Skip to main content

කරදියානේ පරිසරයට හානි වන නිසා ගාමිණි ලොකුගේ ඇතුළු පිරිස කුණු ලොරි හරවා යවති


කරදියානේ පරිසරයට හානි වන නිසා
ගාමිණි ලොකුගේ ඇතුළු පිරිස කුණු ලොරි හරවා යවති


මීතොටමුල්ලේ කුණු කන්ද පිළිබඳ ඇතිවූ ප්‍රශ්නය හමුවේ මේ වනවිට කොළඹ කුණු දමන්නට තැනක් නැතිව ආණ්ඩඅවු අසරණ තත්වයකට පත්ව ඇත.
කොළඹ එකතු වන කුණු කසල වලින් ටොන් 350ක් පමණක් පිලියන්දල, කරදියාන කසළ අංගනයට බැහැර කිරීමට
අධිකරණයෙන් ලද අවසරය මත ඊයේ එම කසල ලොරි අදාළ ස්ථානයට ගෙන ගියත් එයින් කොටසක් පමණක් බා අවසන් වූ පසු ඉතිරි කොටස බාන්නට ඉඩ නොදෙමින් දේශපාලනඥ ගාමිණී ලොකුගේ ඇතුළු පිරිස් උද්ඝෝෂණයක නිරතවූ අතර ඒ නිසා නැවත එම ලොරි ආපසු හරවා යවා තිබේ.
මීතොටමුල්ල

සිදුවූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මීතොටමුල්ලට කුණු කසල බැහැර කිරිම නතර කළ අතර පෙරේදා (18) කරදියානට කසළ අංගනයට බැහැර කිරිමට කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබා දීම හේතුවෙන් ඊයේ (19) කරදියානට කසළ එක්රැස් කිරිම ආරම්භ කළත් වේරහැර ගංගාරාම විහාරස්ථානයේ සිට කරදියාන කුණු කසළ අංගනය දක්වා මහජනයා දහස් ගණනින් එක් වූ පෙළපාළියක් ගමන් ගෙන දැක්වූ විරෝධතාව හේතුවෙන් කසළ බැහැර කිරිම තාවකාලිකව නතර කිරිමට සිදු විය.

මේ උද්ඝෝෂණය සඳහා ප්‍රදේශවාසින් සමග කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණි ලොකුගේ ,පළාත් සභා මන්ත්‍රි ලක්ෂ්මන් නිපුණආරච්චි,හිටපු බොරලැස්ගමුව නගරාධිපති අරුණ ප්‍රියශාන්ත ඇතුලු දේශපාලන ක්ෂේත්‍රෙය් පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් විශාල ප්‍රමාණයක් මෙන්ම පරිසර සවිධානද එක්ව සිටියහ.
මේ අවස්ථාවේ සාමය ආරක්ෂා කිරිම උදෙසා බොරලැස්ගමුව සහ පිළියන්දල පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ද පැමිණ තිබිණි.

‘අපට හුස්ම ගැනීමේ අයිතිය ලබාදෙන්න‘, කරදියාන තවත් මීතොටමුල්ලක් කරන්න එපා‘ ආදී පුවරු රැසක් ඔවුන් අත තිබිණි.උද්ගතව තිබෙන හදිසි තත්වය මත මේ ආකාරයට කසල බැහැර කිරීම සිදු කළත් එය කරදියානේ පරිසරයට හානියක් නිසා උදව්වක් ලෙසවත් කුණු දාන්න දෙන්න බැහැ යන්න ඔවුනගේ මතය විය.
අධිකරණ නියෝගය ප්‍රකාරව මෙට්‍රික් ටොන් 222 ක පමණ කුණු එහි බැහැර කරන්නට ඉඩ ලැබුණත් ඇති වූ නොසන්සුන් කාරි තත්ත්වය හේතවෙන් ඉතිරි කුණු කසළ මේ ස්ථානයට බැහැර කිරිම තාවකාලිකව නතර කර ඇති බව කරදියාන කසළ අංගනයේ ව්‍යාපෘති කළමණාකරු ධනුක විජේරත්න මහතා දන්වා සිටියේය.

http://www.gossiplankanews.com/2017/04/karadiana-protest.html

Comments

Popular posts from this blog

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html

රුපියල ශක්තිමත් වෙයි

අපනයනකරුවන් විසින් ඩොලර් විනිමය විකිණීමත්, ස්වෛරීත්ව බැඳුම්කර සහ සම්මිලිත ණය මුදල් ලැබීමේ අපේක්ෂාවෙන් රුපියල ශක්තිමත්වීමත් දැන් දක්නට ලැබෙනවා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ දිනයේ... Read More http://www.hirunews.lk/sinhala/business/160740