Skip to main content

සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් නිදහස් වූ අපේ සූපවේදියා


අපි අටදෙනාට පණ පිටින් ලංකාවට ඒමට අවස්ථාවක් ලැබෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ. මට අද විශාල සතුටක් දැනෙනවා බිරිඳ දරුවන් සමග පවුලක් ලෙස එකට එක්ව සිටීම ලැබිම ගැන යැයි සෝමාලියානු කොල්ලකරුවන් පැහැරගත් “අයිරිස්” ඉන්ධන නැවේ සූපවේදී ඒ ෂන්මුගම් (67) මහතා පවසයි.

නැව බේරා ගැනීමෙන් පසු පසුගිය 12දා එම නැවේ කාර්යමණ්ඩලය මෙරටට එද්දී මීගමුවේ පදිංචි ෂන්මුගම් මහතා සිය අත්දැකීම් විස්තර කරමින් මෙසේද පැවැසීය.

කොල්ලකරුවන් අපට නිතරම තුවක්කු එල්ල කරගෙනයි සිටියේ බාත් රූම් එකට යනකොටත් පිටුපස්සෙන් රයිපෆල් එක
අරගෙන එනවා. ඒ ගොල්ලෝ හරියට මෘගයෝ වගේ. ඔවුන් දිහා බලන්ඩ බයයි. මුහුණවල් අපි බලන්නේත් නැහැ. අපි එහාට මෙහාට යන කොට බිම බලාගෙන යන්නේ.

මම චීප් කුක් නිසා මම මගේ  යාළුවෙකුයි ගිහිල්ලා පුළුවන් විදිහට කෑම ටිකක් හදාගෙන කනවා. අපි මේ වගේ හුඟක් දුක් විඳිමින් තමා සිටියේ. අපිට තුවක්කු එල්ල කරගෙන ඉන්න කොට මුකුත් කරන්ඩ බැහැ. අපි විඳපු දුකේ බරපතළකම තේරුම් ගන්න නම් එතන ඉඳලා බලන්න ඕනෑ. 2012න් පස්සේ කොල්ලකරුවන් නැව් කොල්ල කාලා නැහැ. මේක ‍පොඩි නැවක් නිසයි ඇටෑක් කරලා තියෙන්නේ.

එදා සවස 4ට විතර ඇවිල්ලා කිව්වා ‍ෆෝසස් ටික ගියේ නැත්නම්  විනාඩි 10න් 10යට අපි එකින් එකා මරනවා කියලා. එක්කෙනෙක්ව අරන් ගියා මරනවා කියලා. විනාඩි කීපයකින් කෝල් එකක් ආවා ‍ ෆෝසස් වලින් මේ යුද්ධය නවත්වන්න. කිසිම කෙනෙකුට අණතුරක් වුනොත් අයිලන්ඩ් එකම නැති කරනවා කියලා.

ඊට පස්සේ ඒ අය කොල්ලකරුවන් බය වුණා. අපි උඹලට කිසිම දෙයක් කරන්නේ නැහැ කියලා කිව්වා. ‍ෆෝසස් ටික  අයින් කරගන්ඩ කියලා දැනුම් දෙන්න කියලා අපෙන් ඉල්ලීමක් කළා. මේ අය අපිව මරන්ඩ යනවා. එම නිසා ‍ ෆෝසස් ඉවත් කරගන්ඩ කියලා ඊට පස්සේ ‍ ‍ ෆෝසස් ටික අයින් වුණා. නමුත් ‍ ෆෝසස් වල අය ටික දුරක් ගිහිල්ලා බලාගෙන සිටියා.

අපි එක තැනකට වෙලා හොරෙන් බලාගෙන සිටියා කොල්ලකරුවන් මොකද කරන්නේ කියලා. ඔවුන් නැවට නැගලා අපේ සියලු බඩු පටවාගෙන ගියා අඳින ඇඳුම් ටික පමණක් තියලා. අපි හවස 5වන තුරු පත්තර පිටු දාලා හාන්සි වෙලා සිටියා.

කොල්ලකරුවන්ගෙන් එක්කෙනෙක් ඇවිල්ලා කිව්වා. ඔයාලට මෙතනින් පැයකින් යන්ඩ පුළුවන් කියල. අපට පුදුමයක් දැනුණා. හීනයක්ද කියලා හිතුවා. මෙච්චර කරදර කරමින්  ඉඳලා අපට මෙහෙම යන්ඩ දෙනවා කියපුවම අපිට අදහගන්ඩ බැරිව ගියා. ඒ වෙලාවේ ඇති වූ  සන්තෝෂය කියන්ඩ බැහැ. අපි බලන් හිටියා මොකක්ද මේ වෙන්ඩ යන්නේ කියලා. 6.30ටපමණ වන විට බැලුවා එක්කෙනෙක්වත් කොල්ලකරුවෝ පේන්ඩ සිටියේ නැහැ.  එවිට අපේ නැවේ කැප්ටන් කිව්වා නැව අරන් අපි යමු කියලා නැවේ ඇන්කර් එක චීප් ඔපිසර් ඇවිල්ලා ඉස්සුවා. හිතා ගන්ඩත් බැහැ ඔපිසර් එය ඉස්සුවේ කොහොමද කියලා. ඒ වෙලාවේ අපි සෝමාලියානු ‍ෆෝසස්වලට අපි කෝල් කළා. සෝමාලියානු ‍ෆෝසස්වලින් අපට අධිවේගී බෝට්ටු දෙකක් නැවෙන් පිටවීමට එවා තිබුණා. කටුනායක ගුවන්තොටු‍පොළේදී  මගේ බිරිඳවයි දරුවන් දෙන්නව නැවත දැකපුවම මට ඇති වූ සන්තෝෂය කියා නිම කරන්න බැහැ. රජය අපිව බේරගන්ඩ විශාල මෙහෙයක් කළා. ඒ ගැන ස්තූති කළ යුතුයි. අපි හැර කිසිම කණ්ඩායමක් මේ වගේ කොල්ලකරුවන්ගෙන්  කෙටි දිනකින් බේරිලා නැහැ.

රේමන් අ‍පොන්සු - මීගමුව

http://www.gossiplankanews.com/2017/04/man-who-surviwes-somalian-pirates.html

Comments

Popular posts from this blog

ස්විස් විවාහෙ කඩාගෙනයි මං ගාලු ජනතා සේවෙට ආවෙ - තනතුරු අහිමිවීමෙන් පසු ගීතා කියයි

උසාවි තීන්දුව ප්‍රකාරව සිය මන්ත්‍රී ධූරය අහිමිවන බව දැනගැනීෙමන් පසු ගීතා කුමාරසිංහ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාෙව්දී මෙසේ කියා සිටියාය. 'මම උසාවියේ තීන්දුවට හිස නමනවා. අපේ රටේ සියලුම පුරවැසියන්ට තියන අයිතියක්.තමන්ට විරුද්ධව මෙවැනි දෙයක් වුණහම ඊට ඉහළින් තියන උසාවියකට යන එක. ඒ නිසා මම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් ගොනු කරන්න සියල්ල සූදානම් කර තියෙනවා. 65000 ක් මට ඡන්දෙ දීපු ජනතාවට වෙච්ච අසාධාරණයක් මේක. කලබල වෙන්න එපා ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව එනතුරු බලා ඉමු. අනිත් එක මං ජනතාවට කියනවා ස්විට්සර්ලන්තයේමට තිබිච්ච සියලු සම්පත් මං අතෑරල දාලා ඒ පුරවැසිභාවය අයින් කරගත්ත කෙනෙක් හැටියට මම කණගාටු වෙනවා. අද මෙවැනි තත්වයකට මාව ගෙනාවෙ පැරදිච්ච එක්කෙනෙක් මෙතැන්ට එන්න කරන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි. මේ මුකුත්ම නෑනෙ මම ආණ්ඩුවට එකතු වුණානම්. මගේ දේවල් සියල්ල නැති කරගනිමින් විවාහයේත් ප්‍රශ්න ඇති කරගනිමින්. මම ජනතාව වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. ඒක අදත් කරනවා මං හෙටත් කරනවා. මොනදේ නැති වුණත් මං තාම ගීතා කුමාරසිංහ.' http://www.gossiplankanews.com/2017/05/geetha-speaks.html

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html