Skip to main content

මිනුවන්ගොඩ නිවසකින් ආයුධ ගබඩාවක් හමුවෙයි


මිනුවන්ගොඩ කලහුගොඩ ප‍්‍රදේශයේ නිවසක රහසිගත ලෙස සගවා තිබූ අවි ආයුධ ගබඩාවක් හමුවී ඇත.ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් ඒවාට යොදන ජීව උණ්ඩ 263 ක්, රයිෆල් උණ්ඩ 25 ක් ද  අත්බෝම්බයක්, ටී 56
වර්ගයේ ප්ලාස්ටික් මැගසිනයක් සහ යකඩ මැගසිනයක් ද මෙහි තිබී ඇත.
ගිනි අවි වල අංක මකා දමා තිබුණ අතර අවි ආයුධ සමග නිවසේ රැඳි සිටි සැකකරුවෙකු ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
ප‍්‍රශ්න කිරීම් වලදී සැකකරු පවසා ඇත්තේ තම සහෝදරියගේ යුද හමුදා සෙබළ පෙම්වතා පසුගිය යුද සමයේ මේවා නිවසට ගෙනවිත් නිවසේ වළ දැමූ බවයි.සැකකාර හමුදා සෙබළාගේ සොයුරා පාතාල සාමාජිකයෙකු වන බවත් කටුනායක ආඩි අම්බලම ප‍්‍රදේශයේ පාතාල ගැටුමකදී වෙඩි තබා ඝාතනයවූ සුරංග තුෂාර නොහොත් ලොකු අයියා බවත් හෙළි විය.
ඒ අනුව මෙම අවිද පාතාල වැඩ සඳහා බාවිත කරන්නට සූදානම් කරගත් ඒවා බවට සැකයක් මතුව තිබේ.
සැඟවූ  ටී 56 වර්ගයේ අවි දෙක පිටතට ගෙන භාවිතයට ගැනීමට හැකිවන පරිදි වරින්වර තෙල් ගන්වා පිරිසිදු කළ බවද අත්අඩංගුවට ගත් සැකකරු පොලීසියට පවසා තිබෙනවා.
සැකකරු මිනුවන්ගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කරන්නට නියමිතය.

http://www.gossiplankanews.com/2017/04/minuwangoda-gun-found.html

Comments

Popular posts from this blog

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html

රුපියල ශක්තිමත් වෙයි

අපනයනකරුවන් විසින් ඩොලර් විනිමය විකිණීමත්, ස්වෛරීත්ව බැඳුම්කර සහ සම්මිලිත ණය මුදල් ලැබීමේ අපේක්ෂාවෙන් රුපියල ශක්තිමත්වීමත් දැන් දක්නට ලැබෙනවා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ දිනයේ... Read More http://www.hirunews.lk/sinhala/business/160740