Skip to main content

‘ජේසුට ඇණ ගැහුවෙ අර ලොකු තොප්පිය දාගත්තු කෙනා‘ පිටිදූවේ හිමිගෙන් පාප් වහන්සේට විවේචන


‘ජේසුට ඇණ ගැහුවෙ අර ලොකු තොප්පිය දාගත්තු කෙනා‘
පිටිදූවේ හිමිගෙන් පාප් වහන්සේට විවේචන

කලින් කලට තමන්ගේ ප්‍රසිද්ධිය තකා අසම්මත වැඩ කරන පිටිදූවේ හිමි මේ දිනවල මියුසික් වීඩියෝවක වෙළෙඳ ප්‍රචාරණය පිණිස රැස් විහිදුවන ජවනිකාවක පෙනීසිටින අතර එහිමියන් ගැන කතාබහ පැතිරෙන අතරවාරයේ මීට වසරකට පමණ පෙර පාප් වහන්සේ දැඩි ලෙස විවේචනය කරමින්
පිටිදූවේ හිමියන් පැවසූ දෙයක්ද විවේචනයට ලක්වෙමින් පැතිර ගොස් තිබේ.
මෙම විවේචන වළක්වාලනු පිණිස පිටිදූවේ හිමියන්ගේ සිරි සදහම් ආශ්‍රමය ෆේස් බුක් වෙත පැමිණිලි කර එම කතාව ඇතුළත් වීඩියෝව ඉවත් කරගෙන ඇති බවද වාර්තාවේ. කතෝලික විභාවනය සංවිධානයේ සභාපති - චිරන්ත අමරසිංහ

මහතා මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති නිවේදනයක්ද නිකුත් කර තිබේ.
එහි මෙසේ දැක්වේ.

‘පසුගිය දින කීපයෙදී දැඩි කතාබහට ලක්වු සමන්තබද්‍ර යැයි කියාගත් සවාමින් වහන්සේ කෙනෙකු ලිංගික කුතුහලය ඇතිකරනා දර්ශනය ඇතුලත් ගීත වීඩියෝවක රැස් විහිදමින් සිටීමත් සමග ඔහුට සමාජයේ දැඩි විරෝධයක් එල්ලවුනී. ඒ අතරතුර මෙම පුද්ගලයා විසින් 2016.05.11 දින කතෝලික දහමට හා ශුද්ධවූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අපහස කරනා බණ දේශනාවක වීඩියෝ පටයක් සමාජ ජාල තුල ඉස්මතු විය.
මෙම වීඩියෝව අප සංවිධානය යටතේ ඇති කතෝලික ෆේස්බුක් පිටුවක් හරහා පැතිරයාමත් සමග කලබල වූ සමන්තබද්‍රගෙ ආශ්‍රමය, එම විඩියෝව තමන්ගේ බුද්ධිමය දේපළ ලෙස වාර්තා කොට වීඩියෝව ඉවත් කිරීමට පියවර ගෙන ඇත. සියල්ල අත හැර තමාව වන්දනා කිරීමට ගාථාවකුත් ඇති රහතන් වහන්සේ කෙනෙකු හැසිරෙන ආකාරය මෙයද?
එහිදී, සමන්තබද්‍ර සදහන් කරනුයේ, පියතුමන්ලා යනු පචකරුවන් බවත්, වතිකානුවේ සිටින ලොකු තොප්පිය දාගත් පුද්ගලයා එකල ජේසුස් වහන්සේ ඇණ ගැසු නායක පූජකයන්ගේ පාරම්පාරාවෙන් පැමිණෙන කෙනෙක් බවත්, එම නිසා ඔහු ඇතුලු පියතුමන්ලා අද බලා සිටින්නේ ජේසුස් වහන්සෙ නැවත පැමිණි විට උන්වහන්සේට ඇණ ගැසීමට කියාය. තවද පියතුමන්ලා ජනතාවට දේශනා කරනා කතෝලික දහම තුළ ගැලවීමක් නොලැබෙන බවට රහතන් වුවත් පිලියන්දල දී පහරකෑම වලකාලීමට නොහැකිවූ ඔහු ප්‍රකාශ කරතී.


කතෝලික සංවිධානයක් ලෙස සමන්තබද්‍ර විසින් ප්‍රකාශ කෙරෙනු කරුණු සම්පුර්ණයෙන් අසත්‍යබව ප්‍රකාශ කරන අතර, අප ඔහුගේ එම ප්‍රකාශය අපි දැඩි ලෙස හෙලා දකිමු. ජේසුස් වහන්සේව එකල ඇණ ගසා මරාදැමු පරිසිවරුන් නැමැති පූජකයන් හා පාප් වහන්සේ හෝ දැන් සිටිනා පුජකවරය අතර කිසිදු සබඳතාවක් නොමැති අපි බව අවධාරණය කරමු. මන්ද, එකල ජේසුස් වහන්සෙගේ ගෝලයන්ගෙන් ආරම්භ වූ පූජකවරයට එකල පරිසිවරුන් ඉවත් කිරීමට හැකි වුණි, ඒ රෝමානු අධිරාජ්‍යවාදීන් කිතු දහම වැළඳ ගැනීමත් සමගය. 


සරලව තේරුම් ගන්න, කිතු දහම යනු සමන්තබද්‍ර නම් පුද්ගලයා කියනා එම කාරණාවන්ට එරෙහිව ගොඩනැගුණු එකකී. අද ඇති පූජකවරය නායකයා සේවකයා යන ප්‍රතිපත්තිය තුල පූජකයන් ඇණ ගැසීමට ලක්වෙමින්, පහරදීමට ලක්වෙමින්, පූජකයන්ගෙන් ජීවිත පරිත්‍යාගයෙන් පවතින එකක් මිස, එදා මෙන් අනුන් කුරුසයේ ඇණ ගසමින් පවතින එකක් නොවන බව ඔහු දැනගත යුතුය. තවද පූජකයන් තුලින් සිදුවිය හැකි වැරැදි වැලැක්වීමට හා සමන්තබද්‍රගේ මානසිකත්වයෙන් යුත් කතෝලික පූජකයන් බිහිවීම වලකාලීමට නීති මාලාවක්ද කතෝලික සභාව තුල ක්‍රියාත්මකව පවතී.

සමන්තබද්‍ර, අනුගමනය කරන්නෙ බෞද්ධ දර්ශනය නොවන බව අපට පැහැදිලි වන අතර, තවද ඔහු විසින් බෞද්ධ ජනතාව ආගමික අන්තවාදය කරා නොමග යවන බව ඉතා පැහැදිලිය, මන්ද අන් ආගම්වලට හෝ පුද්ගලයන්ට පහර ගැසීමට හෝ ගැරහීමට බුදුරජාණන් පවසා නැත. සමන්තබද්‍ර යනු ශ්‍රී ලංකාවේ කතෝලික බෞද්ධ මිතුරුකම විනාශ කිරීමට උත්සාහ කරන්නෙකු අතර, ඔහු එය කරන්නෙ අන් කිසිවක් සදහා නොව, අප්‍රසාදය තුල ප්‍රසිද්ධියට පත්වෙමින් අක්කර 58ක සාදන පන්සල සදහා අන්තවාදී දායකයින් සොයා ගැනීමට ය. ජලභීතිකා රෝගය සෑදුණු සුනඛයකු නිදැල්ලේ තිබීමෙන් සිදුවන්නේ කුමක්ද? ගතයුතු පියවර කුමක්ද? මෙවැනි පුද්ගලයන් සම්බන්ධව ගරු මහානායක මාහිමිපාණන්ලා පියවරක් නොගන්නේ මන්ද? මෙවැනි පුද්ගලයන්ගෙන් නිග්‍රහය කතෝලික අපි ඇතුළු සමස්ත ජනතාව ගරු කරනා උතුම් වූ බුදු දහමට හා රටේ පුරවැසියන් වූ අපි සියලු දෙනාටමය.‘




http://www.gossiplankanews.com/2017/04/samantha-badra-pope-critisize.html

Comments

Popular posts from this blog

රමිත් රඹුක්වැල්ල නටාලි සමග යුග දිවියට

රමිත් රඹුක්වැල්ල නටාලි සමග යුග දිවියට හිටපු ඇමති කෙහෙළිය පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල ඊයේ කොළඹ ගාලු මුවදොර හෝටලයේදී විවාහ ගිවිසුමට පිවිසියා. ඔහු අතගත්තේ ඇමරිකාවේ වාසය කරන ශ්‍රීලාංකික තරුණියකවූ නටාලි ෂෙනලි සමගයි. ඔවුනගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය චාම් අන්දමින් පැවති අතර විවාහය වෙනුවෙන් වෙනම උත්සවයක් ඉදිරියේදී ගන්නා බවද වාර්තා විය. http://www.gossiplankanews.com/2017/05/ramith-rambukwella-wedding.html

මේනකාව බඳින එක මගේ ජීවිතේ හොඳම තීරණයයි - රනිල් කුලසිංහ

රංගනයේදී කාවවත් විශේෂ නැති වුණාට ජීවිතයට නම් විශේෂ කෙනෙක් හොයාගෙනනේ ඉන්නේ? ඔව්. මම මගේ සහකාරිය කරගන්න කෙනාව තෝරා ගත්තා. මේනකාව තමයි මම තෝරා ගත්තේ. යාළුවෙක්ගේ මාර්ගයෙන් තමයි අපි දෙන්නා හඳුනා ගන්නේ. ඊට පස්සේ අපි යාළුවෝ වෙලා කාලයත් එක්ක ඒක ආදරයක් බවට පෙරළුණා. අපි දැන් බොහොම සතුටින් ඉන්නවා. මේ, ජීවිතයේ ගත්ත හොඳම තීරණය කියලා හිතනවද? ඔව්. මම මගේ ජීවිතයේ හොඳම තීරණය අරගෙන තියෙන්නේ. මම මගේ පෞද්ගලික ජීවිතේ තීරණ ගනිද්දී පවුලේ අයත් එකතු කරගන්නවා. මගේ තීරණවලට බලපෑම් කරන්න පුළුවන් මගේ මවුපියන්ට විතරයි. ඉතිං මම ගත්ත තීරණයට එයාලත් කැමති වුණා. රනිල්ගේ හිත මේනකා ළඟම නතර වෙන්න විශේෂ කාරණයකුත් තියෙන්න ඇතිනේ? එක එක කෙනාගේ හිතේ තමන් කැමති කෙනෙක්ගේ රූපයක්, විදිහක් ඇඳිලා තියෙනවානේ. මේනකාව දැක්ක ගමන් මට වෙනසක් දැනුණා. කතා කරන විදිහ, හැසිරෙන විදිහේ වෙනසක් තිබුණා. ඒ වගේම එයා යමක් කළොත් හරිම නීට්. ජීවිතයේදී හරිම සැලසුම් සහගතයි. ඉතිං ඒ වගේ කෙනෙක් ජීවිතයට එකතු කරගත්තොත් ඒක පහසුයි. ඒ වගේම එයා මගේ අම්මටත්, එයාගේ අම්මට වගේම ආදරෙයි. මේ හැමදේම ගොඩක් වටිනවා. මේනකා හොඳ පෙම්වතියක් වුණා වගේම හොඳ බිරියක් වෙයි කියලා හිතනවද? ...

ස්විස් විවාහෙ කඩාගෙනයි මං ගාලු ජනතා සේවෙට ආවෙ - තනතුරු අහිමිවීමෙන් පසු ගීතා කියයි

උසාවි තීන්දුව ප්‍රකාරව සිය මන්ත්‍රී ධූරය අහිමිවන බව දැනගැනීෙමන් පසු ගීතා කුමාරසිංහ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාෙව්දී මෙසේ කියා සිටියාය. 'මම උසාවියේ තීන්දුවට හිස නමනවා. අපේ රටේ සියලුම පුරවැසියන්ට තියන අයිතියක්.තමන්ට විරුද්ධව මෙවැනි දෙයක් වුණහම ඊට ඉහළින් තියන උසාවියකට යන එක. ඒ නිසා මම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් ගොනු කරන්න සියල්ල සූදානම් කර තියෙනවා. 65000 ක් මට ඡන්දෙ දීපු ජනතාවට වෙච්ච අසාධාරණයක් මේක. කලබල වෙන්න එපා ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව එනතුරු බලා ඉමු. අනිත් එක මං ජනතාවට කියනවා ස්විට්සර්ලන්තයේමට තිබිච්ච සියලු සම්පත් මං අතෑරල දාලා ඒ පුරවැසිභාවය අයින් කරගත්ත කෙනෙක් හැටියට මම කණගාටු වෙනවා. අද මෙවැනි තත්වයකට මාව ගෙනාවෙ පැරදිච්ච එක්කෙනෙක් මෙතැන්ට එන්න කරන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි. මේ මුකුත්ම නෑනෙ මම ආණ්ඩුවට එකතු වුණානම්. මගේ දේවල් සියල්ල නැති කරගනිමින් විවාහයේත් ප්‍රශ්න ඇති කරගනිමින්. මම ජනතාව වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. ඒක අදත් කරනවා මං හෙටත් කරනවා. මොනදේ නැති වුණත් මං තාම ගීතා කුමාරසිංහ.' http://www.gossiplankanews.com/2017/05/geetha-speaks.html