Skip to main content

පොළොන්නරුවේ උෂ්ණත්වය 38 නුවරඑළියේ 24 යි විජලනයෙන් පරිස්සම් වන්න


පොළොන්නරුවේ උෂ්ණත්වය 38 නුවරඑළියේ 24 යි
විජලනයෙන් පරිස්සම් වන්න

මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණ තත්වය හේතුවෙන් වෙන කවරදාටවත් වඩා ඉහළ උෂ්ණත්ව අගයන් දිවයිනේ නන්දෙසින් වාර්තා වී තිබේ.ගෙවුනු දශක දෙකක කාලයක සිට රට පුරා පාරිසරික පද්ධති වල ඇති වු වෙනස්කම් දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේදී අධික උණුසුම් තත්ත්වයක්
මතුවන්නට හේතුවී තිබේ.

ඉතිහාසයේ වාර්තාගත ඉහළම උෂ්ණත්වය ඉහළ යෑම පෙරේදා (26දා) පොළොන්නරුවෙන් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම ප්‍රමාණය සෙල්සියස් අංශක 38ක් බවත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය 45 කට අාසන්න මීටත් වඩා වැඩි අගයක් ගන්නා බවත් කියැවිණි.
නුවරඑළියේ සාමාන්‍ය


උෂ්ණත්වය සෙල්සියස් අංශක 13 සිට 17ක් දක්වා අගයක පවතින අතර මේ වන විට නුවරඑළිය තුළ දැඩි උණුසුමක් දැනෙන්නට පටන් ගෙන ඇත. දැන් නුවරඑළිය උෂ්ණත්වය 24 ක්‍ දක්වා ඉහල අගයක් ගෙන තිබේ.
මේ තත්ත්වය තුළ වගා කටයුතු සඳහා බිම් සැකසීමේ යෙදී සිටින ගොවීන් හා පාසල් සිසුන්ද එළිමහනේ රැකියා කරන අය විජලනය ඇතිවීමේ අවදානම නිසා හැකි තරම් ජලය වැඩිපුර පානය කළ යුතු බවත් එළිමහනේ ගැවසීම පෙරවරු 10.00 සිට පස්වරු 4.00 කාලය තුළ අඩු කරන ලෙසත් සෞඛ්‍ය අංශ දන්වා තිබුණි.
මේ සමග පළවන්නේ අද 28 නිකුත්වූ කාලගුණ වාර්තාව අනුව ප්‍රෙද්ශ කිහිපයක උපරිම හා අවම උෂ්ණත්ව අගයන්ය.

http://www.gossiplankanews.com/2017/04/hot-weather-sri-lanka.html

Comments

Popular posts from this blog

ස්විස් විවාහෙ කඩාගෙනයි මං ගාලු ජනතා සේවෙට ආවෙ - තනතුරු අහිමිවීමෙන් පසු ගීතා කියයි

උසාවි තීන්දුව ප්‍රකාරව සිය මන්ත්‍රී ධූරය අහිමිවන බව දැනගැනීෙමන් පසු ගීතා කුමාරසිංහ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාෙව්දී මෙසේ කියා සිටියාය. 'මම උසාවියේ තීන්දුවට හිස නමනවා. අපේ රටේ සියලුම පුරවැසියන්ට තියන අයිතියක්.තමන්ට විරුද්ධව මෙවැනි දෙයක් වුණහම ඊට ඉහළින් තියන උසාවියකට යන එක. ඒ නිසා මම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් ගොනු කරන්න සියල්ල සූදානම් කර තියෙනවා. 65000 ක් මට ඡන්දෙ දීපු ජනතාවට වෙච්ච අසාධාරණයක් මේක. කලබල වෙන්න එපා ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව එනතුරු බලා ඉමු. අනිත් එක මං ජනතාවට කියනවා ස්විට්සර්ලන්තයේමට තිබිච්ච සියලු සම්පත් මං අතෑරල දාලා ඒ පුරවැසිභාවය අයින් කරගත්ත කෙනෙක් හැටියට මම කණගාටු වෙනවා. අද මෙවැනි තත්වයකට මාව ගෙනාවෙ පැරදිච්ච එක්කෙනෙක් මෙතැන්ට එන්න කරන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි. මේ මුකුත්ම නෑනෙ මම ආණ්ඩුවට එකතු වුණානම්. මගේ දේවල් සියල්ල නැති කරගනිමින් විවාහයේත් ප්‍රශ්න ඇති කරගනිමින්. මම ජනතාව වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. ඒක අදත් කරනවා මං හෙටත් කරනවා. මොනදේ නැති වුණත් මං තාම ගීතා කුමාරසිංහ.' http://www.gossiplankanews.com/2017/05/geetha-speaks.html

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html