Skip to main content

දියණියන් සිටින මවකවූ අනෝමා ජිනාදරී අවුරුද්දට නිරුවත් ඡායාරූප දැම්ම එක ගැන දුන්න උත්තරේ

අවුරුදු සමරන්න අනෝමා ජිනාදරී තමන්ගේ අඩ නිරුවත් ඡායාරූප පෙළක් අන්තර් ජාලයට එක් කළ පුවත  පහුගිය දවස්වල බොහෝ අයගේ කතා බහට ලක්වුණා. කලාත්මක සිනමා නිර්මාණ වෙනුවෙන් නළු නිළියෝ නිරුවත් වූ අවස්ථා අප දැක තිබෙනවා. තනි තටුවෙන් පියාඹන්න චිත්‍රපටය වෙනුවෙන් අනෝමා ජිනාදරීත්
එබඳු කැපකිරීමක් කළා.

එය පැසසුමට හා ඇගයුමට ලක්වුණත්  ඇය වැනි නිළිියක්   මේ විදියට අඩ නිරුවත් ඡායාරූප අන්තර් ජාලයට දැමීමේ අරමුණ බොහෝ අයට කුතුහලයක් නිසා අප මේ ගැන අනෝමාගෙන් විමසුවා. රස නවය  අතර ශෘංගාර රසය එකක් බවත්, නිරුවත හා ලිංගිකත්වය ඊට අදාල බවත් අනෝමා පවසනවා. ඇය මේ විදියේ ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරියේ රසිකයින්ගේ ශෘංගාර රසය කලඹන්නද? එසේ කිරීමෙන් අනෝමා බලා‍පොරොත්තුවන්නේ කුමක්ද? එය අපේ සංස්කෘතිය හා කොතෙක් දුරට පෑහෙනවාද? අප ඒ පිළිබඳ අනෝමාගෙන් විමසුවේ අප වටා වූ සංස්කෘතිය හා සමාජය ගැන  හිතලා මිස  ලිංගික කුහකකමින් නම් නොවේ. අපේ ප්‍රශ්නවලට අනෝමා උණුසුම් පිළිතුරු ලබාදුන්නා. අප ඊට ඉඩ ලබාදුන්නේ ඇගේ අදහස  ගැන පාඨක ඔබට තීන්දු තීරණ ගන්නට ඉඩ හරිමිනුයි.

තනි තටුවෙන් පියාඹන්න චිත්‍රපටය සඳහා ඔබ සම්පූර්ණයෙන් නිරුවත් වෙද්දී ඒ වැරදි බව කී අය සිටියාට උසස් කලා කෘතියක් වෙනුවෙන් ඔබ කළ කැපවීම අගය කළ අය සිටියා. ඔබ අන්තර්ජාතික සම්මානයට පාත්‍ර වුණා. හැබැයි එවැනි නිළියක් මේ වගේ අඩ නිරුවත් පින්තූර අන්තර්ජාලයට දැමීම සමාජය අගය කරන්නේ නැහැ නේද?

මම හිතුවේ නැහැ මාධ්‍යකරුවන් මෙතරම් නින්දිත විදියට මේ දෙස බලයි කියලා. මෑත යුගයේ අන්තර්ජාතික සම්මානයට පාත්‍ර වූ ජෙනිෆර් ලෝපේස්, කේට් වින්ස්ලට් වැනි නිළියන්ගේ වගේම බොලිවුඩ් නිළියන්ගේත් නිරුවත් පින්තූර අන්තර්ජාලයේ සැරිසරනවා. අපේ රටේ අය එය පහත්කොට සලකන්නේ නැහැ. මෙය තනිකරම ලිංගික කුහකත්වය නැතිනම් ලිංගික ද්වේෂයයි. කඩිමුඩියේ තමන්ගේ පත්තර  පිටු පුරවාගන්න ගොසිප් එකක් අල්ලාගෙන ලියනවාට වඩා මම වගේ කෙනෙක්ගෙන් ශාස්ත්‍රිය හා වෘත්තිය වශයෙන් කරන සාකච්ඡාව නේද වැදගත්.

අප වටා සංස්කෘතියක් තියෙනවා. සිංහල කුල කාන්තාවෝ අවුරුදු සමරන්න සැමියා එක්ක දරුවෝ එක්ක අවුරුදු කෑම මේසය වටා එක්වෙද්දී අනෝමා මේ විදියට අවුරුදු සැමරීම විමසුවේ ඒ හින්දා.
මම කිසිම සාම්ප්‍රදායක වහලියක් ‍නෙවෙයි. අවුරුද්දට සැරයක් ගමේ ගිහින් සැමියා එක්ක දූ දරුවො එක්ක අවුරුදු සමරන්න මට බෑ. ඒවා බොරු දේවල්. ඒ තමයි අනෝමා ජිනාදරි.

අනෝමා ජිනාදරී  නිරුවත පෙන්නලා සමාජයේ කතා බහට ලක්වන්නට උත්සාහ දරනවා කියා මා කියනවා?
වේදිකාවේ මම රඟපෑවේ හෙණ, හිට්ලර්, මාඝාත, මකරාක්ෂයා, ගාන්ධි, සිංහබාහු, ඉංග්‍රීසි නාට්‍යය ඇතුළු විශිෂ්ට නාට්‍යයවල.  ටෙලි නාට්‍යවලදී දුන්හිඳ අද්දර, දියකැට පහන, සින්තටික් සිහින වැනි නිර්මාණ. චන්ද කින්නරී, තනි තටුවෙන් පියාඹන්න, දැවෙන විහඟුන් වැනි උසස් සිනමා කෘති සඳහා මා දායක වුණා. ඒ විදියට ප්‍රතිරූපයක් ගොඩ නගාගත් මාව විග්‍රහ කරන්නේ මේ විදියටද?

ඔබේ ඒ රංගනයන් අපි හැමදාම අගයනවා. අවුරුදු සමරන්න කියා අඩ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරීම ගැනයි අප විමසන්නේ එසේ කළේ කවර අරමුණකින්ද?
ශෘංගාර රසය කියන්නේ නව රසයෙන් එකක්. ශෘංගාරය තුළ ලිංගිකත්වය හා නිරුවත තියෙනවා. නිළියක් විදියට මම මේ ඡායාරූප දැම්මේ ශෘංගාර රසය වෙනුවෙන්.

යම් යම් මානසික ආබාධ තියෙන අය තමන්ගේ නිරුවත ප්‍රසිද්ධියේ පෙන්වනවා. කෙනෙකු ඔබ දෙසත් එබඳු දෘෂ්ටි කෝණයකින් බලන්න ඉඩ තියෙනවා.
යම් යම් මානසික ආබාධ ඇති ‍ලේඛකයින් ස්වල්ප වශයෙන් මානසික ආබාධ ඇති කතුවරුන් විසින් පුවත්පත්වලට සේවයට බඳවා ගන්නවා. පරිකල්පනික ශක්‍යතාවයක් නොමැති එවැනි අය ‍ලේඛන කලාවේ තමාගේ නිරුවත පෙන්වනවා. මේ ප්‍රවණතාවය මාධ්‍ය කලාවේ ප්‍රගමනයට එතරම් හොඳ දෙයක් ‍නෙවෙයි.

ඔබ තරුණ දූවරු ඉන්න අම්මා කෙනෙක් මේ විදියේ ඡායාරූපවලට එල්ලවන අවමානය ඒ දියණියන්ටත් බලපානවා.
ඇත්ත වශයෙන්ම ඒ දියණියන්ට බලපෑවේ ඔවුන්ගේ පියාණන් විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් වෙනුවෙන් ඔවුන්ගේ අම්මගෙ රෙදි ගලවලා එම චිත්‍රපටය සිනමාවට එක්කරලා ඉන් නොනැවතී දස ලක්ෂ සංඛ්‍යාවක් ඩී.වී.ඩී. පටවලටද ඒ අම්මගෙ නිරුවත එක්කර ඒ අම්මට වෘත්තීය වේතනයක් නොගෙවා  බඩගෝස්තරවාදී ලෙස මුදල් හම්බකර ගැනීම. ඒ දියණියන් නිතරම ඒ අම්මට කියන්නේ අම්මා වෙනුවෙන් පෙනී හිටින්න එක පත්තරකාරයෙක් නැහැ නේද කියන එක.

ආරියවංශ කුලතිලක (ලක්බිම)

http://www.gossiplankanews.com/2017/04/anoma-janadari.html

Comments

Popular posts from this blog

රමිත් රඹුක්වැල්ල නටාලි සමග යුග දිවියට

රමිත් රඹුක්වැල්ල නටාලි සමග යුග දිවියට හිටපු ඇමති කෙහෙළිය පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල ඊයේ කොළඹ ගාලු මුවදොර හෝටලයේදී විවාහ ගිවිසුමට පිවිසියා. ඔහු අතගත්තේ ඇමරිකාවේ වාසය කරන ශ්‍රීලාංකික තරුණියකවූ නටාලි ෂෙනලි සමගයි. ඔවුනගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය චාම් අන්දමින් පැවති අතර විවාහය වෙනුවෙන් වෙනම උත්සවයක් ඉදිරියේදී ගන්නා බවද වාර්තා විය. http://www.gossiplankanews.com/2017/05/ramith-rambukwella-wedding.html

මේනකාව බඳින එක මගේ ජීවිතේ හොඳම තීරණයයි - රනිල් කුලසිංහ

රංගනයේදී කාවවත් විශේෂ නැති වුණාට ජීවිතයට නම් විශේෂ කෙනෙක් හොයාගෙනනේ ඉන්නේ? ඔව්. මම මගේ සහකාරිය කරගන්න කෙනාව තෝරා ගත්තා. මේනකාව තමයි මම තෝරා ගත්තේ. යාළුවෙක්ගේ මාර්ගයෙන් තමයි අපි දෙන්නා හඳුනා ගන්නේ. ඊට පස්සේ අපි යාළුවෝ වෙලා කාලයත් එක්ක ඒක ආදරයක් බවට පෙරළුණා. අපි දැන් බොහොම සතුටින් ඉන්නවා. මේ, ජීවිතයේ ගත්ත හොඳම තීරණය කියලා හිතනවද? ඔව්. මම මගේ ජීවිතයේ හොඳම තීරණය අරගෙන තියෙන්නේ. මම මගේ පෞද්ගලික ජීවිතේ තීරණ ගනිද්දී පවුලේ අයත් එකතු කරගන්නවා. මගේ තීරණවලට බලපෑම් කරන්න පුළුවන් මගේ මවුපියන්ට විතරයි. ඉතිං මම ගත්ත තීරණයට එයාලත් කැමති වුණා. රනිල්ගේ හිත මේනකා ළඟම නතර වෙන්න විශේෂ කාරණයකුත් තියෙන්න ඇතිනේ? එක එක කෙනාගේ හිතේ තමන් කැමති කෙනෙක්ගේ රූපයක්, විදිහක් ඇඳිලා තියෙනවානේ. මේනකාව දැක්ක ගමන් මට වෙනසක් දැනුණා. කතා කරන විදිහ, හැසිරෙන විදිහේ වෙනසක් තිබුණා. ඒ වගේම එයා යමක් කළොත් හරිම නීට්. ජීවිතයේදී හරිම සැලසුම් සහගතයි. ඉතිං ඒ වගේ කෙනෙක් ජීවිතයට එකතු කරගත්තොත් ඒක පහසුයි. ඒ වගේම එයා මගේ අම්මටත්, එයාගේ අම්මට වගේම ආදරෙයි. මේ හැමදේම ගොඩක් වටිනවා. මේනකා හොඳ පෙම්වතියක් වුණා වගේම හොඳ බිරියක් වෙයි කියලා හිතනවද? ...

ස්විස් විවාහෙ කඩාගෙනයි මං ගාලු ජනතා සේවෙට ආවෙ - තනතුරු අහිමිවීමෙන් පසු ගීතා කියයි

උසාවි තීන්දුව ප්‍රකාරව සිය මන්ත්‍රී ධූරය අහිමිවන බව දැනගැනීෙමන් පසු ගීතා කුමාරසිංහ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාෙව්දී මෙසේ කියා සිටියාය. 'මම උසාවියේ තීන්දුවට හිස නමනවා. අපේ රටේ සියලුම පුරවැසියන්ට තියන අයිතියක්.තමන්ට විරුද්ධව මෙවැනි දෙයක් වුණහම ඊට ඉහළින් තියන උසාවියකට යන එක. ඒ නිසා මම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් ගොනු කරන්න සියල්ල සූදානම් කර තියෙනවා. 65000 ක් මට ඡන්දෙ දීපු ජනතාවට වෙච්ච අසාධාරණයක් මේක. කලබල වෙන්න එපා ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව එනතුරු බලා ඉමු. අනිත් එක මං ජනතාවට කියනවා ස්විට්සර්ලන්තයේමට තිබිච්ච සියලු සම්පත් මං අතෑරල දාලා ඒ පුරවැසිභාවය අයින් කරගත්ත කෙනෙක් හැටියට මම කණගාටු වෙනවා. අද මෙවැනි තත්වයකට මාව ගෙනාවෙ පැරදිච්ච එක්කෙනෙක් මෙතැන්ට එන්න කරන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි. මේ මුකුත්ම නෑනෙ මම ආණ්ඩුවට එකතු වුණානම්. මගේ දේවල් සියල්ල නැති කරගනිමින් විවාහයේත් ප්‍රශ්න ඇති කරගනිමින්. මම ජනතාව වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. ඒක අදත් කරනවා මං හෙටත් කරනවා. මොනදේ නැති වුණත් මං තාම ගීතා කුමාරසිංහ.' http://www.gossiplankanews.com/2017/05/geetha-speaks.html