Skip to main content

මම උපවාස කළේ ඇප ගන්න නෙමේ -විමල් වීරවංශ


මම උපවාස කළේ ඇප ගන්න නෙමේ 
-විමල් වීරවංශ

පසුගිය දිනවල රක්ෂිත බන්ධනාගාරව සිටියදී උපවාසයක් කර රටේ අවධානය දිනාගනිමින් පුවත් මැවූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇප මත නිදහස ලැබීමෙන් පසු මෙවර සතිඅන්ත පුවත්පතක් අමතා සම්මුඛ සාකච්ඡාවක් ලබාදී පවසා ඇත්තේ තමා එලෙස නිරාහාරව සිටියේ ඇප ලබාගැනීමේ අදහසින් නොවන බවයි.
ඔහු ඒ ගැන මෙසේ කියා සිටී.
‘උපවාස කළාම ඇප ලැබෙයි කියලා මම හිතුවෙ නැහැ.
ඇප ලබාගැනීම
පිණිස උපවාස කළෙත් නැහැ.එහෙමනම් මගේ නීතීඥයින් ඇප ඉල්ලීම නතර කරනවනේ. නීතීඥයින් එකක් ප්‍රතික්සේප වෙනකොට තව එකක් දානවා.

උපවාස කළේ මේ දේශපාලන දඩයම පිළිබඳව ප්‍රබල මහජන මතයක් අවදි කරන්න. ඒ මහජන මතය විසින් ආණ්ඩුව ගෙනයන මේ දඩයමට එරෙහිව වුවද දේශපාලන බැරියර් එකක් නිර්මාණය කරන්න. මම හිතනවා හිරගෙදර ඉන්න කෙනෙකුට විරේධය පාන්න ක්‍රම ගොඩක් නැහැ. හිරගතවුණාම විරේධය පාන්න තියෙන්නෙ එක ක්‍රමයයි.

 නිරාහාරව සිටීමෙන් පෙන්වන විරෝධය පමණයි. ඒක මම කළා. ඒක කළේ මේ ආණ්ඩුවේ පරගැති න්‍යාය පත්‍රයට එරෙහි දේශපාලන බලවේග දඩයම් කරන්න දිගින් දිගටම දරන පිළිවෙතට එරෙහිව මහජන මතය අවධි කරන්න.





http://www.gossiplankanews.com/2017/04/wimal-speaks-about-his-protest.html

Comments

Popular posts from this blog

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html

රුපියල ශක්තිමත් වෙයි

අපනයනකරුවන් විසින් ඩොලර් විනිමය විකිණීමත්, ස්වෛරීත්ව බැඳුම්කර සහ සම්මිලිත ණය මුදල් ලැබීමේ අපේක්ෂාවෙන් රුපියල ශක්තිමත්වීමත් දැන් දක්නට ලැබෙනවා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ දිනයේ... Read More http://www.hirunews.lk/sinhala/business/160740