Skip to main content

මස්කෙළියේදී ප්‍රයිවට් බස් එකට යටවී දෙදරු මවක මියයයි

මස්කෙළිය පොලිස් වසමට අයත් සාමිමලේ ගවරවිල සිංහල විද්‍යාලය
ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේදී පුද්ගලික මගී ප්‍රවාහන බස්රථයකට යටවීමෙන් අද (20) ප.ව. 12.45 ට පමණ කාන්තාවක් මිය ගොස් ඇත.
මස්කෙළිය සිට සාමිමලේ දක්වා ධාවනය කරමින් තිබූ මෙම බස් රථයේ දකුණු පස ඉදිරි රෝදයට හා පසුපස රෝදයට යටවීමෙන් මෙම කාන්තාව එම ස්ථානයේදීම මිය ගොස් ඇත.
බස් රථයට කාන්තාව යටවීමෙන් පසුව බස් රථයේ රියදුරු හා කොන්දොස්තරවරයා පලා ගොස් තිබුණ අතර පසුව මස්කෙළිය පොලීසියට භාර වී ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ, මස්කෙළිය, සාමිමලේ, ස්ට්‍රැත්ස්පී තේ වතුයායේ අවරවත්ත කොටසේ පදිංචිව සිටි එස්.අමිර්තජෝති නැමති හැට දෙහැවිරිදි දෙදරු මවකි.
අනතුර සිදුවීමෙන් පසුව මියගිය අයගේ ඥාතීන් හා  ප්‍රදේශවාසීන්  කළහකාරී ලෙස හැසිරෙමින් මළ සිරුර  රෝහල වෙත ගෙන යාමට බාධා කරනු ලැබුවේ රියදුරු හා කොන්දොස්තරවරයා සිද්ධිය වූ ස්ථානයට ගෙන එන ලෙස පොලීසියට බල කරමිනි. මෙහිදී රැස්ව සිටි පිරිස් විසින්  බස් රථයේ වීදුරු වලට පහර දෙන ලදී.
මෙම අනතුර නිසා මස්කෙළිය-සාමිමලේ ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනය පැය කීපයක් ඇණහිට තිබුණි.
හැටන් පොලිස් අධිකාරී බුද්ධි උඩුගමසූරිය මහතාගේ උපදෙස් මත පොලිස් ආරක්ෂාව යොදා තිබුණි. මස්කෙළිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.

ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)









http://www.gossiplankanews.com/2017/04/accident-maskeliya.html

Comments

Popular posts from this blog

ස්විස් විවාහෙ කඩාගෙනයි මං ගාලු ජනතා සේවෙට ආවෙ - තනතුරු අහිමිවීමෙන් පසු ගීතා කියයි

උසාවි තීන්දුව ප්‍රකාරව සිය මන්ත්‍රී ධූරය අහිමිවන බව දැනගැනීෙමන් පසු ගීතා කුමාරසිංහ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාෙව්දී මෙසේ කියා සිටියාය. 'මම උසාවියේ තීන්දුවට හිස නමනවා. අපේ රටේ සියලුම පුරවැසියන්ට තියන අයිතියක්.තමන්ට විරුද්ධව මෙවැනි දෙයක් වුණහම ඊට ඉහළින් තියන උසාවියකට යන එක. ඒ නිසා මම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් ගොනු කරන්න සියල්ල සූදානම් කර තියෙනවා. 65000 ක් මට ඡන්දෙ දීපු ජනතාවට වෙච්ච අසාධාරණයක් මේක. කලබල වෙන්න එපා ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව එනතුරු බලා ඉමු. අනිත් එක මං ජනතාවට කියනවා ස්විට්සර්ලන්තයේමට තිබිච්ච සියලු සම්පත් මං අතෑරල දාලා ඒ පුරවැසිභාවය අයින් කරගත්ත කෙනෙක් හැටියට මම කණගාටු වෙනවා. අද මෙවැනි තත්වයකට මාව ගෙනාවෙ පැරදිච්ච එක්කෙනෙක් මෙතැන්ට එන්න කරන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි. මේ මුකුත්ම නෑනෙ මම ආණ්ඩුවට එකතු වුණානම්. මගේ දේවල් සියල්ල නැති කරගනිමින් විවාහයේත් ප්‍රශ්න ඇති කරගනිමින්. මම ජනතාව වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. ඒක අදත් කරනවා මං හෙටත් කරනවා. මොනදේ නැති වුණත් මං තාම ගීතා කුමාරසිංහ.' http://www.gossiplankanews.com/2017/05/geetha-speaks.html

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html