Skip to main content

විහාරමහාදේවී උද්‍යානයේදී මාල හොරකම් කළ කොස්තාපල් රිමාන්ඩ්

කොළඹ විහාර මහා දේවි උද්‍යානයට සිය දරුවන් සමඟ පැමිණි සිටි කාන්තාවකගේ රුපියල් 85.000ක් වටිනා ගෙල බැදි රන් මාලය සොරා ගත් බව කියන කුරුදුවත්ත පොලිසියේ පොලිස් කොස්තාපල් මේ මස 27 වන දින දක්වා තවදුරටත් රක්ෂිතබන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා
පසුගියදා නි‍යෝග කළේය.
බන්ධනාගාර අධිකාරිවරයා විසින් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර තිබු අතර සැකකරුට එරෙහිව ඉදිරි දින පැමිණිල්ලක් ගොනු කිරිමට කටයුතු කරන බවට කුරුදුවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
සැකකරු සම්බන්ධයෙන් පෙර වැරදි වාර්තා කැදවා ඇතත්
මේ දක්වා ලැබි නොතිබි හෙයින් ඉදිරි දින පැමිණිල්ල ගොනු කිරිමට කටයුතු කරන බව පැවසු ‍කුරුදුවත්ත පොලිසිය ඔහු මිට පෙර ද මෙවැනි වරදවල් සිදු කර ඇද්ද යන්න පිළිබදිව විමර්ශනයක් පැවැත්විමට අවශ්‍ය බවත් ඒ සදහා අදාල ආයතන මඟින් වාර්තා කැඳවා ඇති බව පැවසිය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ නො.31,ක‍න්දේවත්ත මාවනැල්ල පදිංචි මාරඋල්ලේ රන්හොට්ටිගේ සුනිල් සිරිසේන නැමැත්තාය.
ඉකුත් 06 සිය දරුවන් සමග විහාර මහාදේවි උද්‍යානයට පැමිණි බවත් දරුවන් සෙල්ලම් කරන දිහා බලා සිටියදි සැකකරු පැමිණ සිය කර මාලය කඩා ගිය අතර කැ ගසද්දි අවට පිරිස රොක් වි සැකකරු අල්ලා උද්‍යානයේ මුරපළට බාර දුන් බවට මාළිගිවත්ත ,කොළඹ 10 පදිංචි බියන්විලගේ නිලන්ති පෙරේරා නැමැත්තිය ‍කුරුදුවත්ත පොලිසිය වෙත පැමිණිලි කර ඇත.
සිවිල් බලකා නිලධාරියෙකු වන ජම්බු‍වාගේ පියරත්න මහතා විසින් සැකකරු අල්ලා පොලිස් මුරපළට භාර දි ඇත.
ගෙලබැදි රන්මාලය හා පෙන්ඩනය සොයා ගත්ත ද මාලයේ ගාංචුව සොයා ගත නොහැකි වු බවට පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
අදාළ කරුණු සළකා මහෙස්ත්‍රාත්වරයා සැකකරු තවදුරටත් මේ මස 27 දක්වා රක්ෂිතබන්ධනාගාරගත කළේය.
පොලිස් සැරයන් මෙන්ඩිස් හා මදනායක යන අය සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.

http://www.gossiplankanews.com/2017/04/viharamaha-devi-park-police-theft.html

Comments

Popular posts from this blog

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html

රුපියල ශක්තිමත් වෙයි

අපනයනකරුවන් විසින් ඩොලර් විනිමය විකිණීමත්, ස්වෛරීත්ව බැඳුම්කර සහ සම්මිලිත ණය මුදල් ලැබීමේ අපේක්ෂාවෙන් රුපියල ශක්තිමත්වීමත් දැන් දක්නට ලැබෙනවා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ දිනයේ... Read More http://www.hirunews.lk/sinhala/business/160740