Skip to main content

පුතාගේ හදිසි මරණය දරාගන්නට බැරිව මතක වස්ත්‍ර පූජාව අතරදී මව මිය යයි


පුතාගේ හදිසි මරණය දරාගන්නට බැරිව
මතක වස්ත්‍ර පූජාව අතරදී මව මිය යයි
සිද්ධිය නිසා තව දරු තිදෙනෙක් රෝහලේ

තම පුත්‍රයාගේ වියෝව දරා ගැනීමට නොහැකි වී ඔහුගේ දේහයේ අවසන් කටයුතු සිදුකිරීමට මතක වස්ත්‍ර පූජා කරමින් සිටියදී හදවත නතරවීමෙන් සය දරු මවක් මියයෑමේ කනගාටුදායක පුවතක් අනුරාධපුර සාලියපුර මාන්කඩවල ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.
අනුරාධපුර මාන්ඩකවල පදිංචි ප්‍රියංකර ප්‍රියදර්ශන නමැති 33 හැවිරිදි පුතු මියගොස් තිබුනේ හෘදයාබාධයක් නිසාය . ඔහුගේ මරණය නිසා හදිසි කම්පනයට ලක්වූ ඔහුගේ මව වූ හේවාගමගේ දයා මාලනී (60) පුත්‍රයාගේ හදිසි වියෝව දරාගැනීමට නොහැකිව ආරංචිය ලැබුණ දා
සිට අධික පීඩාවකින් පසුවූ අතර මතක වස්ත්‍ර පූජාව අතරදී ඇය සිහිසුන්ව ඇදවැටී ජීවිතයෙන් සමුගෙන තිබේ.ඇයට හෘදයාබාධයක් ඇතිවී මියගිය බවට සැක කෙරේ.

මියගිය පුත්‍රයා ඇගේ දරුවන් සයදෙනා අතරින් පස් වෙනියාය.

මියගිය පුතා පෞද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක නිරත වූ විවාහක එක්දරු පියකු විය.
පුතාගේ හදිසි වියෝව කණවැකුනු පසු පුත්‍රයාගේ දේහය අසලට වී මගේ පුතේ මම දැන් ජීවත්වෙලා වැඩක් නෑ. මමත් පුතත් එක්කම යන්න එනවා යනුවෙන් පවසමින් ඇය හඬා වැටෙමින් සිටි බව පවුලේ ඥාතීහු පැවැසූහ. මියගිය දරුවාගේ අවසන් කටයුතු සිදුකිරීමට පෙර නිවෙසට වැඩම කළ මහා සංඝරත්නය මතක වස්ත්‍ර පූජාව සිදුකරද්දී පවුලේ ඥාතීන් සමඟ මතක වස්ත්‍ර පූජාවට එක්ව සිටි තරුණයාගේ මව එම ස්ථානයේ සිහිසුන්ව ඇද වැටී තිබේ.
රැස්ව සිටි පිරිස තරුණයාගේ මවට වියෝව දරා ගැනීමට නොහැකි වී සිහිසුන් වන්නට ඇතැයි සිතා ඇය එම ස්ථානයෙන් ඉවතට ගෙන මුහුණට ජලය ඉසිමින් ප්‍රකෘති තත්ත්වයට ගැනීමට උත්සාහ කළත් ඇය ප්‍රකෘති තත්ත්වයට පත්නොවීම නිසා තරුණයාගේ අවසන් කටයුතුවලට සහභාගිව සිටි වෛද්‍යවරයකු ඇයගේ නාඩි පරීක්‍ෂා කර තිබේ. ඇයගේ නාඩි පරීක්‍ෂාවේදී එහි ක්‍රියාකාරිත්වය නතර වී ඇති බව වටහාගත් වෛද්‍යවරයා වහාම ඇයව ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහලට රැගෙන යන ලෙස අවසන් කටයුතු සඳහා රැස්ව සිටි පිරිසට දන්වා තිබේ. වහාම ක්‍රියාත්මක වූ පවුලේ ඥාතීන් ඇයව අනුරාධපුර ශික්‍ෂණ රෝහලට රැගෙන ගොස් ඇතත් ඇයව පරීක්‍ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඇය මියගොස් සිටින බවයි.

ඉන්පසුව සිය සහෝදරයාගේ වියෝව දරා ගැනීමට නොහැකිව මවට සිදුවූ ශෝචනීය මරණය පිළිබඳව සිතා ගැනීමට නොහැකි වූ අනෙක් පුතුන් දෙදෙනා හා දියණියක ද දැඩි මානසික කම්පනයට ලක් වී ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. සයදරු මව කුමන හේතුවකින් මිය ගියේද යන්න නිශ්චිතව අනාවරණය කර ගැනීම සඳහා ඊයේ (20දා) අනුරාධපුර ශික්‍ෂණ රෝහල් මෘත ශරීරාගාරයේදී පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීමට නියමිතව තිබිණි.

තොරතුරු - අනුරාධපුර - මහේෂ් විජේසූරිය



http://www.gossiplankanews.com/2017/04/mother-son-deths.html

Comments

Popular posts from this blog

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html

රුපියල ශක්තිමත් වෙයි

අපනයනකරුවන් විසින් ඩොලර් විනිමය විකිණීමත්, ස්වෛරීත්ව බැඳුම්කර සහ සම්මිලිත ණය මුදල් ලැබීමේ අපේක්ෂාවෙන් රුපියල ශක්තිමත්වීමත් දැන් දක්නට ලැබෙනවා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ දිනයේ... Read More http://www.hirunews.lk/sinhala/business/160740