරවැසිභාවය අයින් කරගත්ත කෙනෙක් හැටියට මම කණගාටු වෙනවා. අද මෙවැනි තත්වයකට මාව ගෙනාවෙ පැරදිච්ච එක්කෙනෙක් මෙතැන්ට එන්න කරන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි. මේ මුකුත්ම නෑනෙ මම ආණ්ඩුවට එකතු වුණානම්. මගේ දේවල් සියල්ල නැති කරගනිමින් විවාහයේත් ප්‍රශ්න ඇති කරගනිමින්. මම ජනතාව වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. ඒක අදත් කරනවා මං හෙටත් කරනවා. මොනදේ නැති වුණත් මං තාම ගීතා කුමාරසිංහ.' http://www.gossiplankanews.com/2017/05/geetha-speaks.html

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html