Skip to main content

ෆොන්සේකාට හමුදාවට උඩින් තනතුරු දීම කෙප්පයක්


ෆොන්සේකාට හමුදාවට උඩින් තනතුරු දීම 
කෙප්පයක්

වැඩ වර්ජන අවස්ථාවකදී අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යෑම කළමනාකරණය කිරීම සඳහා සරත් ෆොන්සේකා මහතාට තනතුරක් ලබාදීම පිළිබඳව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය සාකච්ඡාවට බඳුන් කිරීම සත්‍යයක් වුවත් එවැනි තනතුරක් දීමට ජනපතිවරයා තීරණයක් ගෙන නැති බව

අමාත්‍ය මහින්ද අමරවීර මහතා

ඊයේ මාධ්‍ය හමුවකදී දැනුම් දුන්නේය.
මේ අවස්ථාවට එක්වූ ඇමති එස් බී දිසානායක කියා සිටියේ එම සාකච්ඡාව අවස්ථාවේ ජනපතිවරයා එවැනි තනතුරක් ගැන කියා සිටියේ විහිළුවට පමණක් බවකි.
 කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශයක් වැරැදි අවබෝධයකින් මාධ්‍ය වාර්තා කර ඇති බව ඇමති අමරවීර ඒ සමගම පැහැදිලි කර සිටියේය.
වැඩ වර්ජන උද්ඝෝෂණ වැනි අවස්ථාවකදී මහජන පීඩනය අවම කර ගැනීම සඳහා සරත් ෆොන්සේකා මහතා සතු වෘත්තීය පළපුරුද්ද සහ දැනුම ප්‍රයෝජනයට ගනිමින් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑමට ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගැනීමත් ඒවා කළමනාකරණයත් තුළින් ජනතාවට සිදුවන පීඩනය අවම කර ගැනීමේ පරමාර්ථයෙන් ජනාධිපතිවරයා එවැනි යෝජනාවක් කළ නමුත් එවැනි පදවියක් හෝ තනතුරක් ලබාදීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන නැති බවත් එහිදී කියැවිණි.

http://www.gossiplankanews.com/2017/04/fonseka-new-post-false-news.html

Comments

Popular posts from this blog

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html

රුපියල ශක්තිමත් වෙයි

අපනයනකරුවන් විසින් ඩොලර් විනිමය විකිණීමත්, ස්වෛරීත්ව බැඳුම්කර සහ සම්මිලිත ණය මුදල් ලැබීමේ අපේක්ෂාවෙන් රුපියල ශක්තිමත්වීමත් දැන් දක්නට ලැබෙනවා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ දිනයේ... Read More http://www.hirunews.lk/sinhala/business/160740