Skip to main content

නඩු 5 ක් ඇති ‘එස්.එෆ්. ලොක්කා’ මැයි 09දා තෙක් රිමාන්ඩ්


කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ වසරකට අධික කාලයක් අඛණ්ඩව රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටි මහාධිකරණයෙන් දැඩි අප කොන්දේසි මත මුදාහැර සිටින අතරතුර මූල්‍ය ආයතනයකට අයත් සුඛෝපභෝගී ජීප් රථයක් පැහැර ගැනීම
සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ්. ලොක්කා මැයි මස 9 වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (27දා) නියෝග කෙළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා එම විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහෙස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සංජීව මහනාම මහතාට තවදුරටත් නියෝග කරනු ලැබීය.
ජීප් රථයක් පැහැර ගැනීම සහ ජීව අත්බෝම්බයක් ළඟ තබා ගැනීම යන චෝදනා මත සැකකාර එස්.එෆ්. ලොක්කා අධිකරණයට ඉදිරිපත් කෙරිණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් බී වාර්තාවක් මඟින් මහාධිකරණයට කරුණු දක්වමින් අනුරාධපුර පොලිසිය සඳහන් කෙළේ මූල්‍ය ආයතනයකට අයත් සුඛෝපභෝගී ජීප් රථයක් පසුගිය 21දා පැහැර ගැනීමේ සිද්ධියකට අදාළව මෙම සැකකරු පොලිසියට අවශ්‍යව සිටි බවයි.

ඔහු අත්අඩංගුට ගැනීමට මෙහෙයුමක් දියත් කළ බවද සඳහන් කළ පොලිසිය දින කිහිපයක් සැඟව සිට වෑන් රථයකින් හොර රහසේ පැන යෑමට තැත් කළ අවස්ථාවේ සැකකරු අනුරාධපුර, දහයියාගම හන්දියේදී අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයාගේ සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීම මත ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් මඟින් අත්අඩංගුවට ගත් බවද කීවේය.

පසුව සැකකරුගෙන් දීර්ඝව කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව පැහැර ගත් බවට සැක කෙරෙන ජීප් රථය මිහින්තලේ කුරුන්දන්කුලම ප්‍රදේශයේ නිවෙසක සඟවා තිබියදී සොයා ගැනීමට පොලිසියට හැකිවූ බවත් එම ජීප් රථයේ වටිනාකම රුපියල් ලක්‍ෂ එකසිය පනහ ඉක්මවනු ඇති බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.
අත්අඩංගුවට පත්වන අවස්ථාවේ සැකකරු සතුව ජීව අත්බෝම්බයක්ද තිබුණ බව අධිකරණයට සැල කළ පොලිසිය මෙම සැකකරු වසන්ත සොයිසා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු බවද කීය. එම අපරාධයට අදාළව මෙම සැකකරු වසරකට අධික කාලයක් අඛණ්ඩව රක්‍ෂිත බන්ධනාගාර ගතව සිට අනුරාධපුර මහාධිකරණය මඟින් දැඩි ඇප කොන්දේසි මත මුදා හැර සිටියදී මෙම ජීප් රථය පැහැර ගෙන ඇති බවද අධිකරණයට කියා සිටි පොලිසිය මේ තුළින් සැකකරු අනුරාධපුර ගරු මහාධිකරණය මඟින් පෙර පනවා ඇති ඇප කොන්දේසි මුළුමනින්ම කඩ කර ඇති බවද කීවේය.

සැකකරුට එරෙහිව තවත් ජීව අත්බෝම්බ සිද්ධියකට අදාළ නඩුවක්ද පුද්ගලයකු කැපීමේ සිද්ධියකට අදාළ නඩුවක්ද පහරදීමේ සිද්ධියකට අදාළ නඩුවක්ද අධිකරණය හමුවේ පවතින බවද පොලිසිය අධිකරණයට සැල කළේය. අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක එච්.එම්. යසරත්න සහ සැරයන් ජයසේකර (1917) යන මහත්වරුන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු කීවේය. සැකකරු වෙනුවෙන් නීතිඥ ඉඳුනිල් හෙට්ටිආරච්චි මහතා පෙනී සිටියේය.

අනුරාධපුර - ආනන්ද කරුණාදාස,
- මහේෂ් විජේසුරිය

http://www.gossiplankanews.com/2017/04/sf-lokka-remand.html

Comments

Popular posts from this blog

රමිත් රඹුක්වැල්ල නටාලි සමග යුග දිවියට

රමිත් රඹුක්වැල්ල නටාලි සමග යුග දිවියට හිටපු ඇමති කෙහෙළිය පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල ඊයේ කොළඹ ගාලු මුවදොර හෝටලයේදී විවාහ ගිවිසුමට පිවිසියා. ඔහු අතගත්තේ ඇමරිකාවේ වාසය කරන ශ්‍රීලාංකික තරුණියකවූ නටාලි ෂෙනලි සමගයි. ඔවුනගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය චාම් අන්දමින් පැවති අතර විවාහය වෙනුවෙන් වෙනම උත්සවයක් ඉදිරියේදී ගන්නා බවද වාර්තා විය. http://www.gossiplankanews.com/2017/05/ramith-rambukwella-wedding.html

මේනකාව බඳින එක මගේ ජීවිතේ හොඳම තීරණයයි - රනිල් කුලසිංහ

රංගනයේදී කාවවත් විශේෂ නැති වුණාට ජීවිතයට නම් විශේෂ කෙනෙක් හොයාගෙනනේ ඉන්නේ? ඔව්. මම මගේ සහකාරිය කරගන්න කෙනාව තෝරා ගත්තා. මේනකාව තමයි මම තෝරා ගත්තේ. යාළුවෙක්ගේ මාර්ගයෙන් තමයි අපි දෙන්නා හඳුනා ගන්නේ. ඊට පස්සේ අපි යාළුවෝ වෙලා කාලයත් එක්ක ඒක ආදරයක් බවට පෙරළුණා. අපි දැන් බොහොම සතුටින් ඉන්නවා. මේ, ජීවිතයේ ගත්ත හොඳම තීරණය කියලා හිතනවද? ඔව්. මම මගේ ජීවිතයේ හොඳම තීරණය අරගෙන තියෙන්නේ. මම මගේ පෞද්ගලික ජීවිතේ තීරණ ගනිද්දී පවුලේ අයත් එකතු කරගන්නවා. මගේ තීරණවලට බලපෑම් කරන්න පුළුවන් මගේ මවුපියන්ට විතරයි. ඉතිං මම ගත්ත තීරණයට එයාලත් කැමති වුණා. රනිල්ගේ හිත මේනකා ළඟම නතර වෙන්න විශේෂ කාරණයකුත් තියෙන්න ඇතිනේ? එක එක කෙනාගේ හිතේ තමන් කැමති කෙනෙක්ගේ රූපයක්, විදිහක් ඇඳිලා තියෙනවානේ. මේනකාව දැක්ක ගමන් මට වෙනසක් දැනුණා. කතා කරන විදිහ, හැසිරෙන විදිහේ වෙනසක් තිබුණා. ඒ වගේම එයා යමක් කළොත් හරිම නීට්. ජීවිතයේදී හරිම සැලසුම් සහගතයි. ඉතිං ඒ වගේ කෙනෙක් ජීවිතයට එකතු කරගත්තොත් ඒක පහසුයි. ඒ වගේම එයා මගේ අම්මටත්, එයාගේ අම්මට වගේම ආදරෙයි. මේ හැමදේම ගොඩක් වටිනවා. මේනකා හොඳ පෙම්වතියක් වුණා වගේම හොඳ බිරියක් වෙයි කියලා හිතනවද? ...

ස්විස් විවාහෙ කඩාගෙනයි මං ගාලු ජනතා සේවෙට ආවෙ - තනතුරු අහිමිවීමෙන් පසු ගීතා කියයි

උසාවි තීන්දුව ප්‍රකාරව සිය මන්ත්‍රී ධූරය අහිමිවන බව දැනගැනීෙමන් පසු ගීතා කුමාරසිංහ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාෙව්දී මෙසේ කියා සිටියාය. 'මම උසාවියේ තීන්දුවට හිස නමනවා. අපේ රටේ සියලුම පුරවැසියන්ට තියන අයිතියක්.තමන්ට විරුද්ධව මෙවැනි දෙයක් වුණහම ඊට ඉහළින් තියන උසාවියකට යන එක. ඒ නිසා මම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් ගොනු කරන්න සියල්ල සූදානම් කර තියෙනවා. 65000 ක් මට ඡන්දෙ දීපු ජනතාවට වෙච්ච අසාධාරණයක් මේක. කලබල වෙන්න එපා ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව එනතුරු බලා ඉමු. අනිත් එක මං ජනතාවට කියනවා ස්විට්සර්ලන්තයේමට තිබිච්ච සියලු සම්පත් මං අතෑරල දාලා ඒ පුරවැසිභාවය අයින් කරගත්ත කෙනෙක් හැටියට මම කණගාටු වෙනවා. අද මෙවැනි තත්වයකට මාව ගෙනාවෙ පැරදිච්ච එක්කෙනෙක් මෙතැන්ට එන්න කරන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි. මේ මුකුත්ම නෑනෙ මම ආණ්ඩුවට එකතු වුණානම්. මගේ දේවල් සියල්ල නැති කරගනිමින් විවාහයේත් ප්‍රශ්න ඇති කරගනිමින්. මම ජනතාව වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. ඒක අදත් කරනවා මං හෙටත් කරනවා. මොනදේ නැති වුණත් මං තාම ගීතා කුමාරසිංහ.' http://www.gossiplankanews.com/2017/05/geetha-speaks.html