Skip to main content

එක වසරේ දරුවන් 4,500කට ඔටිසම්

පාසල්වල පළමුවැනි ශේ්‍රණියට සෑම වර්ෂයකම ඇතුළත් කරන දරුවන් අතරින් 4,500ක පමණ සංඛ්‍යාවක් ඔටිසම් රෝගයෙන්
පෙළෙන බවට ඇස්තමේන්තු කළ හැකි යැයි ළමා මානසික රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍ය හා කොළඹ වෛද්‍ය පීඨයේ ජේ‍යෂ්ඨ කථිකාචාරිනී සුදර්ශි සෙනෙවිරත්න පැවැසුවාය.

ලෝක ඔටිසම් දිනය වෙනුවෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේදී ඊයේ (26දා) පැවැති මාධ්‍ය හමුවේදී ඊට සහභාගි වූ ළමා මානසික රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුද එය අනුමත කළහ.

ඔටිසම් රෝගය යනු දරුවකුගේ මොළය වර්ධනයේ සිදුවන වෙනස්කම් නිසා හටගන්නා රෝගයක්
බවත් වත්මන් ශ්‍රී ලංකාවේ සෑම ළමයින් 93 දෙනකුගෙන්ම එක් අයකුට ඔටිසම් තත්ත්වය ඇතැයි අධ්‍යයනවලින් අනාවරණය වී තිබෙන බව විශේෂඥ මනෝ වෛද්‍ය, ළමා හා යොවුන් මානසික රෝග විශේෂඥ වෛද්‍ය ස්වර්ණ විජේතුංග සඳහන් කළාය.

ලෝක තත්ත්වය අනුව සෑම ළමයින් 110කින් එක අයකුටම ඔටිසම් තත්ත්වය ඇතැයි සොයාගෙන තිබෙන බවත් පිරිමි ළමයින්ට රෝගය වැලඳීමට ඇති හැකියාව තුන් හතර ගුණයකින් වැඩි බවත් සඳහන් කළ විශේෂඥ වෛද්‍යවරිය එම රෝගයේ ප්‍රධාන ලක්ෂණ නම් සමාජ සබඳතා අවම වීම, කථනය ප්‍රමාද වීම, කතා කිරීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ ගැටලු, සංවේදනය පිළිබඳ අඩු වැඩිවීම්, සෙල්ලම් බඩු වෙනස් ආකාරයෙන් භාවිත කිරීම. පරිසරය හඳුනාගැනීමට නොහැකිව ක්‍රියා කිරීම යනාදිය බවත් එවැනි ලක්ෂණ කුඩා කල සිටම දැනගත හැකි බවට පැවැසුවාය.

මේ සඳහා ඔෟෂධ නැති බව සදහන් කළ විශේෂඥ වෛද්‍යවරිය රෝගය හඳුනාගත් පසු කථන පුහුණුව හා බුද්ධිය දියුණු කිරීමේ ප්‍රතිකාර ඉක්මනින්ම ආරම්භ කිරීමෙන් යහපත් ප්‍රතිඵල ලබා ගත හැකි බව අවධාරණය කළාය.
ඔටිසම් රෝගය ඇතුළු ළමා මානසික රෝග සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබා දෙන ළමා මානසික සංවර්ධන මධ්‍යස්ථාන ප්‍රාදේශීය මට්ටමින් ආරම්භ කිරීම මෙවැනි දරුවන් සඳහා විශේෂ අවධානයකින් අධ්‍යාපනයක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ කටයුතු කිරීම මෙන්ම අදාළ සෑම අංශයක්ම ඒකාබද්ධ වැඩපිළිවෙළක නිරත වීම අත්‍යවශ්‍ය බව මෙහිදී අවධාරණය කෙරිණි.

(දයා පෙරේරා)

http://www.gossiplankanews.com/2017/04/4500-otism-in-sri-lanka.html

Comments

Popular posts from this blog

ස්විස් විවාහෙ කඩාගෙනයි මං ගාලු ජනතා සේවෙට ආවෙ - තනතුරු අහිමිවීමෙන් පසු ගීතා කියයි

උසාවි තීන්දුව ප්‍රකාරව සිය මන්ත්‍රී ධූරය අහිමිවන බව දැනගැනීෙමන් පසු ගීතා කුමාරසිංහ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාෙව්දී මෙසේ කියා සිටියාය. 'මම උසාවියේ තීන්දුවට හිස නමනවා. අපේ රටේ සියලුම පුරවැසියන්ට තියන අයිතියක්.තමන්ට විරුද්ධව මෙවැනි දෙයක් වුණහම ඊට ඉහළින් තියන උසාවියකට යන එක. ඒ නිසා මම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් ගොනු කරන්න සියල්ල සූදානම් කර තියෙනවා. 65000 ක් මට ඡන්දෙ දීපු ජනතාවට වෙච්ච අසාධාරණයක් මේක. කලබල වෙන්න එපා ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව එනතුරු බලා ඉමු. අනිත් එක මං ජනතාවට කියනවා ස්විට්සර්ලන්තයේමට තිබිච්ච සියලු සම්පත් මං අතෑරල දාලා ඒ පුරවැසිභාවය අයින් කරගත්ත කෙනෙක් හැටියට මම කණගාටු වෙනවා. අද මෙවැනි තත්වයකට මාව ගෙනාවෙ පැරදිච්ච එක්කෙනෙක් මෙතැන්ට එන්න කරන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි. මේ මුකුත්ම නෑනෙ මම ආණ්ඩුවට එකතු වුණානම්. මගේ දේවල් සියල්ල නැති කරගනිමින් විවාහයේත් ප්‍රශ්න ඇති කරගනිමින්. මම ජනතාව වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. ඒක අදත් කරනවා මං හෙටත් කරනවා. මොනදේ නැති වුණත් මං තාම ගීතා කුමාරසිංහ.' http://www.gossiplankanews.com/2017/05/geetha-speaks.html

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html