Skip to main content

කෝට්ටේ සහ දෙහිවල කුණුත් මීතොටමුල්ලට දාද්දි ගිලා බැසීමේ අවදානම වසරකට පෙර දැන්නුවාලු

මීතොටමුල්ල ඛේදවාචකය අහම්බයක් නොවන බවත් මෙවැනි විනාශයක් සිදුවීමේ අවදානම තම ආයතනය
මෙයට වසරකටත් කලින්

පෙන්වා දුන් බවත් කුමන මොහොතක හෝ මෙවැනිම විපතකට මුහුණ දීමේ අවදානමට ලක්වූ තවත් නිවාස 130ක් තම ආයතනය විසින් හඳුනාගෙන ඇති බවත්, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් පර්යේෂණ හා අවදානම් කළමනාකරණ ආයතනයේ අධ්‍යක්ෂ ආර්. එම්. එස්. බණ්ඩාර මහතා පැවැසීය.
කොළඹ මහ නගර සභා ප්‍රදේශයේ කුණු පමණක් නොව කෝට්ටේ මහ නගර සභා බල ප්‍රදේශයේත් දෙහිවල - ගල්කිස්ස මහ නගර සභා බල ප්‍රදේශවලත් කුණු දිනකට මෙට්රික් ටොන් 1,100ත් 1,500ත් අතර ප්‍රමණයක් මීතොටමුල්ලට ගෙනැවිත් ගොඩගැසීම කර්මාන්තයක් ආකාරයට සංවිධානාත්මකව සිදු කිරීමට බලධාරින් ක්‍රියාකිරීම මෙම මහා විපත්තියට හේතු සාධක වූ බවද ඔහු ප්‍රකාශ කර සිටියේය.

සියල්ල සිදුවී හමාර යැයි සිතතොත් එය මහත්ම මුළාවක් බවද මෙය එක් සිදුවීමක් පමණක් යැයි සිතා කටයුතු කළහොත් ඊළඟට සිදුවිය හැකි විපත් වළක්වා ගත නොහැකිවනු ඇතැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.

(කමල් මහේන්ද්‍ර වීරරත්න)

http://www.gossiplankanews.com/2017/04/dehiwala-garbage-meethotamulla.html

Comments

Popular posts from this blog

ස්විස් විවාහෙ කඩාගෙනයි මං ගාලු ජනතා සේවෙට ආවෙ - තනතුරු අහිමිවීමෙන් පසු ගීතා කියයි

උසාවි තීන්දුව ප්‍රකාරව සිය මන්ත්‍රී ධූරය අහිමිවන බව දැනගැනීෙමන් පසු ගීතා කුමාරසිංහ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාෙව්දී මෙසේ කියා සිටියාය. 'මම උසාවියේ තීන්දුවට හිස නමනවා. අපේ රටේ සියලුම පුරවැසියන්ට තියන අයිතියක්.තමන්ට විරුද්ධව මෙවැනි දෙයක් වුණහම ඊට ඉහළින් තියන උසාවියකට යන එක. ඒ නිසා මම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් ගොනු කරන්න සියල්ල සූදානම් කර තියෙනවා. 65000 ක් මට ඡන්දෙ දීපු ජනතාවට වෙච්ච අසාධාරණයක් මේක. කලබල වෙන්න එපා ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව එනතුරු බලා ඉමු. අනිත් එක මං ජනතාවට කියනවා ස්විට්සර්ලන්තයේමට තිබිච්ච සියලු සම්පත් මං අතෑරල දාලා ඒ පුරවැසිභාවය අයින් කරගත්ත කෙනෙක් හැටියට මම කණගාටු වෙනවා. අද මෙවැනි තත්වයකට මාව ගෙනාවෙ පැරදිච්ච එක්කෙනෙක් මෙතැන්ට එන්න කරන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි. මේ මුකුත්ම නෑනෙ මම ආණ්ඩුවට එකතු වුණානම්. මගේ දේවල් සියල්ල නැති කරගනිමින් විවාහයේත් ප්‍රශ්න ඇති කරගනිමින්. මම ජනතාව වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. ඒක අදත් කරනවා මං හෙටත් කරනවා. මොනදේ නැති වුණත් මං තාම ගීතා කුමාරසිංහ.' http://www.gossiplankanews.com/2017/05/geetha-speaks.html

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html