Skip to main content

මීතොටමුල්ල නාය යෑමට හේතුව ඇල මාර්ග බෑවුමේ පස් බුරුල්වීමක් -මහාචාර්ය කපිල දහනායක



මීතොටමුල්ල නායයාමට ලක්වූ ප්‍රදේශය හරහා කුණු කන්ද සමීපයෙන් ගලාගිය ඇළ මාර්ගයෙහි බෑවුමේ සිදු වූ බුරුල් වීමක් හෝ කැඩී යාමක් හේතුවෙන් ඇතැම්විට කුණු කන්ද කඩාවැටීමකට ලක්වූයේ යැයි විශ්වාස කළ හැකි බවට භූ විද්‍යාඥ, සම්මානිත මහාචාර්ය කපිල දහනායක මහතා සඳහන් කර තිබේ.

 ඒ අනුව විශාල වශයෙන් පහතට කඩාවැටීමට ලක් වූ පස පහළ ප්‍රදේශයේ ගොඩනැගිලිවල වැදීමෙන් නැවතී ඇති බව ඔහු දන්වා ඇත.
නිවැරදි හා විධිමත් තාක්ෂණයක් යටතේ අදාළ ප්‍රදේශයේ නිවාසවල අඩිතාලම් යොදා නොමැති නිසා වඩා පහසුවෙන් නිවාස ගැලවී පහතට කඩාවැටී ඇති බව හඳුනාගත්
බව ඔහු දක්වයි.
මහාචාර්යවරයා මීතොටමුල්ල නාය යාමට ලක්වූ ප්‍රදේශයේ මූලික අදියරේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මේ බව මාධ්‍ය වෙත දන්වන ලදි. නායයාමට හේතූන් නිශ්චිතව තවමත් පැවසිය නොහැකි බවත් මේ දක්වා සිදුකළ නිරීක්ෂණ මගින් කුණු කන්ද සමීපයෙන් ගලාගිය ඇළ මාර්ගයෙහි බෑවුමේ සිදු වූ බුරුල් වීමක් හෝ කැඩී යාමක් මගින් සිදුවන්නට ඉඩ තිබෙන බව සඳහන් කර ඇත.

මේ පිළිබඳ මහාචාර්ය කපිල දහනායක මහතා මෙසේ කියා ඇත.

''නායයාමක් සිදු වෙන්න පුළුවන් ගස් නිසා, ගල් සහ පස් නිසා, පාෂාණ නිසා, පිහිටි පාෂාණ නිසා. මෙතන කුණු කන්දක් නාය ගිහින් තියෙන්නේ. උඩ ඉඳලා පල්ලෙහාට ගලාගෙන ගියාම අපි ඒකට නායයාමක් කියනවා. විවිධ අන්දමින් නායයාම් සිදුවෙන්න පුළුවන්. කුණු ගොඩේ බර නිසා අනිත් කොන්දේසිත් සපුරන්න වුණාම මේ පැත්තෙන් ගලාගෙන ගියා.

නැත්නම් ඇයි අනිත් පැතිවලින් නාය ගියේ නැත්තේ. මෙතන සමහරවිට ගම මැදින් ගලාගිය ඇළ කැඩිලා යන්න ඇති. මොකද පිහිටි ගලේ හදපු ගෙවල් වගේ මට පේන්නේ නැහැ ඒවා. ඉතිං ඒවා තල්ලු වෙලා ගිහින් තියෙනවා. එතකොට ඒවත් එක්ක ඉදිරියට තිබුණ ඒවත් රූට්ටලා ගිහින් තමයි මේ විනාශය සිද්ධ වෙලා තියෙන්නේ.

මම භූ විද්‍යාඥයෙක් ලෙසත් නායයාම් පිළිබඳ හදාරන කෙනෙක් ලෙසත් වසර 40ක අත්දැකීම් තියෙනවා. මට අවශ්‍ය වුණේ කුණු කන්ද නාය ගියේ කොහොමද යන්න හැදෑරීම සහ ජනතාව ඒ පිළිබඳ දැනුවත් කරන්න''

http://www.gossiplankanews.com/2017/04/kapila-dahanayake-speaks-about-meethotamulla.html

Comments

Popular posts from this blog

ස්විස් විවාහෙ කඩාගෙනයි මං ගාලු ජනතා සේවෙට ආවෙ - තනතුරු අහිමිවීමෙන් පසු ගීතා කියයි

උසාවි තීන්දුව ප්‍රකාරව සිය මන්ත්‍රී ධූරය අහිමිවන බව දැනගැනීෙමන් පසු ගීතා කුමාරසිංහ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාෙව්දී මෙසේ කියා සිටියාය. 'මම උසාවියේ තීන්දුවට හිස නමනවා. අපේ රටේ සියලුම පුරවැසියන්ට තියන අයිතියක්.තමන්ට විරුද්ධව මෙවැනි දෙයක් වුණහම ඊට ඉහළින් තියන උසාවියකට යන එක. ඒ නිසා මම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් ගොනු කරන්න සියල්ල සූදානම් කර තියෙනවා. 65000 ක් මට ඡන්දෙ දීපු ජනතාවට වෙච්ච අසාධාරණයක් මේක. කලබල වෙන්න එපා ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව එනතුරු බලා ඉමු. අනිත් එක මං ජනතාවට කියනවා ස්විට්සර්ලන්තයේමට තිබිච්ච සියලු සම්පත් මං අතෑරල දාලා ඒ පුරවැසිභාවය අයින් කරගත්ත කෙනෙක් හැටියට මම කණගාටු වෙනවා. අද මෙවැනි තත්වයකට මාව ගෙනාවෙ පැරදිච්ච එක්කෙනෙක් මෙතැන්ට එන්න කරන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි. මේ මුකුත්ම නෑනෙ මම ආණ්ඩුවට එකතු වුණානම්. මගේ දේවල් සියල්ල නැති කරගනිමින් විවාහයේත් ප්‍රශ්න ඇති කරගනිමින්. මම ජනතාව වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. ඒක අදත් කරනවා මං හෙටත් කරනවා. මොනදේ නැති වුණත් මං තාම ගීතා කුමාරසිංහ.' http://www.gossiplankanews.com/2017/05/geetha-speaks.html

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html